Jan 27, 2012

............හීන : අංක 2.....................

මම පොඩිකාලේ ඉඳල දැකපු, බලපු හීන ගැන මීට කලින් කතාකරල තියෙනවනේ. හැබැයි අද කතා කරන්න යන්නෙත් හීන ගැන තමයි හැබැයි ටිකක් වෙනස්. කලින් ඒවා dreams කියල නම්කලොත්, අද කතාකරන ඒවා Fantasies කියල හඳුන්වන්න පුළුවන්. තරහ නැතුව බලමුද ඒ මොනාද කියල..........


        නළුවෙක් වෙන්න???????? පිස්සුද. ඒක නෙවෙයි, full suit එකක් අඳින්න! ඔව්, ඔව්, මම දන්නව ඒක මහා බරපතල ෆැන්ටසියක් වශයෙන් ගන්න බෑ කියල නමුත් Gentlemen suit එකක්, full suit  එකක් හෙවත් යුරෝපීය සම්පුර්ණ ඇඳුමක් අඳින එක දැන් ටික කාලෙක ඉඳල මගේ හිතේ තියන හීනයක්. ඇයි කියල නං මමම දන්නේ නෑ but i'm DAMN sure it'd look GR8 on me, for a fact!

මේකේ අවුල තියෙන්නේ මේ හීනේ ටිකක් ගණන්. දන්නවනේ අද කාලේ මේ ජාතියේ සම්පුර්ණ කිට් එකක් ගහන්න නං මොණරු ගොඩක් වියදම් වෙනවා කියල. කුලියට දෙන ඒවා නං තියනවා but who da fuck wanna wear those junk??????????? whaeva! ඊළඟට එන මගුල් ගෙදරදී බලමුකෝ..................


මගුලක් කිව්වම මතක් උනේ. ලංකාව බොහොම ප්‍රසිද්ධයිනෙ ලස්සන ලස්සන මුහුදු වෙරළ වලට. ඉතින් මගේ "මගුල් ෆැන්ටසිය" තමයි මුහුදු වෙරළක මගේ මගුල ගන්න. හැබැයි තාම ඒ ගැන හරි තීරණයක් නෑ, මොකද තනිකඩ ජීවිතයක් ගතකරන්න මගේ පොඩිවයින් අදහසකුත් තියෙනවා. හැබැයි තනිකඩ හීනෙට කෙල උනොත් නං මේ හීනෙ සලකා බලන්න පුළුවන්. සමීපතම කීපදෙනෙක් එක්ක, ලස්සන මුහුදු වෙරළක, පෝරුවේ චාරිත්‍ර කරලා විවාහ දිවියට ඇතුල්වෙන එක කොච්චර ලස්සන හීනයක්ද ඈ? පොඩ්ඩක් ඉතින් දන්නැද්ද, අර ඇමෙරිකන් ෆිල්ම් වල තියෙන වගේ වෙඩින් එකක්........................  


ඇමෙරිකන් ෆිල්ම් කිව්වම මතක් උනේ.....(දැන් කට්ටිය කල්පනා කරනවා ඇති "ඇයි යකෝ මූ හිතෙන හිතෙන මතක්වෙන මතක්වෙන එක ඔහේ බ්ලොග් එකේ ලියනවද?" කියල. එහෙම නෙමෙයි. අර ජේදයෙන් ජේදයට ගලායාමක් ඇතිකරන්න තමයි එහෙම කියන්නෙ, හොඳේ..)....ඔව්. චිත්‍රපටිය "friends with benefits"! පින්තුරේ ඉන්නේ JT සමග Mila Kunis! ඔව් i'm in love with Mila, just that she still doesn't know bout it! ඔව්, මම සම්පුර්ණ පොස්ට් එකක්ම කලා මේ ෆිල්ම් එක ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව! එහෙනං අහවල් රෙද්දටද මේ??????????? හේතු දෙකක් හින්ද. ඇත්තටම හීන දෙකක් කියල කියන්න පුළුවන්. 

1. මට මේ වගේ පට්ට, ලස්සන, ෆන්, ආතල් කෑල්ලක් කරන්න ඕනේ!
2. මේ ෆිල්ම් එකේ වගේ පැණි බේරෙන, හිත දවා අළුලන, ආදරෙන් මුසපත් වෙන, සුපිරිම සුපිරි love affair එකක් කරන්න ඕනේ!

හරි හරි දැන් හැමදාම ගහන බණේ පටන් ගන්න එපා ඉතින්, "ඕව තියෙන්නේ ෆිල්ම් වල විතරයි!" කියල. මේ ඉන්නේ ඇත්තම මිනිස්සු නං, ඇයි ඒ වගේ සීන් එකක් සැබෑ ජීවිතේදීත් වෙන්න බැරි? you just gotta believe. keep the faith! 

හරි වැදි බණ පැත්තකට දාල ආයෙත් මාතෘකාවට බහිමු. පට්ට කෙල්ලෙක් දාගන්න එක නං බොහෝ කාලෙක ඉඳං තියෙන හීනයක්‌, ඒ වගේම කියන්න සතුටුයි, මම සපල කරගත්ත හීන කීපය අතරින් එකක්. හරි හරි ඒ සේරම affairs දැන් ඉවරයි තමයි, but i had a taste *wink wink*. දැන් ඉතින් හීනෙ තියෙන්නෙ පට්ට එකක් දාගෙන සදාකාලිකවම ඒකත් එක්ක ඉන්න තමයි. 

ලව් ස්ටොරිය ගැන කිව්වොත්, මං හිතන්නේ අපේ සංස්කෘතියත් එක්ක ඉහත දැක්වූ ආකාරයේ ස්ටොරියක් කරන එක ටිකක් "අවුල් සහගතයි". ඒත් i still got the fantasy!.....................................................

හ්ම්ම් හැමදාම වගේ අදත් අවසානය ටිකක් අප්සෙට්. මම දන්නෑ ඇයි කියල, නමුත් i do suck at the conclusion. කොහොමහරි, අදට හීන ගැන කතා කරන එක ඔන්‍න‍ මං නැවැත්තුව. ආයෙම දවසක එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගනිමි...........!

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!