Mar 22, 2018

Cake රණ්ඩුව (නපුරු සරල උද්දච්චයා - Part 2)



ලොකු ඇස් දෙකක් තියෙන
හා කණ් දෙකක් තියෙන
Cake පෙරේතයෙක් සිටියනෙ
මට මුණගැසුණ

  ගමේ එනවලු අවුරුද්දට ඔන්න
මාත් යන්න ඉන්නේ  බලන්න
කැවිලි නොකන නිසාවෙන්ම
Cake තියන්න කිව්වා කන්න

ගත් කටටම කිව්වා මෙන්න 
Cake නැති වෙයිලු තියන්න
ඒ ඇයිදැයි මන් ඇසුවම
එයා සේරම කනවලු  ඔන්න

මගේ කොටස ඉල්ලලා
වද දි දි අහනකොට
Cake එයාගේ කියලා
බෑලු මට දෙන්නට 

තරහ ඇවිදින් මට
රණ්ඩු කෙරුවෙමි හොඳට
මටත් ඇතිවී හොඳටම
එපා කීවෙමි cake පංගුවම

හිතේ තියෙන දුකටම මම
ලෝභයා කිව්වා මූණටම
ඒ ඇයි කියලා අහනකොටම
කියා දුන්නෙමි cake කතාවම

තරහින් මූණ පුම්බාගත් විට
පොඩි සතුටක් ආවා හිතට
තව ටිකක් තරහ ගස්සන්නට
ලෝභයා කිව්වා තවත් වැඩි කොට

අහුවෙයිනේ නුදුරේදීම මට
Cake එපා කරවමි එදාට
හිතා ගෙන ඇති ලේසියට
Return එක දෙමි ඇඬෙන්නට


  
**Cake ලෝභයා වෙන කවුරුවත් නෙමෙයි ඉතින්.නපුරු සරල උද්දච්චයාම තමයි.මට cake දෙන්නේ නෑ කිව්වට නපුරා ඉතින් ලෝභයෙක්ම නෙවෙයිලු.හොඳ යාලුවෝ කොහොමත් පොඩි පොඩි රණ්ඩු කරගන්නවනේ.නැත්නම් කිසිම ගතියකුත් නෑ.return එක දුන්නම නපුරා face කරන්නේ කොහොමද කියලා part 3 එකෙන් අරගෙන එන්නම්.**

                                                                                                                                                    **ලිව්වෙ පැන්ඩි**

Mar 20, 2018

මුහුණු පොත

මුහුණු පොතේ අපූරු පින්තූරයකි
ඔහු අපූරුවට හැඩට ඉන්න
තවමත් ඔහු මගේ මිතුරෙකි
මකා දැමීමට නොහැකි වුන

තිබුණි අපූරූ ආදරයක් 
නිමා නොම වේයැයි සිතුන
ගෙවී ගිය ඉක්මනක්
ඔහු ඇගේ අතගෙන

අතීතයට ගොස් ආවෙමි හනිකට
කුමටද සිතා ඵලක් නැති අතීතය

දුටුවෙමි comment එකක්
මා දන්නා ඔහුත් දන්නා හිතවතියක් කොටා තිබුණ
සිනහවක් මුවට ආවද 
අදහසක් නොමැත මට
හිස් හැගිමකී මගේ නෙතට

දුටිමි පණිවිඩයක් මා 
පෙර කියු හිතවතිය එවා තිබුණ
"දෙමුද බයිට් එකක් 
අර කෙල්ලට ඇඬෙන්න"

පිළිතුරක් යවන්නවත් නොසිතුනි මට
ඇගේ කඳුළින් මට ලැබෙනා දෙය කිම
උවමනාවුනි නම් ඇය අඬවන්නට
කරන්නට තිබුණි මට,ඔහු ඇය වෙත ගිය දවසෙම

මටත් අතීතයකී..
ඇය නිසාම 
නෙත කඳුළින් පිරැන
කඳුළු මට බර වැඩි වුණි
නෙතහි දරා ගන්නට

උවමනා නැත මට 
තව හිතක් රිදවන්නට
මාද යුවතියකි 
රිදුන සිතකට උරුමකම් ලැබූව



******* පැන්ඩිගේ සිතුවිලි ගෙත්තමක් *******












Mar 12, 2018

නපුරු සරල උද්දච්චයා

මා සිතනා පරිදි ඔහු නම් මහ උද්දච්ච්යෙකි.පුන්චි කාලයේ ඔහු ගැන මට මතක තිබුනත් ඔහුට නම් මා මතකම නැත.පුන්චි කාලේ දේවල් මතක් කරද්දි " ඔයාවත් මතක නැති එකේ " කියලා ආපහු මතක් කරද්දි නම් හිල් වෙන්න ටොක්කක් අනින්න නොහිතුනාම නොවේ."හරි ඉතින් ඕක නිතරම කියන්න ඕන නෑ, එක පාරක් කිව්වම මට මතකයි" කියලා මා කිව්වද සිතින් නම් බනින්න අමතක නොකරමි.

අපි බොහෝ දේ කතා කරනා මිතුරන්ය.ඇත්තටම කතා කරපු දේවල් එකතු කරොත් ගන්න කියා වැදගත් එකම දෙයක්වත් නැත.වැඩිපුර කතා කරන්නේ මාය.මටද ඕනැති ඉටිපන්දමක් නැත.හිතෙන හිතෙන ඔක්කොම දේවල් අහනවනේ.ඕන විදියකට ප්‍රශ්න අහන්න පුලුවනි.නෑ බෑ නොකියා උත්තර ලැබුනද මට හේතු අහන්න බැරිය.මූ නම් පුදුම ගල් ඉබ්බෙකි.හේතුව කිව්වොත් කටේ දත් ටික ගෙවෙනවද?ඉතින් මා හේතු නොඅසා ඉන්න පුරුදු වුනෙමි. සමහර වෙලාවට උත්තරයක් ගන්න හරිම අමාරුය."මට බෑ, මන් දන්නේ නෑ", ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියය.රටෙත් නැති සියලුම සත්තුන්ගේ නම් ටික මතක් වෙන්නේ ඒ වෙලාවටය. 

පුන්චි ළමයින්ට කැමැතිම නැත.ඒ ගැන කතා කරන්නත් බැරිය.වැරැදිලා හරි කතා කරොත් ඒ නපුරා ගාව හැංගිලා ඉන්න මළ යකා අවදිවෙන්න වැඩි වෙලාවක් යන්නේද නැත.පුන්චි ළමයින්ට අකැමති, මට මුණගැගුනු පළමු මැට්ටා, මේ බූරුස්ය.එයට හේතුවනම් මන් දිනකදි අසා දැන ගත්තෙමි.ඒත් එය පිලිගන්නට මගේ හිත නොදෙන නිසා මම මෙහි නොලියන්නට සිතුවෙමි. 
ඇත්තටම ඔහු වෙනස්ය.කොටින්ම කිව්වොත් සරලය.හැබැයි ලොකුකමේ අඩුවකුත් නැත.අපි හිතනවාට වඩා වෙනස් දෙයක් අනිවාර්යයෙන්ම ඔහු කියන එක දැන් මට හොඳටම හුරුය."මේක නම් මහ ඇම්ඩෙක්" එසේ මට සිතුන වාර අනන්තය.

ඔහුගේ මන් කැමතිම දේ දෑසය.එක් ඇහිබැමක් උඩට කරනා ඒ ක්‍රියාවට මන් පුදුම තරම් කැමැතිය.මාද ඒසේ කරන්නට උත්සහ කරත් මොන විකාරයක්ද කියා නවතා දැමුවේ මටම ඇතිවූ නිසාවෙනි.එය ඔහුට පුන්චි කාලයේ සිටම පුරුදුවූවක් බව මා පසුව දැන ගත්තෙමි.

මා දන්නා තවත් දෙයකි.කැතයි කියනවාට කැම
ති නැත.පුන්චි කාලේ ලස්සනයි දැනට වඩා කිව්වොතින් ඇයි දැන් අවුල මොකද්ද කියා අනිවාර්යයෙන්ම අසන එක නොඅනුමානය.කිසිසේත්ම නොපිළිගන්නා ඇත්ත නම් ඔහුට හා කන් දෙකක් තියෙන බවය."හා කනා" කියා මගේ යහලුවන් ඔහුව හදුන්වනවා කියා මෙහි මා ලියන තුරු ඔහු නොදත් කරුණකි.

"මන් දුකින්" කියා කිවු සැණින් දුකට හේතු අසයි."මොකද වුනේ".ඉතින් මා වුන සිද්ධින් සියල්ලම කියනකොට අහගෙන සිටියද මට ලැබෙන පිළිතුර බොහො විට "හ්ම්ම්, Okay" යන්න විතරමය.එය අවස්ථා දෙක තුනකදීම සිදුවුණි."අපරාදේ කිව්වේ කියා" ඔහුට බැන වැදුණද මටම හිනා එන අවස්ථා නැතුවාම නොවේ.

මා දකින විදියට මේකා වස නපුරෙකි.තවම මට බැන හෝ තරහ වී නොමැති උවද ඔහු මකරෙකු බව මගේ හිත නිතරම අනතුරු අගවයි.මගේ බෝඩිමේ පිස්සො ටිකට නම් ඔහු sweet ය.cute ය."පොඩි එකෙක් වගේ,හිනා නොවී හිටියත් ඇතුළෙන් හිනා වෙලාලු ඉන්නේ".ඒකී මෙකී නොකී නිර්වචන ගොඩකී.
පුන්චි කාලයේ කුණු ගැවෙනවා කියලා පෙර පාසලේ සෙල්ලම් නොකරද ඔහුගේත් මගේත් ළමා කාලය ගෙවුන අප පාසලේ ඔහු දගයෙකි.බෝහෝ දේවල් මගේ මතකයේ නොතිබුණද මිතුරන් පවසන දේ අනුව ඔහු චන්ඩියෙකි.දක්ෂෙයෙකි.සැබවින්ම ඒ මතකයන් අපුරූය.ඒ මතකයන් නිසාම නැවත මුණගැසීමට ලැබීමද සතුටකි.(චුට්ටක් emotional වුනාද මන්දා)
ලියන්න මා කාලයක පටන් කරන දෙයකි.ඒත් ඒ ගැන කතා කරන්න මට හමුවුන එකම මිතුරා ඔහුය.

ඉතින් ඔහු ගැන දන්න දැනෙන දේවල් කිහිපයක් මා අකුරු කෙරෙමි.ජීවිතය හිතාගන්නත් බැරි විදියට වෙනස් වන බව අපි ඔබ කවුරුත් දන්නා දෙයක්.ඉතින් මේ නපුරු සරල ආඩම්බකාරයාගේ අපුරු සිද්ධින් තව මට මුණගැහුනොත් part 2 අරගෙන එනවමයි.

**නපුරු සරල උද්දච්චයා ගැන ලිව්වේ ඔයාලගේ shady නම් නෙමෙයි ඉතින්.ශේඩියගේ තිප්පොලෙන් මාත් එනවා මට දැනෙන දේවල් මට ඕන විදියට ලියන්න.මන් පැන්ඩි.ස්කොලේ යාලුවෝ මට කිව්වේ එහෙමලු ඉතින්.දැනුත් ඉතින් ගොඩාක් වෙලවට කියන්නේ එහෙම තමා.ලියන එක මන් ගොඩාක් කල් ඉදන් කරන දෙයක්.ඒත් ඒ දේවල් මටම සීමා වුනා.ඇත්තටම මට ඒ ගැන කතා කරන්න යාලුවෙක්වත් මුණගැහුනේ නෑ shady මුණගැසෙනකන්ම.ඉතින් shadyට කන් දෙක පිරෙන්න thank you කියනගමන් මට අවස්තාවක් දුන්නට,ඔයාලාටත් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා.ස්තුතියි.**

Apr 4, 2013

බිත්තර හරි ගණන්

There was a time, when i was soooo into our nation's history, that i could actually recite the names of most of the kings in the order of their reigns. Then i lost it!


Jan 29, 2013

Word of the Day


Maxwell (Noun)

  • A person who gets humiliated after calling out a opposition so overpowering.
  • Eg :- Fuck off, 'maxwell'!


Maxwelled (Verb)

  • Over-confidently calling out only to be knocked back on their own asses.
  • Eg :- Yo, did ya'll see how that bitch got 'maxwelled' in front of Mayya yesterday? That was dope!


Jan 6, 2013

රටකජු!

පස්සේ ලියන්නම් කියල අතෑරලා දාපුවා නං එමටයි. ඒත් ලියන්න පිරියක් නෑ ඕයි. තවත් නත්තලකුත් ලැබුවා දැනට සති දෙහෙකට විතර උඩින්. ඊට පස්සේ අලුත් අවුරුද්දකුත් ලැබුවා නෙව. මොකට කියනවද ඔව්වා. මේ අවුරුද්දත් පහුගිය එව්වා වගේම ගෙවිල යයි. ඉගෙනගන්න හිතක් ඇත්තෙත් නෑ. කරන්න වෙන රෙද්දකුත් නෑ.
ඒ රෙද්දවල් වලින් වැඩකුත් නෑ. මම අද මේ කියන්න ආවේ පොඩිම පොඩි දෙයක්. 'සුබාසිරි', 'විවාහ' මන බලන්නේ නැත්තේ ඒවා මට 'විශාදිය' හදවන හන්දා. මං අහන්නේ ඒවයේ පෙන්නන දිව්‍යලෝක වගේ මගුල් දැක්කම මොන මධ්‍යමපාන්තිකයටද විශාදිය හැදෙන්නේ නැත්තේ?
ඒ උනත්... ඒ වගේ මගුලක් ගන්න ආසාවක් නං මටත් තියෙනෝ, බොරු කියන්නේ මක්කටෙයි. ඒත් ඉතින් ඔව්වා කවදා වෙයිද මොකාද දන්නේ? රෙද්දේ ලෝකවිනාසෙත් නෑ!

Dec 16, 2012

ලොව පරසිදු අපරාධ - 1 කොටස

හ්ම්ම්, ඊයේ (15) දවසේ අන්තර්ජාතිකව කතා වෙච්ච ප්‍රධානම මාතෘකාව උනේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිව් ටවුන් නගරයේ පාසලක සිද්ද වුණු ඝාතන පෙල. 20හැවිරිදි ඇඩම් පීටර් ලන්සා තමන්ගේ මව සේවය කරපු ඉස්කෝලෙට පැනලා හතර අතට වෙඩි තියල 27දෙනෙක්ව ඝාතනය කළා. ශේඩියට තියෙනවා ඔය හුඟක් අය කියන්නැහේ "fake" ප්‍රෝෆයිල් වගයක් මුණුපොතේ. ඒ හැම එකකම වගේ වැඩිපුර ඉන්නේ ඇමෙරිකන් කෑලි හින්දා මිනිහගේ 'නිව්ස්ෆීඩ්' දොරේ ගැලුවා ඉහත සිද්දිය පිළිබඳව කණගාටුව දක්වපු 'පෝස්ට්ස්, ස්ටේටසස්' සහ 'පින්තූර' වලින්. කොහොමත් ඔය වගේ ෂෙයාරින් සීන් වලට අකමැති ශේඩිය එකක් දෙකක් කියල කටවහගත්තා.

ඒ කොහොම වුනත් ඇමෙරිකාවේ වෙන දේවල් ගැන ඇහැගහන් ඉන්න ඕනේ කෙනෙක් දන්නවා ඔය වගේ සිද්දි එහේ විරල නෑ කියල. උන්ගේ 'ගිනි අවි භාවිතය පිලිබඳ නීති' එච්චර තද නැති නිසා ඕවා උනේ නැත්තන් තමයි පුදුමේ. ඉතින් මේක ගැනත් මොනාහරිම ලියන්න ඕනේ කියල හිතපු ශේඩිය පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා. එහෙම හොයාගෙන යද්දී තමයි මිනිහට විකිපීඩියාවේ ලිපියක් හමු වුණේ, 'ලෝකයේ එදා මෙදා තුර පාසැල් පාදක ප්‍රචණ්ඩ අපරාධ සිදුකළ අපරාධකරුවෝ' කියල. ඒකෙ සඳහන් වෙන විදියට,

  •  1913 ජුනි 20වෙනිදා ඉඳල පහුගිය දෙසැම්බර් 14 දක්වා එවැනි අපරාධ 64ක් ලොව හතර වටින්ම වාර්තා වෙලා තියෙනවා.
  •  මින් සිද්දි 13ක් ජීවිත හානි වලින් තොරව නිම වෙලා.
  •  සිද්දි 37ක් මනුෂ්‍ය ඝාතන 10කට අඩුවෙන් සිද්ද වුණු අවස්ථා.
  •  සිද්දි 17ක් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී,
  •  සිද්දි 21ක් වාර්තා වෙනවා අපේ හිතමිත්‍ර චීනයෙන්. 

මේ 64ගැනම ලියන්න නං ශේඩියගේ අදහසක් නෑ. නමුත් මේවායින් සැලකිය යුත් කිහිපයක් පිළිබඳව පමණක් පහත දැක්වෙනවා.

සුද්දවන්තයන්ගේ අඩවියේ වෙසඟනන් හෙවත් 'Know Your Pornstar' - Encyclopedia of Adult Entertainment හි පිටුවක්...

ලියන්නම දෙයක් නැතුව වේලි වේලි ඉන්නකොට ආව අදහසක්. ශේඩියා, ඇයි බං උඹ ලියන්නේ නැත්තෙ උඹේ ප්‍රියතම විෂය ගැන? ඇත්ත තමයි. ඇයි මං ඒ ගැන ලියන්නේ නැත්තේ? කව්රු කොහොම මොනවා කිව්වත් බ්ලොග් කෙරුවාවේ වැඩිම ලයික්ස් කොමෙන්ට්ස් වැටෙන්නේ 18+ පෝස්ට් වලට. හැබැයි 18+ කතා ලියන්න නං එච්චර ටැලන්ට් එකක් නෑ, නමුත් ලියන්න තියෙන දේවල් අනන්තයි. ඉතින් අද මම ලියන්නේ.............. වැල් නිළියෝ ගැන! Porn Stars, Porn Starlets, Pornographic Actresses, whatever you call them! 



Nov 16, 2012

Sh*t අපේ අම්මලා actually says....

"බලන්න, අහවල් ළමයට 100ක් ගන්න පුළුවන් උනානං ඇයි ඔයාට බැරි?"

"ඒත් අම්මේ මං පන්තියෙන්ම 10 වෙනියනේ, අහවලත් මට වඩා පහලින්!"

"මේ, මට අනිත් ළමයින්ගේ ලකුණුවලින් වැඩක් නෑ!"

****************************

උදේ 5.30ට : "ළමයෝ වෙලාව හයයි! නැගිටිනවා, අද ඉස්කෝලේ යන්නෙ නැද්ද?"

Nov 11, 2012

එකෝමත් එක කාලෙක.... - තාරුණ්‍යයේ හදගැස්ම අඳුනන අපේ කාලයේ කවි කතාව

ෂුවර් හැමෝම බලනවා ඇති මොකෝ මම මේ දවස්වල දිගට හරහට කවි, නිසදැස් ලියන්නේ කියලා. හ්ම්ම්, මට හිතෙන විදියට නම් ඒක වඩා ලේසියි පතරංග ජේද ලියනවට වඩා. කොහොමහරි ඔන්න මමත් කවි කතාවක් ලිව්වා. ඇත්තටම ඊයේ රෑ නිදාගන්න ගියාම තමා මේ අයිඩියා එක ආවේ. අපි හැමෝම පුංචි කාලේ අහල, කියවල, විඳලා, විඳවලා තියෙන "සිරිමත් මගේ සකි" කියන කවි පන්තිය තමයි මම මේකට මූලබීජය ලෙස අරගත්තේ. කියවලා බලන්නකෝ. ඔයාගේ අදහසුත් දක්වන්න ^_^

එකෝමත් එක කාලෙක
ඈත ගම්දනව්වක
කටුමැටි ගැසූ මැදුරක
උන්න දරුවෙක් නමින් තාරක

පියා ගොවියෙකි හීං බණ්ඩා
ගෙවිලියකි මව කිව්වෙ මැණිකා
මෙතුන හැර තව ගෙදර උන්නා
සිය වසකි තාරකගෙ සීයා

ගෝල්ෆේස් හෝටලේ - මචං 3 කොටස

බේරේ වැවේ වැව් ඉවුරේ වතුර මට්ටමට
අඩියක් ඉහළින් තැනු මගෙ සොඳුරු මන්දිරෙට
එළිය සදන ඔබ අප දා රට ගිය දිනෙකට
මං විතරක් ඉඳල වැඩක් නෑ පොඩි උන්හට

දුන්නෙ මමයි සල්ලි ඌට මෙහේ දාල රට යන්නට
නැතුව නැතිකරන්න නෙමෙයි සල්ලි දීල අර හොරෙක්ට
මේ කරදර ඔක්කොම ඔබෙ මල්ලිට පින්සිදුවෙන්නට
මට විනාඩි පහක් දෙන්න ගිහින් ඌට ඇනල එන්ට

ගෙදර ගියා
දොර වහලා
දොර ඇරියම මිත්තණියෝ
"කෝ ස්ටැන්ලි"

Nov 10, 2012

ගිනිගෙඩි, ගිනිබෝල සහ අකුණු


වැස්සයි ගෙරවිල්ලයි
මතක්කලා මට කතාවක්
මං පොඩිකාලේ
අපෙ ලොකු ආච්චි කිව්

ආච්චි තරුණ කාලේ
හිටියෙ මීපේ මහගෙදරලු
දවසක් දා
හැන්දෑවක
අකුණකුත් එක්ක
ගෙට ආවාලු මහා
ගිනිගෙඩියක්.....

ඇරල තිබුණ
දොරෙන් ඇවිත්
ආච්චි වාඩිවෙලා
හිටපු
පුටුව යටින්
විදුලි වේගෙන්
ගිහින්.....

කැබිනට් එකෙ
වීදුරු බිඳගෙන
නැවතුනාලු
වෑර්ලස් එක පුපුරවාගෙන!

මම නං ජීවිතේටම
ගිනිබෝලයක්
දැකල තියෙන්නෙ
එකපාරයි
ඒ අතින් අපෙ
ආච්චිලගේ තරුණකාලේ
කොච්චර වාසනාවන්තද?

ගිනිබෝල ගේ ඇතුලටම
ඇවිත්නේ.....


Nov 9, 2012

Bilingual අදෝනාව

එක
කැලැන්ඩර් year
එකකට
New Year's, අවුරුදු,
වෙසක්
සහ
Mid Summer,
Halloweeනුත්,
තව නත්තල් සමගින්
පාර්ටි 
set වෙන
අනිකුත් institute වල
කෙල්ලෝ කොල්ලන්ට
කියන වග නම්.....

NIBM එකේ අපිට,
හුලං යකෝ, හුලං!
No Shit, රෙද්ද!


Nov 5, 2012

පියල් එන්ටර් වෙයි - මචං 2 කොටස

ජර්මන් ගැහැණිය මගේ වත උඩ නැග
ගිනිගෙන දැවෙනා ආශාවන් සැම
සන්තර්පනයට අර අඳිනා තැත
බලා හිඳිනු මිස කුමක් කරනු වෙන

ලැබුණත් මුදලින් තෘප්තිය නැත අද
ලද සැන එසැනින් එළියට බට මම
කොරිඩෝවේ ඉඳ අමතන යහළුව
හෑන්ඩ්බෝල් ඒ කුණුහරපයක්ද

Nov 4, 2012

ස්ටැනා සහ මනෝජ් - මචං 1 කොටස


පෝස්ටර් මිටිය ඇත මගේ කිහිල්ලේ
බාල්දියේ හොඳහැටි උකු පාප්පේ
පාරේ මොකෙක්වත් නැති මේ නිනව්වේ
අලවාපන් කොලයක් ඔය ඉලව්වේ

ඈතින් වැනෙනා එළියකි පේන්නේ
පටි ඩබලක් එන ලෙසකුයි හැඟෙන්නේ
ඔය ගැට්ටට මුවා වෙලා ඉඳින්නේ
පර බල්ලෙක් මෙතන ඇවිත් හු*න්නේ

සුළුදිය යයි ගලා
මෙතන උඹට හිනා
දීපිය ඔය පෝස්ටරේ
පිසද ගන්න මෙමා

Related Posts Plugin for WordPress, Blogger...