Nov 16, 2012

Sh*t අපේ අම්මලා actually says....

"බලන්න, අහවල් ළමයට 100ක් ගන්න පුළුවන් උනානං ඇයි ඔයාට බැරි?"

"ඒත් අම්මේ මං පන්තියෙන්ම 10 වෙනියනේ, අහවලත් මට වඩා පහලින්!"

"මේ, මට අනිත් ළමයින්ගේ ලකුණුවලින් වැඩක් නෑ!"

****************************

උදේ 5.30ට : "ළමයෝ වෙලාව හයයි! නැගිටිනවා, අද ඉස්කෝලේ යන්නෙ නැද්ද?"



උදේ 5.45ට : "තාම ඇඳේ! ඉක්මනට නැගිටල මුණකට හෝදගන්නවා. වෙලාවත් හයයි!"

උදේ 6.00ට : "කෝ? තාම නැගිට්ටේ නැද්ද? බලනවා වෙලාව කීයද කියල? හයත් පහුවෙලා! ඕන මගුලක් කරගන්නවා. මං යනවා!"

****************************

"පැය විසිහතරේම ඕක ඉස්සරහ වාඩිවෙලා ඉන්නේ වෙන වැඩක් නැද්ද හැබෑටම?"

****************************

"කොහේ යන්නද ඔය ඇඳගත්තේ? තව කව්ද යන්නේ? රෑ වෙන්න කලින් ගෙදර එන්න. සල්ලි කීයක්‌ ඕනෙද?"

****************************

"කන්නේ නැද්ද හැබෑටම ආ? ඉක්මනට කාල ඉවරයක්‌ කරන්නකෝ මට භාජන ටික අස්කරලා දාල අදවත් ටිකක් කලින් නිදාගන්න!"

****************************

"ට්‍රිප් ගියාට කමක් නෑ, කොහෙවත් නානවා හෙම නෙවෙයි!"

"ඔය අනිත් යන යාලුවන්ගේ නම්බර්, ගෙදර නම්බර් මට දීල යන්න"

"බොන යාලුවොත් යනවද? ඔන්‍න‍ බොන්නේ හෙම නෑ!"

****************************

"මොනාද ළමයෝ ඔය කොඳුරන්නේ මහා රෑ? ඔය ෆෝන් එක වහලා දාල නිදාගන්නවා!"

"රෑ තිස්සේ කොට්ටෙ අස්සේ දාගෙන මොනවා බලනවද මං දන්නෑ!"

****************************

"හිතාගෙන ඇති අපි දන්නෙ නෑ කියල ඔය කරන ඒවා.."

****************************

"ළමයෝ ඔහොමද ගමනක් යන්නේ? ඔය ෂර්ට් එක පොඩිවෙලා! මෙහෙ දෙනවා අයර්න් කරල දෙන්න!"

"රස්තියාදුකාරයෙක් වගේ හැටි විතරක්. වැදගත් විදිහට යන්නකෝ"

"දැන් ඔය අහවල් තැන ඔය විදියට ඇඳගෙන යන්න දෙනවද?"


****************************


"කොහෙද කිසි දෙයක් තියාගන්න බෑනේ. එක පාරට තියෙන ටොපි චොක්ලට් සේරම කාල දානවනේ!"


****************************


"බඩගිනි උනාම තමයි කුස්සිය මතක් උනේ, නේ?"


****************************


"ඔය කකුල පහතදාල කෑමකන්න!"



****************************



"මේ පොල් බෑය ගාල දෙන්න! හ්ම්!"

*****************************************************************


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!