Aug 21, 2018

මල් පිපියන් නුබේ විජිතයේ

පිපුණ මදහස මුවඟේ
සඟවාගෙන කඳුළ රහසේ
වෙන්නම් පතිනිය ඔහුගේ
දෙමාපියනට රිසි සේ

සිහින පාවේලා සුළඟේ
කොහි ගියාදැයි ඇසුවේ
පතිනිය වෙන නිසා ඔහුගේ
හැර ගියා නුඹ රහසේ

නෙතග කඳුලැළි ඉනුවේ
ඇස් පියන් මත රැදුනේ
අවසර නැත හඬන්නට
ලොවට පෙනෙන්නට සිනාසේ

හදවතට දැනෙනා හැඟුමේ
අසරණයි මුව තුළ ගුලිවේ
ඔහුගේ වුනිද මා මෙලෙසේ
රකිමි ආදරයක් පණසේ
                                   
පියඹා යන කාලයේ
හමු වේවිද නොසිතු සේ
දුටුවොතින් ඔබ, මා ඉදිරියේ
මඟ හරින්නෙමි නොදුටු සේ

පතනෙමි අවසන මෙලෙසේ
මල් පිපියන් නුබේ විජිතයේ
හමුවෙමු දවසක නිදහසේ
මරණින් මතු ලෝකයේ

ලියන්න පටන් ගත්ත blogs ගොඩාක් අතරමඟ නැවැතිලා තියෙද්දි වචන ඇමිණෙන්නේ කවි පද වලට විතරමයි.නිකමට හිතුණාආදරය කරන යුවතියක් තම ආදරයෙන් ඈත්වෙලා මවුපියන්ගේ  බසට අවනත වෙනවිට ඇයට දැනෙන හැඟීම අකුරු කරන්න.අත්දැකීමක් නැතත් මම දන්නවා මෙවැනි අවස්ථාවන් බොහෝමයක් සමාජය තුළ අහන්නට දකින්නට තියෙනවා කියලා.අවස්ථාව කොහොම කොයි විදියට සිදු වුනත් හැම බැඳිමක වේදනාවක් තියෙනවාමයි.

                                                                                                   "පැන්ඩිට හිතුන දෙයක්නෙහ්"



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...