Nov 5, 2012

පියල් එන්ටර් වෙයි - මචං 2 කොටස

ජර්මන් ගැහැණිය මගේ වත උඩ නැග
ගිනිගෙන දැවෙනා ආශාවන් සැම
සන්තර්පනයට අර අඳිනා තැත
බලා හිඳිනු මිස කුමක් කරනු වෙන

ලැබුණත් මුදලින් තෘප්තිය නැත අද
ලද සැන එසැනින් එළියට බට මම
කොරිඩෝවේ ඉඳ අමතන යහළුව
හෑන්ඩ්බෝල් ඒ කුණුහරපයක්ද


හැඳුනුම්කම් ඇත සොයලා බැලුමට
ඕනම මගුලක් හැකි හැමවිදියට
සප්එක දෙමි මම තුතියක්‌ ඔබ වෙත
විවර වු සිප්එක පෙන්නා දුන් කල

කැෆේ එකේ මොනිටරේ ඉදිරිපිට
ඉඳ වැඩ කරනා ඔබේ රූසපුව
අන් හැම ලඳටම වඩා වටී මට
තුන් මාසයකින් කැන්දන් යනු හැක

ගත්තේ මෙය මා බම්බලපිටියෙනි
ඔබ හට එය ලස්සන බැව් දැනගෙන
කෙතරම් කිව්වත් ඔබ ආදරියේ
යහනට යන්නට බෑ ඔබ සමගින්

වැඩේ හරිගිහින් ඇමතුම ජර්මන්
what do you need sir, yes i'm speaking
කණ්ඩායමටම දාසය දෙන හැර
මැනෙජර් ඩොක්ටර් සහ තව පිරිවර

ගැටලුවකි අපහට නොසිතු විරූ
ඔවුන් ඉල්ලන්නෙ අපගේ චායාරූ
දැන් මොකෝ වෙන්නෙ වැඩේ දෙල් 
ඉතින් හොයපන්කෝ යුනිෆෝම්.....



ස්ටැනා සහ මනෝජ් - මචං 1 කොටස

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!