Dec 27, 2011

බඩුවකට love කලෙමි.......

ආදරය කෙතරම් සොඳුරුදැයි
සිතුණි මට ඇය සමඟ යනවිට
වාසනාවන්තයෙක් විය මා
ඇගේ අත ගෙන පියනගන්නට
නමුදු එය සිහිනයක්ව ඇත දැන්
මගේ නොව එය ඇගේ වරදින්
කුමක් කරමුද නොදන්නෙමි මා
අපේ ස්ටෝරිය මෙහි කියනු මිස

අද වාගේ මට මතකයි අප දෙදෙනා මුණගැසුණා
random add එකක්ය but ඔයා මාව accept කලා
ලස්සන පින්තූර ගොඩක් album වල පිරී ගලා
චැට් එකකට සෙට් වෙනකන් ඇඟිලි ගැනන් මා සිටියා

මගේ ඉහේ මලක් පිපුනි ඔබ දුටු ඒ මුල් දිනයේ
ඒ මල පළ බරවුයේ ඔබ online සිටි දිනයේ
එතැන් පටන් continuous අපි දෙදෙනා චැට් කෙරුවේ
අවසානය මලගෙයක්ව ඉවර නොවේ මා සිතුවේ


අපගේ මිතුදම කෙතරම් ශක්තිමත්ද යැයි කියතොත්
දවස් දෙකක් යන්න කලින් නොම්මර හුවමාරු කරන්
කෙටි පණිවුඩ එක පිට එක වැසි වැටෙනා ලෙස යවමින්
ඔබ මාගේ පෙම්වත් සිත හොරාගත්ත සෙමෙන් සෙමෙන්

වැඩි දවසක් යන්නත් පෙර ඔබගෙන් එන කෙටි පණිවුඩ
රසවත් වී මුසපත් වී ආවේ මට පෙම් පණිවුඩ
එනපොට හොඳ වෙන බව දැනගන්නට මම නෙමෙයි මෝඩ
දිනයක් දාගමුද ඇසුවේ ඒකයි අපි මුණගැහෙන්ඩ

එන්න කිව්වේ කොහේටදැයි කියන්නෙනං නෑ මෙමා
කිව්වොත් එය හොඳ නෑ ඔබහට නැතිවෙයි ජොබ්කට්ටා
නමුත් එදා හොඳ දවසක් කෙසේ කියා නිමකෙරුමා
ඔබ මිහිබට සුරගනක්ද කියා සිතා ගනු කෙලෙසා

tight jean එකට කෙල්ලෙ ඔයා හරිම ලස්සනයි
ඇඳන් හිටපු top එක දුටුවාම උන්ට ඉරිසියයි
මගේ ඇස් ඔබගෙන් ගනු බෑ ඒව තදට ඇලවිලයි
අල්ලල මිරිකන්න තරම් මගේ හදවත හරි විසයි

මගේ ඇඟට තදවීලා හිටිය විදිය මතක් වෙලා
දවස් තුනක් විතර නිකන් මම හිටියේ උණගැනිලා
ආයෙම මුණගැහෙන්න ඔබහට ඕනේ යැයි කියලා
පණිවුඩේ මට ලැබෙද්දී හිටියේ ගහ යට මදුරුතලා

එදත් ඔයා මාර සිරා මගේ කැවුත්ත දැදුරු කලේ
පාරේ යද්දී ඔයා නිකන් Colombo Top Model වගේ
මගෙම වාසනාව සිතා ගන්න බැරුව මා උන්නේ
පොකට් එකට හෙමින් හෙමින් දන්නෙ නැතුව තට්ටු උනේ

සීනි බෝල ටොපි චොක්ලට් අරන් දීල වැඩක් නෑ
Barista එකෙ coffee නැත්තන් ඔයාගේ මූඩ් ගන්න නෑ
පාරේ යද්දී හපන්න රටකජු කඩලත් ඕනේ නෑ
කාර් බාර් නැත්තන් ත්‍රීවීල් නැතුව ගමන බෑ

වැඩි දවසක් යන්න කලින් මට click උන scene එක
මගේ ආර්ථිකේ දැන් තියෙන්නේ හෙණ පතලක
ගොඩ ගන්නට බෑ එය දැන් ඔබගෙන් නෑ sup එක
පොටෝස් වල තිබුන දාල අලුත් එකෙක් කමෙන්ට්ටෙක

ටිකක් හොයා බැලුවම අනේ අසරණ මට තරු පෙනුනේ
මම ඔයාගේ එක නෙවෙ එකොලොස්වෙනියලු මාර හෙනේ
මට පෙර උන් දෙතුන් දෙනෙක් ඉන්නවාලු දැන් හිරේ
අංගොඩ තාප්පෙකෙනුත් ගිය මාසේ එයින් එකෙක් පැන්නේ

කොහොම උනත් වරද ඔබේ නොව ඒ බව මා දනිමි
ඔබට වහ වැටෙන කොල්ලන් අහස පුරා තරු ගනිති
උන්ගෙ සල්ලි කඩාගන්න හිතක් ඔබට කොහොම ඇති
අන්තිමේදී marry කරන්නේ රත්නපුරේ කෝටිපති

Jeans මාරු කරන්නැහේ කොහොම කොල්ලො මාරු කලේ
උන් ගැන පොඩ්ඩක්වත් ඔබහට නැතුවද සෙනෙහෙ කොලේ
හිතේ දුකට නෙවෙයි නගේ ඔබට තියන සොයුරු පෙමේ
කට කැහුවට නොවෙයි දකින සැම නිත‍රම "බඩුව" කිවේ

සැ.යු. : මෙහි එන නම්ගම්, සිද්දි මනඃකල්පිතය. රචකයාගේ අරමුණ වින්දනය සැපයීම මිස කිසිවෙකුට පහර ගැසීම නොවේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!