Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Nov 2, 2012

ෂර්ලොක් හෝම්ස් සහ චන්දන මෙන්ඩිස්

ෂර්ලොක් හෝම්ස් - විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්). 

නමුත්, නමුත් හෝම්ස් කතා තියෙන්නේ එච්චරයිද???? මෙන්න මේ ප්‍රශ්නය පසුගිය වසර 10ක පමණ ඉඳලා ලාංකීය සිංහල පාඨකයන් අතර නිතර නිතර ඇතිවුණා. විශේෂයෙන්ම "කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" පැවැත්වෙන දවස්වලට වෙනදාටත් වඩා. ඇයි එහෙම වුණේ?? අපි කතා කරමු. 

බාහිර ස්වරූපය, මිනිස්සු සහ මම

කවුරු කොහොම මොනවා කිව්වත්, මිනිස්සු මුලින්ම අනිත් ඇවුන්ව මනින්නේ බාහිර ස්වරූපයෙන්.

මේක මට අද ඊයේ තේරිච්ච දෙයක් නෙමෙයි උනත් ඊයේ පොතක් ගන්න විජිතයාපා එකට ගොඩ වෙච්ච වෙලාවේ ආයෙත් මගේ ඔලුවට ආවා. ඇත්තටම සීබ්‍රෙක් වගේ කොන්ඩේ කපාපු, ෂර්ට් එක උඩින් දාල බොත්තම් දෙකකුත් ඇරගත්තු, කෙට්ටු කොල්ලෙක් රටේ නමගිය, ටිකක් ගණන් ඉංග්‍රීසි පොත් තියෙන කඩේකට ගියොත් කඩේ ඉන්න සික්කෝ මොන විදිහට ඌ දිහා බලයිද????

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!