එකෝමත් එක කාලෙක
ඈත ගම්දනව්වක
කටුමැටි ගැසූ මැදුරක
උන්න දරුවෙක් නමින් තාරක
පියා ගොවියෙකි හීං බණ්ඩා
ගෙවිලියකි මව කිව්වෙ මැණිකා
මෙතුන හැර තව ගෙදර උන්නා
සිය වසකි තාරකගෙ සීයා
මඩින් අක්කර දෙකක කුඹුරකි
ගොඩින් එබඳුම තවත් හේනකි
කියන්නට කිසිදුකක් නෑ සකි
තවත් පැටියෙක් උව ගේතහැකි
ඒත් හදිසියෙ ආවෙ හෙනයක්
ලැබුවෙ ගමටම මහා කරුමයක්
කරවුණා හැම මලක් කොළයක්
සුන්දර ගමට ආව නියඟයක්
කුඹුර කරකුට්ටන්
පියා හොඳටම නට්ටන්
වෙන දෙයක් වත් නැත්තන්
ගහමු දැන් අපි වෙල්කරිජ්ජන්
හේන දා අළුදූලි වෙද්දී
තවත් වඩියක් පියා ගද්දී
සීය වැල් ඇඳේ රෝල්වෙද්දී
පුතා තාරක හුල්ලද්දී
කෙට්ටු ඌවත් මැණික නැන්දා
තලෙළුමත් තව දුඹුරු හින්දා
ඇගේ රූපෙට වශීබැන්දා
පහලකුඹුරේ රත්නෙ මාමා
හීං බණ්ඩා බීල බීලා
දිනක් එද්දී රෑ බොවීලා
කැලේ තනියා පාරෙ රැකලා
මැරෙන්නම උගෙ හොඬේන් ගහලා
පහුවදයි ගෙනආවෙ මළකඳ
කොටියෙකුත් හපකරල මුළුඇඟ
වැලපුනා ඇය බදන් තාරක
සුදු ලු ඇන්දේ දවස් හතකට
අනේ අටවෙනිදා
නිදිපැදුරටත් නොකියා
තාරකගෙ අම්මා
ගිහින් රත්නේ එක්ක පැනලා
දුක වැඩිද මන්දා
කතාවක් නෑ සීයා
ඇඳේ වැතිරී උන්නා
මෙන්න නැන්දේ සීය මැරිලා
කල්ගතවුණා මෙලෙසට
තරුණ ගැටයෙකි තාරක
නමුත් තවමත් තනිකඩ
ගෙවති කල් සගයනුත් සමගින
ඉන්න බෑ තව මේ ගමේ
වරෙන් යන්නට පිට ගමේ
වැඩක් කරනට තියෙ මලේ
අපිත් වවමුකො දුම් කොලේ
මෙලෙස බස් වී සමග යහලූ
ගියා දුර මා හිමේ පාලූ
වාඩියක් දඬු වලින් සෑදු
වවයි මල් තාරක සහ යාලූ
තාරක මගේ සකි
පෙර හොඳ ළමයෙකි
දැන් නම් නරියෙකි
No comments:
Post a Comment