Mar 12, 2018

නපුරු සරල උද්දච්චයා

මා සිතනා පරිදි ඔහු නම් මහ උද්දච්ච්යෙකි.පුන්චි කාලයේ ඔහු ගැන මට මතක තිබුනත් ඔහුට නම් මා මතකම නැත.පුන්චි කාලේ දේවල් මතක් කරද්දි " ඔයාවත් මතක නැති එකේ " කියලා ආපහු මතක් කරද්දි නම් හිල් වෙන්න ටොක්කක් අනින්න නොහිතුනාම නොවේ."හරි ඉතින් ඕක නිතරම කියන්න ඕන නෑ, එක පාරක් කිව්වම මට මතකයි" කියලා මා කිව්වද සිතින් නම් බනින්න අමතක නොකරමි.

අපි බොහෝ දේ කතා කරනා මිතුරන්ය.ඇත්තටම කතා කරපු දේවල් එකතු කරොත් ගන්න කියා වැදගත් එකම දෙයක්වත් නැත.වැඩිපුර කතා කරන්නේ මාය.මටද ඕනැති ඉටිපන්දමක් නැත.හිතෙන හිතෙන ඔක්කොම දේවල් අහනවනේ.ඕන විදියකට ප්‍රශ්න අහන්න පුලුවනි.නෑ බෑ නොකියා උත්තර ලැබුනද මට හේතු අහන්න බැරිය.මූ නම් පුදුම ගල් ඉබ්බෙකි.හේතුව කිව්වොත් කටේ දත් ටික ගෙවෙනවද?ඉතින් මා හේතු නොඅසා ඉන්න පුරුදු වුනෙමි. සමහර වෙලාවට උත්තරයක් ගන්න හරිම අමාරුය."මට බෑ, මන් දන්නේ නෑ", ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදියය.රටෙත් නැති සියලුම සත්තුන්ගේ නම් ටික මතක් වෙන්නේ ඒ වෙලාවටය. 

පුන්චි ළමයින්ට කැමැතිම නැත.ඒ ගැන කතා කරන්නත් බැරිය.වැරැදිලා හරි කතා කරොත් ඒ නපුරා ගාව හැංගිලා ඉන්න මළ යකා අවදිවෙන්න වැඩි වෙලාවක් යන්නේද නැත.පුන්චි ළමයින්ට අකැමති, මට මුණගැගුනු පළමු මැට්ටා, මේ බූරුස්ය.එයට හේතුවනම් මන් දිනකදි අසා දැන ගත්තෙමි.ඒත් එය පිලිගන්නට මගේ හිත නොදෙන නිසා මම මෙහි නොලියන්නට සිතුවෙමි. 
ඇත්තටම ඔහු වෙනස්ය.කොටින්ම කිව්වොත් සරලය.හැබැයි ලොකුකමේ අඩුවකුත් නැත.අපි හිතනවාට වඩා වෙනස් දෙයක් අනිවාර්යයෙන්ම ඔහු කියන එක දැන් මට හොඳටම හුරුය."මේක නම් මහ ඇම්ඩෙක්" එසේ මට සිතුන වාර අනන්තය.

ඔහුගේ මන් කැමතිම දේ දෑසය.එක් ඇහිබැමක් උඩට කරනා ඒ ක්‍රියාවට මන් පුදුම තරම් කැමැතිය.මාද ඒසේ කරන්නට උත්සහ කරත් මොන විකාරයක්ද කියා නවතා දැමුවේ මටම ඇතිවූ නිසාවෙනි.එය ඔහුට පුන්චි කාලයේ සිටම පුරුදුවූවක් බව මා පසුව දැන ගත්තෙමි.

මා දන්නා තවත් දෙයකි.කැතයි කියනවාට කැම
ති නැත.පුන්චි කාලේ ලස්සනයි දැනට වඩා කිව්වොතින් ඇයි දැන් අවුල මොකද්ද කියා අනිවාර්යයෙන්ම අසන එක නොඅනුමානය.කිසිසේත්ම නොපිළිගන්නා ඇත්ත නම් ඔහුට හා කන් දෙකක් තියෙන බවය."හා කනා" කියා මගේ යහලුවන් ඔහුව හදුන්වනවා කියා මෙහි මා ලියන තුරු ඔහු නොදත් කරුණකි.

"මන් දුකින්" කියා කිවු සැණින් දුකට හේතු අසයි."මොකද වුනේ".ඉතින් මා වුන සිද්ධින් සියල්ලම කියනකොට අහගෙන සිටියද මට ලැබෙන පිළිතුර බොහො විට "හ්ම්ම්, Okay" යන්න විතරමය.එය අවස්ථා දෙක තුනකදීම සිදුවුණි."අපරාදේ කිව්වේ කියා" ඔහුට බැන වැදුණද මටම හිනා එන අවස්ථා නැතුවාම නොවේ.

මා දකින විදියට මේකා වස නපුරෙකි.තවම මට බැන හෝ තරහ වී නොමැති උවද ඔහු මකරෙකු බව මගේ හිත නිතරම අනතුරු අගවයි.මගේ බෝඩිමේ පිස්සො ටිකට නම් ඔහු sweet ය.cute ය."පොඩි එකෙක් වගේ,හිනා නොවී හිටියත් ඇතුළෙන් හිනා වෙලාලු ඉන්නේ".ඒකී මෙකී නොකී නිර්වචන ගොඩකී.
පුන්චි කාලයේ කුණු ගැවෙනවා කියලා පෙර පාසලේ සෙල්ලම් නොකරද ඔහුගේත් මගේත් ළමා කාලය ගෙවුන අප පාසලේ ඔහු දගයෙකි.බෝහෝ දේවල් මගේ මතකයේ නොතිබුණද මිතුරන් පවසන දේ අනුව ඔහු චන්ඩියෙකි.දක්ෂෙයෙකි.සැබවින්ම ඒ මතකයන් අපුරූය.ඒ මතකයන් නිසාම නැවත මුණගැසීමට ලැබීමද සතුටකි.(චුට්ටක් emotional වුනාද මන්දා)
ලියන්න මා කාලයක පටන් කරන දෙයකි.ඒත් ඒ ගැන කතා කරන්න මට හමුවුන එකම මිතුරා ඔහුය.

ඉතින් ඔහු ගැන දන්න දැනෙන දේවල් කිහිපයක් මා අකුරු කෙරෙමි.ජීවිතය හිතාගන්නත් බැරි විදියට වෙනස් වන බව අපි ඔබ කවුරුත් දන්නා දෙයක්.ඉතින් මේ නපුරු සරල ආඩම්බකාරයාගේ අපුරු සිද්ධින් තව මට මුණගැහුනොත් part 2 අරගෙන එනවමයි.

**නපුරු සරල උද්දච්චයා ගැන ලිව්වේ ඔයාලගේ shady නම් නෙමෙයි ඉතින්.ශේඩියගේ තිප්පොලෙන් මාත් එනවා මට දැනෙන දේවල් මට ඕන විදියට ලියන්න.මන් පැන්ඩි.ස්කොලේ යාලුවෝ මට කිව්වේ එහෙමලු ඉතින්.දැනුත් ඉතින් ගොඩාක් වෙලවට කියන්නේ එහෙම තමා.ලියන එක මන් ගොඩාක් කල් ඉදන් කරන දෙයක්.ඒත් ඒ දේවල් මටම සීමා වුනා.ඇත්තටම මට ඒ ගැන කතා කරන්න යාලුවෙක්වත් මුණගැහුනේ නෑ shady මුණගැසෙනකන්ම.ඉතින් shadyට කන් දෙක පිරෙන්න thank you කියනගමන් මට අවස්තාවක් දුන්නට,ඔයාලාටත් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා.ස්තුතියි.**

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!