Dec 10, 2011

මූණුපොතේ girls vs boys

මූණුපොතේ නිතර දකින සිද්දියක් තමයි
ගැහැණු ළමයි හැම නිතරම over පිරිමි ළමයි
අනේ අපෙත් ගොන් බූරුවෝ දිගට comments දමයි
ඒවා දැකල මට අද කාපුව උගුරට එයි

"shaa, what a beauty, ඔයා මාර ලස්සනයි"
"most beauty grl in the world ඔයා" කියයි
ඒ උනාට පින්තූරේ ඉන්න model තමයි
ලංකාවේ නම ගිය ලොකු model shows කරයි

අනේ තොපේ ඇස් දෙකටම හෙණ ගහලද බොලව්
ඒ නැත්තන් ඔලුවට පොල්ලෙන් ගහලද රිලව්
පින්තූරේ fake කියල තේරෙන්නෙ නැත්තම්
අපිට වද නොදී fb එකෙන්ම පලයව්

තවත් ජාතියක හරකුන් වගයක් ඉන්නේ
නොදන්න කඩ්ඩෙන් නිතරම comment කරන්නේ
අනේ යකෝ දන්නැත්තන් නිකන් හිටින්නේ
එකී මොනා කලත් තොපිට කැමති නොවෙන්නේ

"v beuty, sha cuty, i lk u" කියයි
කිව්වත් කට හදාල "මගේ නංගි කෙනෙක් වගෙයි"
හරක හැරෙද්දිම ඕකා එන්නේ මොකටදැයි
පොල් පැලෙ කාදාන්න මිස වෙන මොකටද ඕයි

මෙහෙම ගියොත් කුණුහරුපත් කියල තමයි නවතින්නේ
ඊට හොඳයි කෝච්චියට පැනල දිවිය නහගන්නේ
ඒක නිසා අද මම මෙය තව එකකින් නවතන්නේ
වෙන දවසක ඇවිදින් තොපෙ අමුඩේ ඉඳං ගලවන්නේ

මේ විදියට බැලුවම කෙල්ලන්ගේ වැරදි නෙවෙයි
අපිට වැඩිය comments likes උන්ට ලැබුනේ ඇයි
අපෙම හරක් දීගෙන පස්සෙන් යන නිසා තමයි
මූණුපොතේ කොල්ලෝ නිකන් බල්ලෝ වගේ සිටියි

P.S ; don't take it too personal, and go around barking, showing off your true colors. but if the hat suits you, well sure, put it on!
ප.ලි. ; තොප්පිය හරි නං දාගන්න. නැත්තන් වෙන කෙනෙකුට chance එක දෙන්න.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!