Nov 3, 2012

බ්ලොග් අතීතාවර්ජනා

බ්ලොග්.... හ්ම්ම්... දැනට අවුරුදු 3,4ක ඉඳං මං සම්බන්ධ වෙලා ඉන්න දෙයක් තමයි, බ්ලොග්!!


මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.
ඒකෙ pictures වල send option එකක් තිබුන "To blog" කියල. ඉතින් දවසක් ඕක ට්‍රයි කරන්න ඕනේ හින්ද මං ෆොටෝ එකක් සෙන්ඩ් කලා බ්ලොග් එකට. ඒ යැව්වහම මට ලින්ක් එකක් ආව මගේ පළවෙනි බ්ලොග් එකේ. අදනං ඒක නෑ මං හිතන්නෙ. ඔන්න ඔහොම මොබයිල් එකෙන්, ෆෝන් එකේ නම්බරේට හදපු බ්ලොග් එකකට ෆොටෝ upload කරලා තමයි මං බ්ලොග් වලට බැස්සේ.

හැබැයි හරියටම blogging කියන දේ පටන්ගත්තේ මට මතක විදියට 2009. අපේ ඉස්කෝලේ 12 වසරේ පංති අතරේ අන්තර්-පාංතික-සය-සාමාජික-ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුණා. මෙන්න මේකට අපේ පංතියෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායමට support කරන්න මායි තව කොල්ලෝ දෙන්නෙකුයි එකතු වෙලා හැදුව මරු බ්ලොග් එකක්. ටීම් එකේ නමින්ම Cinnamon Chargers කියල හදපු බ්ලොග් එකේ මුලින්ම දැම්මේ ටීම් එකේ කට්ටියගේ නම් ලිස්ට් එකක්. සාමාජිකයෝ පස්සේ සෑහෙන්න වෙනස් උනා මුල් ලිස්ට් එකෙන්, ඒක වෙනම කතාවක්.


හරියටම බ්ලොග් එක මාර්කට් කරන්න පටන් ගත්තේ ටීම් එකේ කට්ටියගේ පින්තූරත් එක්ක විස්තර ඇතුලත් පොස්ට් ටික publish කලාට පස්සේ. ඒක කොහොමහරි එළකිරියට නැගල ගියා. ඒ දවස්වල online poll එකකුත් තිබුණ ටීම් එකට හොඳම captainව තෝරන්න කියල. බ්ලොග් එක කොච්චර ජනප්‍රියද කිව්වොත් මට මතකයි එක ශිෂ්‍යනායකයෙකුත් poll එකට vote කරලා තිබුණා. ඇත්තටම grade එකේ සමහර ටීම් වලට නමක්වත් හරියට තිබුනේ නෑ අපේ ටීම් එක නැගල යද්දී. හැබැයි උනේ නම් "කටින් බතල දඬු" සීන් එකක්. අපේ ටීම් එක උදේ පාන්දර ගහපු මුල්ම මැච් එකෙන්ම අජූව විදියට පැරදිලා ගෙදර ගියා. ඒ වෙද්දී හැබැයි බ්ලොග් එකත් delete කරලා සතියක් විතර. ඒකට හේතුවුණේ මණ්ඩලේ කචල්එකක්.

ටීම් එක පැරදුනත්, බ්ලොග් එක මැකුවත් මාර experience එකක් නං හම්බවුනා. පැය ගණන් period cut කරගෙන, IT lab අස්සේ රිංගගෙන කරපු වැඩ නිසා බ්ලොග් ගැන සෑහෙන්න දැනුමක් ලැබුන. Cinnamon Chargers එකට පස්සේ තව බ්ලොග් දෙක තුනක් හැදුවත් ඒවා එච්චර සාර්ථක උනේ නැහැ. මටත් ඉතින් කම්මැලි හිතිලා වැඩේ අතැරලා දැම්මා.

ඔහොම ඉඳිද්දී තමයි ගිය අවුරුද්දේ අන්තිම මම මේ බ්ලොග් එක පටන්ගත්තේ. හිටපු ගෑනිගෙනුත් කිසි පණිවිඩයක් නැතුව හිටපු බොහොම අඳුරු කාලපරිච්චේදයක් ඒක. අවුරුදු ගානකට පස්සේ ආයිත් FB ආපු වෙලාවක අපේ එකෙක්ගෙම බ්ලොග් එකක් පිලිබඳ පොස්ට් එකක් දැකල තමයි මං මේක පටන්ගත්තේ. පටන්ගත්ත කිව්වට තිබ්බ බ්ලොග් එකක් එහෙම්පිටින්ම අතුගාල, හෝදලා එහෙම ගත්ත එකක්.

මොනා උනත් මෙතෙක් කරපු satisfyingම බ්ලොග් එක තමයි මේ. ප්‍රතිචාරත් නරක නෑ. මහා ගොඩක් නැතිඋනාට, මට ඒ ටික ඇති. මේ නොවැම්බර් 7වෙනිදට බ්ලොග් එකට අවුරුද්දක් වෙනවා. බ්ලොග් අතැරලා ඉන්නකොට මාව form කරපු එකා වගේම, මාස ගානක් මොකුත් නොලිය තිබුණු මේක බලල, "මචං, උබ ආයෙත් ලියපන්" කියපු එකාටත්, මාත් එක්ක Cinnamon Chargers හැදූ අමුබොක්කවල් දෙකටත් මේ අවස්ථාව මං අරගන්නවා ඉස්තුති කරන්න.


ඔය මදෑ, නේ..

ප.ලි. : ඔව්, මං තාම පාවිච්චි කරන්නේ ඒ සෝනි එරික්සන් K530i එකම තමා. එකටත් දැන් මයේ හිතේ අවුරුදු හතරක් පැනලා. 

2 comments:

  1. සුඅ පැතුම් මගෙන් ජයෙන් ජය,,,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් සහෝ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!