හැමෝම
කියනවා මා
දුටු ගමන්ම
ඇය එක්ක,
එක
මඟ යන බෝහො දවස්වල
මාද
දනිමි එය, ඔබ නෙලා ගත්
සුන්දරම
මල ඇය බව
ඔබත්
උන්නානම් අප ළඟ
බලා
ගන්නට තිබුණි මට
ආඩ්ම්බරකමට
දිලිසෙන ඔබේ
ඔය
ලොකු නෙත් දෙක
හිත
රිදෙන්නේ නම් නෑ කිසි දින
මා
දුටු සුන්දරතම ගැහැනිය ඇය
දිළිසෙයි
මගේ විසල් නෙත් යුගද
ඇය
මගේ එකම වත්කම
"අයියාමයි
නේද අක්කේ"
"තාත්තාමයි
නේද"
දෙවනුව
ඔවුන්ගෙන් පිටවන වචන
මට
හොඳට හුරු පුරුදුය
ඒ
ඇතිය මට,
මා
ඔබේ කාබන් කොපිය බව
කියනුයේ ඒ
හැමදෙනම
සමහරක්
අසති කියති
හිත
රිදවා ගන්නට එපාලු මට
මා
ඇය තරම් ලස්සන නොවුන බව කීවාට
පිළිතුරු
දෙන්නේ මා නොව, ඈය
"එයාට
දුකක් නෑ, මන් වගේ නොකීවාට"
නොදැකපු කෙනෙක්
ඔබේ රුව
“අම්මා
වගේමයි” කිව්වාම
කොඳුරයි
මා, ඇගේ කණට
"තාත්තා
වගේ කියන්නකෝ"
ඉතින්
ඈ දනමි,
මා දුක් නොවන
බව
ඇය වගේ රුවැතියි
නොකිව්වාට
තුති
තාත්තා ඔබට
වතින්
විතරක් නොව
හදවතින්
සුන්දර
ඇයව
තෝරා ගත්තාට
ඔබේ
ප්‍රිය බිරිඳ ලෙසට
ඇය මගේ මවුන් වුනි
පෙර කළ ලොකු පිනකට
කුසට
ආ දිනයේ සිට
මා
සුරැකි අපූරුව
අත්තම්මා
පවසනවිට
සිතුනි
මට
මිහිපිට
දෙවඟනක් දෝ ඇය
රණ්ඩු
කරති විටෙක ඇය
මා
ආදරේ වැඩිපුර ඔබට කියා
කියමි
මම කෑගසා
“තාත්තා
අංක එකය” කියා
නොකීවත්
ඇහෙන්නට
“ආදරෙයි
අම්මා මම”
අමතක
කරන්න එපා මෙය
මම
තාත්තාගේ කාබන් කොපිය වග
"පැන්ඩිගේ ජීවිතේ තවත් කතාවක් ඔන්න"
"පැන්ඩිගේ ජීවිතේ තවත් කතාවක් ඔන්න"
No comments:
Post a Comment