Nov 2, 2012

බාහිර ස්වරූපය, මිනිස්සු සහ මම

කවුරු කොහොම මොනවා කිව්වත්, මිනිස්සු මුලින්ම අනිත් ඇවුන්ව මනින්නේ බාහිර ස්වරූපයෙන්.

මේක මට අද ඊයේ තේරිච්ච දෙයක් නෙමෙයි උනත් ඊයේ පොතක් ගන්න විජිතයාපා එකට ගොඩ වෙච්ච වෙලාවේ ආයෙත් මගේ ඔලුවට ආවා. ඇත්තටම සීබ්‍රෙක් වගේ කොන්ඩේ කපාපු, ෂර්ට් එක උඩින් දාල බොත්තම් දෙකකුත් ඇරගත්තු, කෙට්ටු කොල්ලෙක් රටේ නමගිය, ටිකක් ගණන් ඉංග්‍රීසි පොත් තියෙන කඩේකට ගියොත් කඩේ ඉන්න සික්කෝ මොන විදිහට ඌ දිහා බලයිද????



"අනේ මූ ගන්න පොත්! එකක් දෙකක් කිහිල්ලේ ගහගත්තොත් මිසක... මූ මේ ජාතියේ පොත් කියවනවද කියලත් සැකයි... මටනම් මේ පොත් මගුල් වල නම් කියවගන්නවත් බෑ...."

අන්න ඒ වගේ අදහසකින් උන් මං දිහා බැලුව වගෙයි මට හිතුනේ. හැබැයි ඉතින් උන්ට බනින්නත් බෑ. ඒක මේ සමාජ ක්‍රමයේ වැරැද්ද. පොත් ගුල්ලන්ව එක ගොඩකට දාල, උන් අඳින්නේ පලදින්නේ මෙව්වා කියල ලේබල් කරලා තියෙන්නේ අද කාලේ. මොකට කියනවද මාත් ඕන තරම් ඇවුන්ව ඔය විදියට ලේබල් කරනවනේ.

මට මතකයි දැන් අවුරුදු 3කට විතර කලින් කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් චන්දන මෙන්ඩිස්ගේ "ශ්‍රේෂ්ට ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකථා" පොත අරගෙන ඉස්කෝලේ ගියාම, පන්තියේ හිටපු සමහර යාළුවො පුදුම උනා මං ඒ වගේ පොත් කියවනවා කියල දැනගෙන. ඇයි යකෝ මාව පේන්නේ මල් පොත් කියවන මල් කොල්ලෙක් වගේද????

මං ෆැෂන් කරන්නේ මට ඕනේ විදියට. කොන්ඩේ කපන්නේ මට හිතෙන විදියට. ටී-ෂර්ට් එකක් ඇඳලා ඒක උඩින් ෂර්ට් එකක් දාගන්න හිතුනොත් දාගන්නවා අනිවා. අනිත් ඇවුන් මොනවා හිතුවත් මට මොකෝ? අනික දැන් මේවා කරන්නේ නැතුව කවදා කරන්නද?? ඉස්කෝලේ යනකන් එකම විදියට ඇඳුම්, කොන්ඩේ හැදුවනේ. ආයෙත් ජොබ් එකක් හම්බුනොත් මේවා කරන්නත් බෑනේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!