Aug 21, 2018

මල් පිපියන් නුබේ විජිතයේ

පිපුණ මදහස මුවඟේ
සඟවාගෙන කඳුළ රහසේ
වෙන්නම් පතිනිය ඔහුගේ
දෙමාපියනට රිසි සේ

සිහින පාවේලා සුළඟේ
කොහි ගියාදැයි ඇසුවේ
පතිනිය වෙන නිසා ඔහුගේ
හැර ගියා නුඹ රහසේ

නෙතග කඳුලැළි ඉනුවේ
ඇස් පියන් මත රැදුනේ
අවසර නැත හඬන්නට
ලොවට පෙනෙන්නට සිනාසේ

හදවතට දැනෙනා හැඟුමේ
අසරණයි මුව තුළ ගුලිවේ
ඔහුගේ වුනිද මා මෙලෙසේ
රකිමි ආදරයක් පණසේ
                                   
පියඹා යන කාලයේ
හමු වේවිද නොසිතු සේ
දුටුවොතින් ඔබ, මා ඉදිරියේ
මඟ හරින්නෙමි නොදුටු සේ

පතනෙමි අවසන මෙලෙසේ
මල් පිපියන් නුබේ විජිතයේ
හමුවෙමු දවසක නිදහසේ
මරණින් මතු ලෝකයේ

ලියන්න පටන් ගත්ත blogs ගොඩාක් අතරමඟ නැවැතිලා තියෙද්දි වචන ඇමිණෙන්නේ කවි පද වලට විතරමයි.නිකමට හිතුණාආදරය කරන යුවතියක් තම ආදරයෙන් ඈත්වෙලා මවුපියන්ගේ  බසට අවනත වෙනවිට ඇයට දැනෙන හැඟීම අකුරු කරන්න.අත්දැකීමක් නැතත් මම දන්නවා මෙවැනි අවස්ථාවන් බොහෝමයක් සමාජය තුළ අහන්නට දකින්නට තියෙනවා කියලා.අවස්ථාව කොහොම කොයි විදියට සිදු වුනත් හැම බැඳිමක වේදනාවක් තියෙනවාමයි.

                                                                                                   "පැන්ඩිට හිතුන දෙයක්නෙහ්"



Aug 14, 2018

කාබන් කොපිය

"ඔයා ලස්සන නෑ අම්මා තරම්"
හැමෝම කියනවා මා දුටු ගමන්ම
ඇය එක්ක,
එක මඟ යන බෝහො දවස්වල

මාද දනිමි එය, ඔබ නෙලා ගත්
සුන්දරම මල ඇය බව
ඔබත් උන්නානම් අප ළඟ
බලා ගන්නට තිබුණි මට
ආඩ්ම්බරකමට දිලිසෙන ඔබේ
ඔය ලොකු නෙත් දෙක

හිත රිදෙන්නේ නම් නෑ කිසි දින
මා දුටු සුන්දරතම ගැහැනිය ඇය
දිළිසෙයි මගේ විසල් නෙත් යුගද
ඇය මගේ එකම වත්කම

"අයියාමයි නේද අක්කේ"
"තාත්තාමයි නේද"
දෙවනුව ඔවුන්ගෙන් පිටවන වචන
මට හොඳට හුරු පුරුදුය
ඇතිය මට,
මා ඔබේ කාබන් කොපිය බව
කියනුයේ ඒ හැමදෙනම

සමහරක් අසති කියති
හිත රිදවා ගන්නට එපාලු මට
මා ඇය තරම් ලස්සන නොවුන බව කීවාට
පිළිතුරු දෙන්නේ මා නොව, ඈය
"එයාට දුකක් නෑ, මන් වගේ නොකීවාට"

නොදැකපු කෙනෙක් ඔබේ රුව
“අම්මා වගේමයිකිව්වාම
කොඳුරයි මා, ඇගේ කණට
"තාත්තා වගේ කියන්නකෝ"
ඉතින් දනමි,
මා දුක් නොවන බව
ඇය වගේ රුවැතියි නොකිව්වාට

තුති තාත්තා ඔබට
වතින් විතරක් නොව
හදවතින් සුන්දර
ඇයව තෝරා ගත්තාට
ඔබේ ප්‍රිය බිරිඳ ලෙසට
ඇය මගේ මවුන් වුනි
පෙර කළ ලොකු පිනකට

කුසට දිනයේ සිට
මා සුරැකි අපූරුව
අත්තම්මා පවසනවිට
සිතුනි මට
මිහිපිට දෙවඟනක් දෝ ඇය

රණ්ඩු කරති විටෙක ඇය
මා ආදරේ වැඩිපුර ඔබට කියා
කියමි මම කෑගසා
“තාත්තා අංක එකයකියා
නොකීවත් ඇහෙන්නට
ආදරෙයි අම්මා මම
අමතක කරන්න එපා මෙය
මම තාත්තාගේ කාබන් කොපිය වග


                                                                                                   "පැන්ඩිගේ ජීවිතේ තවත් කතාවක් ඔන්න"




Mar 22, 2018

Cake රණ්ඩුව (නපුරු සරල උද්දච්චයා - Part 2)



ලොකු ඇස් දෙකක් තියෙන
හා කණ් දෙකක් තියෙන
Cake පෙරේතයෙක් සිටියනෙ
මට මුණගැසුණ

  ගමේ එනවලු අවුරුද්දට ඔන්න
මාත් යන්න ඉන්නේ  බලන්න
කැවිලි නොකන නිසාවෙන්ම
Cake තියන්න කිව්වා කන්න

ගත් කටටම කිව්වා මෙන්න 
Cake නැති වෙයිලු තියන්න
ඒ ඇයිදැයි මන් ඇසුවම
එයා සේරම කනවලු  ඔන්න

මගේ කොටස ඉල්ලලා
වද දි දි අහනකොට
Cake එයාගේ කියලා
බෑලු මට දෙන්නට 

තරහ ඇවිදින් මට
රණ්ඩු කෙරුවෙමි හොඳට
මටත් ඇතිවී හොඳටම
එපා කීවෙමි cake පංගුවම

හිතේ තියෙන දුකටම මම
ලෝභයා කිව්වා මූණටම
ඒ ඇයි කියලා අහනකොටම
කියා දුන්නෙමි cake කතාවම

තරහින් මූණ පුම්බාගත් විට
පොඩි සතුටක් ආවා හිතට
තව ටිකක් තරහ ගස්සන්නට
ලෝභයා කිව්වා තවත් වැඩි කොට

අහුවෙයිනේ නුදුරේදීම මට
Cake එපා කරවමි එදාට
හිතා ගෙන ඇති ලේසියට
Return එක දෙමි ඇඬෙන්නට


  
**Cake ලෝභයා වෙන කවුරුවත් නෙමෙයි ඉතින්.නපුරු සරල උද්දච්චයාම තමයි.මට cake දෙන්නේ නෑ කිව්වට නපුරා ඉතින් ලෝභයෙක්ම නෙවෙයිලු.හොඳ යාලුවෝ කොහොමත් පොඩි පොඩි රණ්ඩු කරගන්නවනේ.නැත්නම් කිසිම ගතියකුත් නෑ.return එක දුන්නම නපුරා face කරන්නේ කොහොමද කියලා part 3 එකෙන් අරගෙන එන්නම්.**

                                                                                                                                                    **ලිව්වෙ පැන්ඩි**

Mar 20, 2018

මුහුණු පොත

මුහුණු පොතේ අපූරු පින්තූරයකි
ඔහු අපූරුවට හැඩට ඉන්න
තවමත් ඔහු මගේ මිතුරෙකි
මකා දැමීමට නොහැකි වුන

තිබුණි අපූරූ ආදරයක් 
නිමා නොම වේයැයි සිතුන
ගෙවී ගිය ඉක්මනක්
ඔහු ඇගේ අතගෙන

අතීතයට ගොස් ආවෙමි හනිකට
කුමටද සිතා ඵලක් නැති අතීතය

දුටුවෙමි comment එකක්
මා දන්නා ඔහුත් දන්නා හිතවතියක් කොටා තිබුණ
සිනහවක් මුවට ආවද 
අදහසක් නොමැත මට
හිස් හැගිමකී මගේ නෙතට

දුටිමි පණිවිඩයක් මා 
පෙර කියු හිතවතිය එවා තිබුණ
"දෙමුද බයිට් එකක් 
අර කෙල්ලට ඇඬෙන්න"

පිළිතුරක් යවන්නවත් නොසිතුනි මට
ඇගේ කඳුළින් මට ලැබෙනා දෙය කිම
උවමනාවුනි නම් ඇය අඬවන්නට
කරන්නට තිබුණි මට,ඔහු ඇය වෙත ගිය දවසෙම

මටත් අතීතයකී..
ඇය නිසාම 
නෙත කඳුළින් පිරැන
කඳුළු මට බර වැඩි වුණි
නෙතහි දරා ගන්නට

උවමනා නැත මට 
තව හිතක් රිදවන්නට
මාද යුවතියකි 
රිදුන සිතකට උරුමකම් ලැබූව



******* පැන්ඩිගේ සිතුවිලි ගෙත්තමක් *******












Mar 12, 2018

නපුරු සරල උද්දච්චයා

මා සිතනා පරිදි ඔහු නම් මහ උද්දච්ච්යෙකි.පුන්චි කාලයේ ඔහු ගැන මට මතක තිබුනත් ඔහුට නම් මා මතකම නැත.පුන්චි කාලේ දේවල් මතක් කරද්දි " ඔයාවත් මතක නැති එකේ " කියලා ආපහු මතක් කරද්දි නම් හිල් වෙන්න ටොක්කක් අනින්න නොහිතුනාම නොවේ."හරි ඉතින් ඕක නිතරම කියන්න ඕන නෑ, එක පාරක් කිව්වම මට මතකයි" කියලා මා කිව්වද සිතින් නම් බනින්න අමතක නොකරමි.

අපි බොහෝ දේ කතා කරනා මිතුරන්ය.ඇත්තටම කතා කරපු දේවල් එකතු කරොත් ගන්න කියා වැදගත් එකම දෙයක්වත් නැත.වැඩිපුර කතා කරන්නේ මාය.මටද ඕනැති ඉටිපන්දමක් නැත.හිතෙන හිතෙන ඔක්කොම දේවල් අහනවනේ.ඕන විදියකට ප්‍රශ්න අහන්න පුලුවනි.නෑ බෑ නොකියා උත්තර ලැබුනද මට හේතු අහන්න බැරිය.මූ නම් පුදුම ගල් ඉබ්බෙකි.හේතුව කිව්වොත් කටේ දත් ටික ගෙවෙනවද?ඉතින් මා හේතු නොඅසා ඉන්න පුරුදු වුනෙමි. සමහර වෙලාවට උත්තරයක් ගන්න හරිම අමාරුය."මට බෑ, මන් දන්නේ නෑ", ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියය.රටෙත් නැති සියලුම සත්තුන්ගේ නම් ටික මතක් වෙන්නේ ඒ වෙලාවටය. 

පුන්චි ළමයින්ට කැමැතිම නැත.ඒ ගැන කතා කරන්නත් බැරිය.වැරැදිලා හරි කතා කරොත් ඒ නපුරා ගාව හැංගිලා ඉන්න මළ යකා අවදිවෙන්න වැඩි වෙලාවක් යන්නේද නැත.පුන්චි ළමයින්ට අකැමති, මට මුණගැගුනු පළමු මැට්ටා, මේ බූරුස්ය.එයට හේතුවනම් මන් දිනකදි අසා දැන ගත්තෙමි.ඒත් එය පිලිගන්නට මගේ හිත නොදෙන නිසා මම මෙහි නොලියන්නට සිතුවෙමි. 
ඇත්තටම ඔහු වෙනස්ය.කොටින්ම කිව්වොත් සරලය.හැබැයි ලොකුකමේ අඩුවකුත් නැත.අපි හිතනවාට වඩා වෙනස් දෙයක් අනිවාර්යයෙන්ම ඔහු කියන එක දැන් මට හොඳටම හුරුය."මේක නම් මහ ඇම්ඩෙක්" එසේ මට සිතුන වාර අනන්තය.

ඔහුගේ මන් කැමතිම දේ දෑසය.එක් ඇහිබැමක් උඩට කරනා ඒ ක්‍රියාවට මන් පුදුම තරම් කැමැතිය.මාද ඒසේ කරන්නට උත්සහ කරත් මොන විකාරයක්ද කියා නවතා දැමුවේ මටම ඇතිවූ නිසාවෙනි.එය ඔහුට පුන්චි කාලයේ සිටම පුරුදුවූවක් බව මා පසුව දැන ගත්තෙමි.

මා දන්නා තවත් දෙයකි.කැතයි කියනවාට කැම
ති නැත.පුන්චි කාලේ ලස්සනයි දැනට වඩා කිව්වොතින් ඇයි දැන් අවුල මොකද්ද කියා අනිවාර්යයෙන්ම අසන එක නොඅනුමානය.කිසිසේත්ම නොපිළිගන්නා ඇත්ත නම් ඔහුට හා කන් දෙකක් තියෙන බවය."හා කනා" කියා මගේ යහලුවන් ඔහුව හදුන්වනවා කියා මෙහි මා ලියන තුරු ඔහු නොදත් කරුණකි.

"මන් දුකින්" කියා කිවු සැණින් දුකට හේතු අසයි."මොකද වුනේ".ඉතින් මා වුන සිද්ධින් සියල්ලම කියනකොට අහගෙන සිටියද මට ලැබෙන පිළිතුර බොහො විට "හ්ම්ම්, Okay" යන්න විතරමය.එය අවස්ථා දෙක තුනකදීම සිදුවුණි."අපරාදේ කිව්වේ කියා" ඔහුට බැන වැදුණද මටම හිනා එන අවස්ථා නැතුවාම නොවේ.

මා දකින විදියට මේකා වස නපුරෙකි.තවම මට බැන හෝ තරහ වී නොමැති උවද ඔහු මකරෙකු බව මගේ හිත නිතරම අනතුරු අගවයි.මගේ බෝඩිමේ පිස්සො ටිකට නම් ඔහු sweet ය.cute ය."පොඩි එකෙක් වගේ,හිනා නොවී හිටියත් ඇතුළෙන් හිනා වෙලාලු ඉන්නේ".ඒකී මෙකී නොකී නිර්වචන ගොඩකී.
පුන්චි කාලයේ කුණු ගැවෙනවා කියලා පෙර පාසලේ සෙල්ලම් නොකරද ඔහුගේත් මගේත් ළමා කාලය ගෙවුන අප පාසලේ ඔහු දගයෙකි.බෝහෝ දේවල් මගේ මතකයේ නොතිබුණද මිතුරන් පවසන දේ අනුව ඔහු චන්ඩියෙකි.දක්ෂෙයෙකි.සැබවින්ම ඒ මතකයන් අපුරූය.ඒ මතකයන් නිසාම නැවත මුණගැසීමට ලැබීමද සතුටකි.(චුට්ටක් emotional වුනාද මන්දා)
ලියන්න මා කාලයක පටන් කරන දෙයකි.ඒත් ඒ ගැන කතා කරන්න මට හමුවුන එකම මිතුරා ඔහුය.

ඉතින් ඔහු ගැන දන්න දැනෙන දේවල් කිහිපයක් මා අකුරු කෙරෙමි.ජීවිතය හිතාගන්නත් බැරි විදියට වෙනස් වන බව අපි ඔබ කවුරුත් දන්නා දෙයක්.ඉතින් මේ නපුරු සරල ආඩම්බකාරයාගේ අපුරු සිද්ධින් තව මට මුණගැහුනොත් part 2 අරගෙන එනවමයි.

**නපුරු සරල උද්දච්චයා ගැන ලිව්වේ ඔයාලගේ shady නම් නෙමෙයි ඉතින්.ශේඩියගේ තිප්පොලෙන් මාත් එනවා මට දැනෙන දේවල් මට ඕන විදියට ලියන්න.මන් පැන්ඩි.ස්කොලේ යාලුවෝ මට කිව්වේ එහෙමලු ඉතින්.දැනුත් ඉතින් ගොඩාක් වෙලවට කියන්නේ එහෙම තමා.ලියන එක මන් ගොඩාක් කල් ඉදන් කරන දෙයක්.ඒත් ඒ දේවල් මටම සීමා වුනා.ඇත්තටම මට ඒ ගැන කතා කරන්න යාලුවෙක්වත් මුණගැහුනේ නෑ shady මුණගැසෙනකන්ම.ඉතින් shadyට කන් දෙක පිරෙන්න thank you කියනගමන් මට අවස්තාවක් දුන්නට,ඔයාලාටත් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා.ස්තුතියි.**
Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!