Jan 1, 2012

Viral Videos - වෙනස් විදිහක වයිරසයක්

හේය් හේය් කෂ්ටිය කොහොමෙයි? අලුත් අවුරුද්දකුත් ලැබුවා නේ? ඔන්න මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනව. එහෙනං ඉතින් වැඩට බහිමු. මේ ලියන්නේ 2011 අවුරුද්දේ පළමු බ්ලොග් පෝස්ට් එකනේ. ඒ නිසා ටිකක් නැගල යන topic එකක් මම අද තෝරගත්ත. සමහරු නං මේ ගැන දන්නවා ඇති. තවත් සමහරු මෙලෝ මලදානයක් දන්නේ නැතුවත් ඇති. කමක් නෑ, අහගෙන ඉන්නකෝ. මම අද කතා කරන්න යන්නේ.....................Viral Videos ගැන!
මොකක්ද අප්පේ ඒ? මට sure ඔහොම කියල ඔලුවේ අතගහගන්න දෙතුන් දෙනෙක් ඉන්නව අනිවා! හරි මම කියල දෙන්නන්කෝ. මොනාද මේ Viral Videos කියන්නේ? Virus වගේ මොකක් හරි එකක්ද? ඇත්තටම ඔව්. ඒක වයිරසයක් වගේ දෙයක් තමයි. නමුත් machine වලට හානිකර දෙයක් නෙමෙයි.


"A viral video is one that becomes popular through the process of internet sharing, typically through video sharing websites, social media and email." - Wikipedia, the free encyclopedia

අන්න එහෙමයි විකිපීඩියා එකේ definition එක තියෙන්නේ. සිංහලෙන් ගත්තොත්, viral වීඩියෝවක් යනු අන්තර්ජාල හුවමාරුවකින් (වීඩියෝ හුවමාරු වෙබ්අඩවි, සමාජ මාධ්‍ය හා ඊමේල් මාර්ගයෙන්) ජනප්‍රියත්වයට පත්වූ වීඩියෝවක්. මේක පැහැදිලිවම music video, advertisements වලින් වෙනස් වෙනවා. එක හේතුවක් තමයි viral videos බොහෝවිට ආධුනිකයන් අතින් ජංගම දුරකථන හෝ වීඩියෝ කැමරා භාවිතයෙන්, අඩු පිරිවැයකින්, හදිස්සියේ, අහඹු ලෙස පටිගත කරපුව. අනිත් හේතුව music videos රුපවාහිනී මාධ්‍යයෙන් ජනප්‍රිය වෙද්දී, viral videos solely depends on the internet. 
ඉතිහාසය අරගත්තොත් මෙවැනි වීඩියෝ, youtube වැනි site එන්න කලින් ඉඳලම තිබුන. "Dancing Baby" කියන 3D Animation clip එක බොහෝදෙනෙක් හඳුන්වනවා මුල්ම යුගයේ viral video එකක් විදිහට.


ඊට‍ පස්සේ කාලේදී youtube කියන වීඩියෝ හුවමාරු වෙබ්අඩවිය පැමිණීමත් සමඟ viral videos වල වර්ධනයක් ඇතිවුණා වගේම රැල්ලක් ඇතිවුණා මේ වීඩියෝ පිළිබඳව. හුගක් අය මේ වගේ වීඩියෝ හදන්න, තමන් ළඟ තියෙන ඒව share කරන්න පෙළඹුනා.
මම කලින් කිව්වනේ මේ වීඩියෝ ආධුනිකයන් විසින් පටිගත කරන ඒව කියල. බොහෝවිට මේවල අන්තර්ගතය එක්කෝ විකට සිදුවීමක්. එහෙමත් නැත්තම් නොසිතු ලෙස සිදුවන අනතුරක්. විකට සිදුවීමකට හොඳ උදාහරණයක් තමයි Star Wars Kid කියන වීඩියෝ එක. එකේ තියෙන්නේ පාසල් සිසුවෙක් ගොල්ෆ් පිත්තකින්, star wars චිත්‍රපටියේ ඇති lightsaber moves අනුකරණය කිරීමක්.


මේ වීඩියෝව නිසා ඇත්තටම මේකේ සිටින සිසුවාට cyberbullying වලට ලක්වෙන්න සිදුවුණා. ඒ වගේම ඔහුගේ පවුලේ අය නඩුමගට පවා පිවිසුණා මේක අන්තර්ජාලයේ ජනප්‍රියවුනාට පස්සේ.
නොසිතු ලෙස, අහඹු ලෙස කැමරාවේ සටහන් උන, පසුව අතිජනප්‍රියත්වයට පත්වුනු වීඩියෝවකට හොඳම උදාහරණයක් කියන්න පුළුවන් Battle at Kruger කියන වීඩියෝව. දකුණු අප්‍රිකාවේ සෆාරි චාරිකාවක් අතරේදී වාසනාවකට වගේ හසු වෙච්ච මේ වීඩියෝවේ තියෙන්නේ මීහරක්‌ රංචුවක්, සිංහයන් රංචුවකින් තමන්ගේ නැති උන මීහරක්‌ පැටවා බේරාගැනීමට දරන උත්සාහය.


මේකෙ ජනප්‍රියත්වය කොච්චරද කියනවනං අද වෙද්දී මිලියන 68ක් මේ වීඩියෝව නරඹල තියෙනවා youtube එකෙන්. ඒ වගේම සම්මානයට පවා පාත්‍රවෙලා තියෙනවා.
viral video ජනප්‍රිය වෙද්දීම ඇතිවුන තවත් රැල්ලක් තමයි youtube celebrities කියන්නේ. බොහෝවිට එක් වීඩියෝවක සිටි අයෙක්, හෝ සමහර අවස්ථාවල සත්තු පවා, ඒ වීඩියෝව ජනප්‍රිය උනාට පස්සේ තමන්ගේ channel  ආරම්භ කරලා ලෝකය පුරා ප්‍රසිද්දියට පත්වෙනවා.


මේ වීඩියෝ එකේ ඉන්නේ ඒ වගේ ජනප්‍රිය උන කෙනෙක්. වයස අවුරුදු 80යි. දැනට ලෝකෙ වැඩිම youtube subscribersල ඉන්න අයගෙන් එක්කෙනෙක්.
ඒ වගේම තවත් අය ඉන්නව youtube celebs වෙච්ච, viral videos පිළිබඳව commentary videos කරන කෙනෙක් තමයි Ray William Johnson. Rayගෙ චැනල් එක තමයි ලෝකෙ වැඩිම subscribers ඉන්න youtube channel එක. මිලියන 5කට වැඩි subscribersල වගේම, ඔහුගේ වීඩියෝස් බිලියන 1.4කට වඩා වාර ගණනක් නරඹල තියෙනවා. පිස්සු හැදෙනවා ඒ ගැන හිතුවම.


හොඳයි, දැන් මම මේ කතාකරපු සේරම ඇමෙරිකාව පසුබිම් කරගත් සිද්දි නේ. ලංකාවේ තත්වෙ මොකක්ද? අපේ මිනිස්සු Viral Videos ගැන තියා youtube ගැනවත් හරියට දන්නවද? ලංකාවේ හුගක් අය youtube භාවිතා කරන්නේ එක්කෝ music video එකක් බාගන්න. නැත්තන් කාර් මොකක් හරි මගුලක්. එහෙමත් නැත්තන් porn තියේද කියල බලන්න. ලංකාවෙන් ඇත්තටම youtube එකට දායකත්වයක් නැති තරම්. හොඳ වීඩියෝ තියනවා අතරින් පතර වෙනස් විදියට හිතපු අය හදපු. ඒ වගේම පොඩි නැබුරුවක් තියනවා viral videos පැත්තටත්. මේ ඒ වගේ මම දැකපු හොඳ fun srilankan viral video එකක්.


(ඇත්තටම වීඩියෝ එකේ කෙල්ල නං සුපිරි. මල් හතයි!)

හොඳයි එහෙනං අදට මෙතනින් නවත්තන්නයි මම හදන්නේ. ආයෙත් දවසක එනකන් මේ viral videos ටිකත් බලන්නකෝ





No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!