Dec 30, 2011

Friends With Benefits - "වාසිසහගත යහළුකම"

ඉතින් කට්ටිය කොහොමෙයි? 2011ත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නේ, 2012 කට ගාව, පිස්සු හැදෙනවනේ ඒ ගැන හිතුවම. anyway අද ඔන්න මම මගේ කවිකාර සිත පැත්තක තියල පොඩි රචනාවක් ලියන්න ඕනේ කියල හිතුව. එක අතකින් බැලුවම මිනිස්සු අද කාලේ කවි වලට වඩා රචනාවලට කැමතියි. මොකද කියවන්න තියෙන දේ වැඩිනේ. හොඳයි දැන් බලමු අද මම මොනාගැනද ලියන්නේ කියල.....



Friends With Benefits, 2011 ආපු ප්‍රේමාන්විත/විකට ගණයේ චිත්‍රපටයක්. ප්‍රධාන චරිත රඟපාන්නේ ජනප්‍රිය පොප් ගායක Justin Timberlake සමඟ සුරූපී නිළි Mila Kunis. Timberlakeව නං නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑනේ. නළුවෙක් වෙච්ච ගායකයෙක් වගේම රඟපෑම් ඇඟේ තියන කොල්ලෙක්. Mila ගැන නං වැඩි දෙනෙක් දන්නැතුව ඇති. නමුත් Book Of Eli බලපු අය නං මෙයාව දැකල තියනවා. හරි කොහොමහරි කලින් කිව්වත් වගේ මේක ප්‍රේමාන්විත-විකට චිත්‍රපටියක් නේ. වලි, මරාගැනිලි මුකුත් නැහැ, contains some nudity (like they always do! duh!), ඒ වගේම හොඳට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් ගත්තොත්...

....කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා. කෙල්ල ඉන්නේ NYC, Big Apple එකේ, කොල්ලා ඉන්න ලොස්ඇන්ජලීස්වල. මුන් දෙන්නගෙම තිබ්බ love affairs break up වෙනවා. ඉතින් දෙන්නම හිතාගන්නව true love doesn't exist කියල. (ඕනේ එකෙක් එහෙමනේ ඉතින්. වැඩිය ඕනේ නෑ, මේ මාව උදාහරණෙට ගන්නකො.) ඊට පස්සේ කොල්ලට ජොබ් එකේ ට්‍රාන්සර් එකක් සෙට් වෙනවා NYC එන්න. ඒ එද්දී මිනිහව පිළිගෙන, රටතොට හඳුන්වා දෙන්න බාර වෙන්නේ කෙල්ලට. ඉතින් උන් දෙන්න පළවෙනි දවසෙම බොහොම ෆිට් වෙනවා. ඔහොම ඉතින් යාලුකම ටික දවසක් යද්දී.....


......casual sexual relationship එකකට පරිවර්තනය වෙනවා. ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. තේරෙනවනේ. උන් දෙන්නගෙම තියරිය තමයි "no emotions, just simple humping, grinding, pounding and whatever!". ඒක මුල් දවස් වල නං එළකිරි වගේ වැඩකරනවා. නමුත් ඕනෙම ෆිල්ම් එකක වගේ, මුන් දෙන්නත්, දෙන්නට හොරෙන් එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. එතන ඉඳල ඉතින් තරහ වෙන ඒවා, යාලු නොවී ඉන්න බැරි ඒවා තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. අන්තිමට දෙන්නා තමතමන්ගේ ආදරය එකිනෙකාට confess කරලා serious relationship එකක් පටන් ගන්නවා......

මෙන්න මේ වගේ, සරල ස්ටොරියක් තමා තියෙන්නේ. නමුත් මං මේක ලියන්න හිතුවේ එක දෙයක් පිළිබඳව කතා කරන්න ඕනේ කියල. ඒ තමා friends with benefits කියන දේ. මොකක්ද ඒකෙ තේරුම? සිංහලෙන් ගත්තොත් "උපකාරවත් යහළුකම", එහෙම නැත්තන් "වාසිසහගත යහළුකම" කියල කියන්න පුළුවන්. මේක ඇත්තටම ලංකාවට අලුත් දෙයක්. අපේ සංස්කෘතිය අනුව ඒක සාමාන්‍යයිනේ. නමුත් දැන් දැන් ඒක ලංකාවෙත් ටිකක් trending කියල කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඉහළ පාංතික හා මධ්‍යම-ඉහළ පාංතික තාරුණ්‍ය තුල මේකේ වර්ධනයක් තියෙනවා. FWB බොහොම විට සිදුවෙන්නේ විරුද්ධ ලිංගික මිතුරන් දෙදෙනෙක් හෝ කණ්ඩායමක් අතරේ. දවල් දවසේ ඔවුන් සාමාන්‍ය මිතුරන්, buddies, පිස්සු කෙල කෙල ඇවිදිනවා. රාත්‍රියට බොහෝවිට ක්ලබ් එකකට සෙට් වෙයි, dance කරයි. ඊට පස්සේ රැය පහන් කරන්නේ අබුසැමියන් වගේ. නමුත් ආයෙමත් ඊළඟ දවසේ සාමාන්‍ය මිතුරන්. මේක තමා FWB කියන්නේ සරලවම. ඇත්තටම මේක continue කරන්නනම් අනිවාර්යයෙන්ම එකිනෙකා පිළිබඳව මාර හැගීමක් තියෙන්න ඕනේ. කිසිම විටක තමන්ගේ හැගීම් වලට වහල් වෙන්න නරකයි. එතකොට එක්කෝ එකිනෙකා ආදරයෙන් බැඳෙනවා, එහෙමත් නැත්තන් හිත් කඩාගෙන වෙන් වෙනවා. 


living together කියන දේත් බොහෝවිට තියෙන්නේ මේ හා සමාන දෙයක්. නමුත් එතනදී ඒක යුවළක් අතරේ පමණක් සිදුවන දෙයක්. "විවාහ ගිවිසගැනීමකින් තොරව අබුසැමියන් ලෙස වාසය" තමයි living together එකේ දකින්න තියෙන්නේ. ඒක නං මං හිතන්නේ FWB වලට වඩා ප්‍රචලිතයි, පරණයි. 

හරි ඔන්න එහෙනං අද මම ෆිල්ම් එකකුත් review කළා පළවෙනි වතාවට. ඒක එච්චර අමාරුවක් නෑ බැලුවම, ඒ වගේම මම පිලිගන්නවා මේක "හොඳ" විශ්ලේෂණයක් කියන්න බෑ. වැරදි තියනවා, අඩුපාඩු තියනවා. අනික ෆිල්ම් එකට වඩා මම කතා කලේ FWB ගැනනේ. එහෙනං අදට මම නවතිනවා. ආයෙත් දවසක කවියක්, කතාවක් හෝ මේ වගේ movie review එකක් අරගෙන එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගන්නා මා, Tha-Zyko Shady!

"after all, friendship is, undoubtedly, the most beautiful thing in the world" 


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!