Nov 11, 2012

ගෝල්ෆේස් හෝටලේ - මචං 3 කොටස

බේරේ වැවේ වැව් ඉවුරේ වතුර මට්ටමට
අඩියක් ඉහළින් තැනු මගෙ සොඳුරු මන්දිරෙට
එළිය සදන ඔබ අප දා රට ගිය දිනෙකට
මං විතරක් ඉඳල වැඩක් නෑ පොඩි උන්හට

දුන්නෙ මමයි සල්ලි ඌට මෙහේ දාල රට යන්නට
නැතුව නැතිකරන්න නෙමෙයි සල්ලි දීල අර හොරෙක්ට
මේ කරදර ඔක්කොම ඔබෙ මල්ලිට පින්සිදුවෙන්නට
මට විනාඩි පහක් දෙන්න ගිහින් ඌට ඇනල එන්ට

ගෙදර ගියා
දොර වහලා
දොර ඇරියම මිත්තණියෝ
"කෝ ස්ටැන්ලි"

මං ඇහුවා
මුන් දෙන්නට ඩබල් පිස්සු

දාහේ ඒව හතර අරං ගියා පොලිය මුණගැහෙන්න
මූණ ඇඹුල් ගත්ත හැටිය සල්ලි කොලේ අතට මෙන්න
"මෙහෙම බෑනේ, ලබන මාසේ ඉඳල ගාන අටදාහයි"
ඇහුන නෑහුනා වාගේ හැරුණා මම ගෙදර එන්න

මං වැඩ කරනා තැන හොඳ අන්කලයෙක් වැඩ කෙරුවා
අත් පිසදා ගන්න රෙද්ද දෙන්න තරම් හොඳ මිනිහා
රටින් ආපු මැෂිමක් අද ඒ මිනිහව අස්කෙරුවා
බිත්තියෙ හිස තියං උන්නු තැනටම උන් එය විද්දා

ඒ අස්සේ ස්ටැන්ලිය අපෙ හෝටලේට අද ඇවිදින්
මාව දැක්ක හැටියෙ දොඩන් මල්ල අරං පැන යද්දින්
අල්ලගත්තෙ අමාරුවෙන් වත්ත පුරා වැටුණ දොඩන්
කියෙව්වෙ කිරිඩාවක් ගැන කොළයක් මට දික්කරමින්

එනවිට ගෙදරට මම වැඩ ඇරිලා
බඩු පැක් කරනව දුවත් එක්කලා
එය දැක යයි මගෙ පපුව හොස්ගා
ඔබටත් එය දුක බැව් මම දන්නා

බාර් එකේ ඇත ස්ටැන්ලිගෙ ගැන්සිය සෙට් වී
මොනවද කොළ පුරවයි උන් වටේ වාඩි වී
එව්ව මටත් කොළයක් ඌ තව පෑනක් දී
අතට ගත්ත දන්නෙ නැතුව කොලේ ඇත පිරී


"ඔයා රට යන්න ඕනේ නෑ!"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!