ෂුවර් හැමෝම බලනවා ඇති මොකෝ මම මේ දවස්වල දිගට හරහට කවි, නිසදැස් ලියන්නේ කියලා. හ්ම්ම්, මට හිතෙන විදියට නම් ඒක වඩා ලේසියි පතරංග ජේද ලියනවට වඩා. කොහොමහරි ඔන්න මමත් කවි කතාවක් ලිව්වා. ඇත්තටම ඊයේ රෑ නිදාගන්න ගියාම තමා මේ අයිඩියා එක ආවේ. අපි හැමෝම පුංචි කාලේ අහල, කියවල, විඳලා, විඳවලා තියෙන "සිරිමත් මගේ සකි" කියන කවි පන්තිය තමයි මම මේකට මූලබීජය ලෙස අරගත්තේ. කියවලා බලන්නකෝ. ඔයාගේ අදහසුත් දක්වන්න ^_^
එකෝමත් එක කාලෙක
ඈත ගම්දනව්වක
කටුමැටි ගැසූ මැදුරක
උන්න දරුවෙක් නමින් තාරක
පියා ගොවියෙකි හීං බණ්ඩා
ගෙවිලියකි මව කිව්වෙ මැණිකා
මෙතුන හැර තව ගෙදර උන්නා
සිය වසකි තාරකගෙ සීයා
Nov 11, 2012
ගෝල්ෆේස් හෝටලේ - මචං 3 කොටස
බේරේ වැවේ වැව් ඉවුරේ වතුර මට්ටමට
අඩියක් ඉහළින් තැනු මගෙ සොඳුරු මන්දිරෙට
එළිය සදන ඔබ අප දා රට ගිය දිනෙකට
මං විතරක් ඉඳල වැඩක් නෑ පොඩි උන්හට
දුන්නෙ මමයි සල්ලි ඌට මෙහේ දාල රට යන්නට
නැතුව නැතිකරන්න නෙමෙයි සල්ලි දීල අර හොරෙක්ට
මේ කරදර ඔක්කොම ඔබෙ මල්ලිට පින්සිදුවෙන්නට
මට විනාඩි පහක් දෙන්න ගිහින් ඌට ඇනල එන්ට
ගෙදර ගියා
දොර වහලා
දොර ඇරියම මිත්තණියෝ
"කෝ ස්ටැන්ලි"

Nov 10, 2012
ගිනිගෙඩි, ගිනිබෝල සහ අකුණු
වැස්සයි ගෙරවිල්ලයි
මතක්කලා මට කතාවක්
මං පොඩිකාලේ
අපෙ ලොකු ආච්චි කිව්
ආච්චි තරුණ කාලේ
හිටියෙ මීපේ මහගෙදරලු
දවසක් දා
හැන්දෑවක
අකුණකුත් එක්ක
ගෙට ආවාලු මහා
ගිනිගෙඩියක්.....
ඇරල තිබුණ
දොරෙන් ඇවිත්
ආච්චි වාඩිවෙලා
හිටපු
පුටුව යටින්
විදුලි වේගෙන්
ගිහින්.....
කැබිනට් එකෙ
වීදුරු බිඳගෙන
නැවතුනාලු
වෑර්ලස් එක පුපුරවාගෙන!
මම නං ජීවිතේටම
ගිනිබෝලයක්
දැකල තියෙන්නෙ
එකපාරයි
ඒ අතින් අපෙ
ආච්චිලගේ තරුණකාලේ
කොච්චර වාසනාවන්තද?
ගිනිබෝල ගේ ඇතුලටම
ඇවිත්නේ.....
Nov 9, 2012
Bilingual අදෝනාව
එක
කැලැන්ඩර් year
එකකට
New Year's, අවුරුදු,
වෙසක්
සහ
Mid Summer,
Halloweeනුත්,
තව නත්තල් සමගින්
පාර්ටි
set වෙන
අනිකුත් institute වල
කෙල්ලෝ කොල්ලන්ට
කියන වග නම්.....
NIBM එකේ අපිට,
හුලං යකෝ, හුලං!
Nov 5, 2012
පියල් එන්ටර් වෙයි - මචං 2 කොටස
ජර්මන් ගැහැණිය මගේ වත උඩ නැග
ගිනිගෙන දැවෙනා ආශාවන් සැම
සන්තර්පනයට අර අඳිනා තැත
බලා හිඳිනු මිස කුමක් කරනු වෙන
ලැබුණත් මුදලින් තෘප්තිය නැත අද
ලද සැන එසැනින් එළියට බට මම
කොරිඩෝවේ ඉඳ අමතන යහළුව
හෑන්ඩ්බෝල් ඒ කුණුහරපයක්ද
ගිනිගෙන දැවෙනා ආශාවන් සැම
සන්තර්පනයට අර අඳිනා තැත
බලා හිඳිනු මිස කුමක් කරනු වෙන
ලැබුණත් මුදලින් තෘප්තිය නැත අද
ලද සැන එසැනින් එළියට බට මම
කොරිඩෝවේ ඉඳ අමතන යහළුව
හෑන්ඩ්බෝල් ඒ කුණුහරපයක්ද
Nov 4, 2012
ස්ටැනා සහ මනෝජ් - මචං 1 කොටස
පෝස්ටර් මිටිය ඇත මගේ කිහිල්ලේ
බාල්දියේ හොඳහැටි උකු පාප්පේ
පාරේ මොකෙක්වත් නැති මේ නිනව්වේ
අලවාපන් කොලයක් ඔය ඉලව්වේ
ඈතින් වැනෙනා එළියකි පේන්නේ
පටි ඩබලක් එන ලෙසකුයි හැඟෙන්නේ
ඔය ගැට්ටට මුවා වෙලා ඉඳින්නේ
පර බල්ලෙක් මෙතන ඇවිත් හු*න්නේ
සුළුදිය යයි ගලා
මෙතන උඹට හිනා
දීපිය ඔය පෝස්ටරේ
පිසද ගන්න මෙමා
බුරියානි කන පූස්පැටියා
"අපි කොහෙහරි යන්.." එයා කිව්වා.
"කොහෙයන්නද අනේ දැන්? සල්ලිත් නෑ මං ගාව. ගෙදර යන්" මට නං ගෙදර යනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න මූඩ් එකක් නෑ.
"ඇයි ශානුක ඔයා ඊයේ අරම කිව්වේ? මට දරාගන්න බැරිවුණා ඔයා කියපු ඒ කතාව." මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා තනියම ඇවිදිනවා.
"මං කිව්වනේ සොරි කියල, පැටියෝ. මගේ අතින් වැරදිලා වගේ ටයිප් උනේ. හිතල මතල කිව්වා නෙමෙයි"
"ඒ උනාට මගේ හිත රිදුන. මගේ කොල්ලනේද මෙහෙම කියන්නෙ කියල හිතල."
දන්නෙම නැතුව බෝගහ ගාවටම ඇවිත්. උදේ ඉඳල මාත් එක්ක හිනාවත් උනේ නෑ. මූණ එල්ලගත්ත ගමන්. අද නං මෙයාව හලනවා බොරු. "මොනාහරි කනවද?"
"හ්ම්ම්. යන්කො" එයාම මට අඳුන්වල දීපු බෝගහ ළඟ බත් කඩේ. හැමදාම යන එන තැනක් නෙමෙයි උනත් කවදාවත් එයා නැතුව මං ඇවිල්ලම නෑ.

Nov 3, 2012
බ්ලොග් අතීතාවර්ජනා
බ්ලොග්.... හ්ම්ම්... දැනට අවුරුදු 3,4ක ඉඳං මං සම්බන්ධ වෙලා ඉන්න දෙයක් තමයි, බ්ලොග්!!
මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.
මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.
Nov 2, 2012
ෂර්ලොක් හෝම්ස් සහ චන්දන මෙන්ඩිස්
ෂර්ලොක් හෝම්ස් - විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්).
නමුත්, නමුත් හෝම්ස් කතා තියෙන්නේ එච්චරයිද???? මෙන්න මේ ප්‍රශ්නය පසුගිය වසර 10ක පමණ ඉඳලා ලාංකීය සිංහල පාඨකයන් අතර නිතර නිතර ඇතිවුණා. විශේෂයෙන්ම "කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" පැවැත්වෙන දවස්වලට වෙනදාටත් වඩා. ඇයි එහෙම වුණේ?? අපි කතා කරමු.

බාහිර ස්වරූපය, මිනිස්සු සහ මම
කවුරු කොහොම මොනවා කිව්වත්, මිනිස්සු මුලින්ම අනිත් ඇවුන්ව මනින්නේ බාහිර ස්වරූපයෙන්.
මේක මට අද ඊයේ තේරිච්ච දෙයක් නෙමෙයි උනත් ඊයේ පොතක් ගන්න විජිතයාපා එකට ගොඩ වෙච්ච වෙලාවේ ආයෙත් මගේ ඔලුවට ආවා. ඇත්තටම සීබ්‍රෙක් වගේ කොන්ඩේ කපාපු, ෂර්ට් එක උඩින් දාල බොත්තම් දෙකකුත් ඇරගත්තු, කෙට්ටු කොල්ලෙක් රටේ නමගිය, ටිකක් ගණන් ඉංග්‍රීසි පොත් තියෙන කඩේකට ගියොත් කඩේ ඉන්න සික්කෝ මොන විදිහට ඌ දිහා බලයිද????

Feb 17, 2012
ආදරණීය මාමා වෙතට,
ඉතින් කොහොමෙයි මාමේ? අහවල් ගහ මන්දිරේ පැත්තට මේ දවස් වල වැස්ස හෙම තියෙයි? අපේ පැත්තටනං ඉතින් හවසට හවසට නක්කලේට වගේ පොඩි වැහි පොදක් පාත්වෙනවා, එච්චරයි. දැන් ඉතින් වැඩිය කොහෙවත් ඇවිදින්නේ නැති හින්ද ඒකත් අවුලක් නෑ. බස් ගාස්තු වැඩි වෙච්ච හින්දනේ කොහෙවත් යැවෙන්නේ නැත්තේ. යන ගමනක් උනත් පයින් තමා. ඇඟටත් ගුණයි, මාමත් ඔය අපූරුවට ඉන්නේ හැමදාම උදේට උදේට ඇවිදින හින්දනේ.
ඒ උනත් වැඩි වෙච්ච විදිය ගැන නං මගේ හිතට එච්චර හරි නෑ. හැම ගාස්තු අවස්තාවක්ම රවුම් ගාණකට දැම්මනං හොඳයි කියලයි මං හිතන්නේ. ඒ කිව්වේ අවම ගාස්තුව රුපියල් 10 කරලා ඊට පස්සේ එක 15, ඊළඟට 20, 25, 30. එහෙම දැම්මනං අපිටත් කොන්දයියගෙන් රුපියල ඉල්ලන්න ඕනෙත් නෑ, කොන්දයියටත් වදයක් නෑ. අනේ මන්ද ඒ මට හිතෙන හැටි.
රට වටේම පාරවල් ටික නං එළකිරි වගේ හැදෙනවා නේ මාමේ? අපේ ගෙවල් පාරත් හදනව. හැබැයි මුන් මාර කම්මැලියෝ මාමේ. හරියට නිකන් අර හයිවේ එක හදනවා වගේ මාස ගානක් තිස්සේ අතගගා මොන මගුලක්ද මන්ද.
අර සුනිලගේ පුතා ආගමට විරුද්දව සින්දුවක් ගහල, මාම ඇහුවයි ඒක? මුන්ට මං අහන්නේ වෙන දෙයක් තිබුනේ නැද්ද මන්ද ආගම ඇදල ගත්තේ. මං නං හිතන්නේ මාම මේකට පොඩ්ඩක් කතා කරා නං හොඳයි කියල. එතකොට මිනිස්සු උනත් උන්ට තියෙන වැදගැම්මකට නැති ප්‍රශ්න අමතක කරලා තව තව ඕක ගැන කතා කරයි නේ. මං නං කියන්නේ ඕකගේ පවුලම සරා එක්ක එක කූඩුවේ දාන්න ඕනේ.
ප්‍රශ්න කිව්වම මතක් උනේ, ලයිට් බිලත් වැඩිවුනානේ. මාත් හරියටම දන්නේ නෑ ඔය අපේ අම්ම තමයි ඒක කියෝ කියෝ ගෙදර දාල තියෙන සේරොම ලයිට් නිවන්නේ. ඔය එක්කම වතුර බිලත් වැඩි කරලා තව දවස් දෙකකින් තුනකින් ගෑසුත් ටිකක් වැඩිකළා නං මැක්සා. තව සතියකින් විතර පිටිකිරිත් වැඩිකරන්න බැරියේ මොකෝ මාමගේනේ ආණ්ඩුව, හෙහ්.
ඉතින් මාමේ ඔන්න ඔහොමයි අපේ පැත්තේ විස්තර. පුළුවන් වෙලාවක ඉතින් මේකට උත්තරයක් ලියන්නකෝ. ලිව්වේ නැතත් මං නං තරහ නෑ, මොකෝ මාම අපිට මොනා කලත් ආදරෙයි කියල දන්නොනේ. මේ හැමදේම කරන්නෙත් අපිව සංවර්ධනය කරන්න කියල මම දන්නවා. මාම බයවෙන්න එපා. ඊළඟ චන්දෙත් මාමටම තමයි.

බුදු සරණයි, දෙවි පිහිටයි!
Feb 14, 2012
ඇමෙරිකාවේ රෙස්ලින් ඉතිහාසය, කෙටියෙන් හා සිංහලෙන්.
ප්‍රෝෆෙෂනල් රෙස්ලින්ග් (Pro Wrestling) කියන්නෙ ලෝකප්‍රසිද්ධ විනෝදාත්මක-ක්‍රීඩාවක් (Sports Entertainment). මොකද මේකට
Sports Entertainment කියන්නෙ? හේතුව තමයි මෙහි ප්‍රධාන අරමුණ ජය-පැරදුමට වඩා නරඹන්නන්ට විනෝදය සැපයීම. ඔලිම්පික් වල තියෙන රෙස්ලින් වලත් (සාමාන්‍ය ව්‍යවහාරයේ මල්ලවපොර) මේ රෙස්ලින් වලත් වෙනස අන්න එකයි. මේ විනෝදාත්මක, චිත්‍රපට-බඳු ගති ලක්ෂණ නිසා අද වෙද්දී ප්‍රෝ රෙස්ලින් ලෝකයේ වැඩියෙන්ම කතාවෙන, ඒ වගේම වැඩිම ආදායමක් උපයන ක්‍රීඩාවක් බවට පත්වෙලා තියෙනවා.
විහිළුවක් නොවේ!!!!!!!!!!!!!!!!!!!!!!!!
~~~~~~~~~~අවවාදයයි! ඔබ මෙය කියවන්න පටන්ගත්තොත් නවත්තන්න නං හිතන්නවත් එපා! එසේ කලොත් ඔබටත් ඔබේ පවුලේ අයටත් භයානක, තුච්ඡ, මිලේච්ඡ අනතුරු, අබාධ ඇතිවෙනවා නියතයි! ඒකාන්තයි! ස්තුතියි~~~~~~~~~
මෙය කියවා සිනාසී විහිළුවක් සේ ඉවතලූ ආගරපතනේ මිල්ටන් (45), ඊට දින දෙකකට පසු ලයිට් වයර් වලට කම්බි ගසන්නට ගොස් අකුණු සැර වැදී පරලෝ සැපත් විය.
මෙය බාගෙට කියවා ඩිලීට් කල කොළඹ හතේ ඩයනා (19), සතියකට පසු ගල්කිස්ස බීච් පාටි ගොස් නහුතෙට බීමත්ව මුහුදේ වැටී, මුහුදු වතුර පෙවී, අසාධ්‍ය වී කළුබෝවිල රෝහලට ඇතුලත් කරන ලදී.
මෙය කියවා දෙදෙනකුට පමණක් ෂෙයාර් කල ගම්පහ ශ්‍රියානි (25), පසුගියදා දිනක උදේ වැඩට එද්දී හදිසි බස් වර්ජනයකට මැදිවීම නිසා කාර්යාලයට ගියේ රතු ඉරත් වැදී පැය හතරකට පසුවය.
මෙය සම්පුර්ණයෙන් කියවා අම්බානක බයවූ අංගොඩ ජයසිරි (32.5), ඕනෑවටත් වඩා ෂෙයාර් කරන්නට ගොස් මැෂින් එක රත් වී හාර්ඩ් එක පිච්චී ගියේය.
(මේවා මම දන්නෙ කොහොමද කියල අහන අයට ඉහත සඳහන් කල ඕනෙම දෙයක් සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.)
නමුත්,
මෙය කියවා, සතුටු සිතින්, හරියටම 10 පාරක් ෂෙයාර් කල ගාල්ලේ සිරිමල් (28), රැකියාවේ වැටුප් වැඩිකිරීමකට හසු උණු අතරම, පසුගිය ජනවාරියේ ගෑනි ඔහුව දමා වෙන එකෙක් හා පැන යාම නිසා මෙවර වැලන්ටයින් දිනය සතුටින් සමාදානයෙන් සමරණ බව දැනගන්නට ලැබුණි.
මේක විහිලුවකට ගන්න එපා!!!!!! ඉහත සිද්දීන් 100% සත්‍ය බව 100% සත්‍යය!!!!! දැන් දැන්ම මෙය 10දෙනෙකුට ෂෙයාර් කරන්න.

"පමාව පසුතැවිල්ලට හේතු වේ!!!!!"
Feb 13, 2012
The Anatomy of Death
Product Description
Dunhill just launched the new variant "SWITCH" for smokers who prioritize quality first and foremost. With the new premium seal RELOC, Dunhill SWITCH sustains quality at an optimal level, offering a tobacco experience beyond the ordinary. Consumers will be able to enjoy the new premium standard and the next level of perfection. The platinum silver packaging with refined embossing of Dunhill SWITCH arouses images of luxury and premium design.
Feb 10, 2012
Facebook Love - David May ft. Max Urban
this song, well lets just say it's the song of my life, or more specifically the story of my "love life". sure i had some internet flings over the years and that's where i met her as well. at least we moved on from being a "fb-couple" to an actual couple though it didn't last long, sadly. valentine's day is coming around the corner, never a fan of it. i still think it's a huge marketing scam, and as always, this year i won't be taking a part on it.
do i miss her? yes i do! am i sad? yes i am! is it my fault? oh hell yes! can i move on? i try to!
I’ve met the scene a girl in a my life I do before
Her eyes, her lips, her face, that’s all I ever wanted
And this is how all went
She added me as a friend, I accepted ...
And now into her profile, just to check her things and all that I could say was wow, wow, wow
My Facebook love, she was my first Facebook love//
Now I got to check if the girl is online, yeah, yeah, she is
I gotta make the first step and I hope she’s gonna write back
This is how the story goes on
How you doing, where you’re from?
You look so beautiful to me, cause I went into your profile
And I saw your pics and all that I could say was wow, wow, wow
My Facebook love, she was my first Facebook love/////
Subscribe to:
Posts (Atom)