Dec 13, 2011

අපගේ කරුමය

අවිදු අඳුර දුරලූ
නිමල පහන වූ
සෝම සමිඳු ඔබ
මේ පින්බිම නැත
වජිරාරාමය වජිරඤාණය
පාලුවට ගොසින්
ඔබ එහි නැති සඳ
කොතෙකුත් හිමිවරු
ඔබේ තැන ගන්නට
උත්සාහ කරතත්
ඔබ නැති රික්තය
පුරවනු කෙලෙසද

නොසිතූ මොහොතක
අප හැර යන්නට
ඔබගේ නොව එය
අපගේ කරුමය
වෙන්වී අපගෙන්
අට වසරක් වන
මේ මොහොතේ ඔබ
සිහිකරමි බැතින්
සිටියානම් අද
කෙතරම් අගනේද
බොදු පුනරුදයේ
නියමුවා ඔබ නේද

සෝම සමිඳුනි ඔබට නිවන් සුව!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!