Dec 4, 2011

මට මතකයි මට මතකයි

අද හැමෝම කතා කරන්නේ highway එක ගැනලූ
අය-වැය සහනය වගේ එකක්ලු වැඩක් ඇත්තේ නෑලූ
දැක්කා පත්තරේ එකෙක් පෙරරිලා හොඳි ඕනෙම නෑලූ
මටත් පොඩි කතාවක් මතක් උනා, කියන්නදෝ යාලූ

මට මතකයි මට මතකයි ඕක පටන් ගත්ත කාලේ
මාර විදියෙ විරෝදයක් තිබුන අපේ ගෙවල් පැත්තේ
highway එක වත්ත පහළ වෙල උඩිනුයි යන්න තිබ්බේ
ඒකට හරි යන්න අපට වන්දියකුත් දෙනවා කිව්වේ

පාරේ ඉඳල 100 මීටර් යනකන් නෝ building
අපේ ගෙවල් අකුලාගෙන යන්න උනේ ලෑන්ඩ් hunting
ඕක හින්ද කිසිම කෙනෙක් හයිවෙ එකට නෝ liking
පෙත්සමකුත් ගැහුව වගේ මතකයි මට sure ඉතින්

ඕවා ගැන එච්චර තේරුමක් තිබුනේ නෑ මට නං
පාර හැදෙනකන් හිටියේ මගේ ඇඟිලි මමම ගැනං
කොච්චර fun එකක් වෙයිද පාර වෙල උඩින් යද්දින්
ලස්සන පින්තූර තිබ්බ අපිට බෙදපු කොළ වල නං

අනේ ඉතින් අන්තිමේදී මාර වැඩේ අපිට උනේ
කාගේද පත බේගලෙකට අහුවෙලානේ සේරම උන්
highway එක යන්නෙ කිලෝ මීටර් ගානක් ඈතින්
මදැයි මාත් බලන් හිටිය අපේ වෙලට කෙල වෙනකන්

අවුරුද ගානක් කියවල අන්තිමේදී පාර ඇරිය
ලස්සනයිලු යන්න ඕනෙ දවසක ඔය පාරෙ ඇරල
වත්ත පහළ වෙල නං කිසි වෙනසක් නෑ කැලේ වැවිල
පාර එතන උඩින් ගියානං කොහොමද හිතේ මැවිල



Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!