Showing posts with label සිහින. Show all posts
Showing posts with label සිහින. Show all posts

Jan 27, 2012

............හීන : අංක 2.....................

මම පොඩිකාලේ ඉඳල දැකපු, බලපු හීන ගැන මීට කලින් කතාකරල තියෙනවනේ. හැබැයි අද කතා කරන්න යන්නෙත් හීන ගැන තමයි හැබැයි ටිකක් වෙනස්. කලින් ඒවා dreams කියල නම්කලොත්, අද කතාකරන ඒවා Fantasies කියල හඳුන්වන්න පුළුවන්. තරහ නැතුව බලමුද ඒ මොනාද කියල..........


        නළුවෙක් වෙන්න???????? පිස්සුද. ඒක නෙවෙයි, full suit එකක් අඳින්න! ඔව්, ඔව්, මම දන්නව ඒක මහා බරපතල ෆැන්ටසියක් වශයෙන් ගන්න බෑ කියල නමුත් Gentlemen suit එකක්, full suit  එකක් හෙවත් යුරෝපීය සම්පුර්ණ ඇඳුමක් අඳින එක දැන් ටික කාලෙක ඉඳල මගේ හිතේ තියන හීනයක්. ඇයි කියල නං මමම දන්නේ නෑ but i'm DAMN sure it'd look GR8 on me, for a fact!

මේකේ අවුල තියෙන්නේ මේ හීනේ ටිකක් ගණන්. දන්නවනේ අද කාලේ මේ ජාතියේ සම්පුර්ණ කිට් එකක් ගහන්න නං මොණරු ගොඩක් වියදම් වෙනවා කියල. කුලියට දෙන ඒවා නං තියනවා but who da fuck wanna wear those junk??????????? whaeva! ඊළඟට එන මගුල් ගෙදරදී බලමුකෝ..................


මගුලක් කිව්වම මතක් උනේ. ලංකාව බොහොම ප්‍රසිද්ධයිනෙ ලස්සන ලස්සන මුහුදු වෙරළ වලට. ඉතින් මගේ "මගුල් ෆැන්ටසිය" තමයි මුහුදු වෙරළක මගේ මගුල ගන්න. හැබැයි තාම ඒ ගැන හරි තීරණයක් නෑ, මොකද තනිකඩ ජීවිතයක් ගතකරන්න මගේ පොඩිවයින් අදහසකුත් තියෙනවා. හැබැයි තනිකඩ හීනෙට කෙල උනොත් නං මේ හීනෙ සලකා බලන්න පුළුවන්. සමීපතම කීපදෙනෙක් එක්ක, ලස්සන මුහුදු වෙරළක, පෝරුවේ චාරිත්‍ර කරලා විවාහ දිවියට ඇතුල්වෙන එක කොච්චර ලස්සන හීනයක්ද ඈ? පොඩ්ඩක් ඉතින් දන්නැද්ද, අර ඇමෙරිකන් ෆිල්ම් වල තියෙන වගේ වෙඩින් එකක්........................  


ඇමෙරිකන් ෆිල්ම් කිව්වම මතක් උනේ.....(දැන් කට්ටිය කල්පනා කරනවා ඇති "ඇයි යකෝ මූ හිතෙන හිතෙන මතක්වෙන මතක්වෙන එක ඔහේ බ්ලොග් එකේ ලියනවද?" කියල. එහෙම නෙමෙයි. අර ජේදයෙන් ජේදයට ගලායාමක් ඇතිකරන්න තමයි එහෙම කියන්නෙ, හොඳේ..)....ඔව්. චිත්‍රපටිය "friends with benefits"! පින්තුරේ ඉන්නේ JT සමග Mila Kunis! ඔව් i'm in love with Mila, just that she still doesn't know bout it! ඔව්, මම සම්පුර්ණ පොස්ට් එකක්ම කලා මේ ෆිල්ම් එක ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව! එහෙනං අහවල් රෙද්දටද මේ??????????? හේතු දෙකක් හින්ද. ඇත්තටම හීන දෙකක් කියල කියන්න පුළුවන්. 

1. මට මේ වගේ පට්ට, ලස්සන, ෆන්, ආතල් කෑල්ලක් කරන්න ඕනේ!
2. මේ ෆිල්ම් එකේ වගේ පැණි බේරෙන, හිත දවා අළුලන, ආදරෙන් මුසපත් වෙන, සුපිරිම සුපිරි love affair එකක් කරන්න ඕනේ!

හරි හරි දැන් හැමදාම ගහන බණේ පටන් ගන්න එපා ඉතින්, "ඕව තියෙන්නේ ෆිල්ම් වල විතරයි!" කියල. මේ ඉන්නේ ඇත්තම මිනිස්සු නං, ඇයි ඒ වගේ සීන් එකක් සැබෑ ජීවිතේදීත් වෙන්න බැරි? you just gotta believe. keep the faith! 

හරි වැදි බණ පැත්තකට දාල ආයෙත් මාතෘකාවට බහිමු. පට්ට කෙල්ලෙක් දාගන්න එක නං බොහෝ කාලෙක ඉඳං තියෙන හීනයක්‌, ඒ වගේම කියන්න සතුටුයි, මම සපල කරගත්ත හීන කීපය අතරින් එකක්. හරි හරි ඒ සේරම affairs දැන් ඉවරයි තමයි, but i had a taste *wink wink*. දැන් ඉතින් හීනෙ තියෙන්නෙ පට්ට එකක් දාගෙන සදාකාලිකවම ඒකත් එක්ක ඉන්න තමයි. 

ලව් ස්ටොරිය ගැන කිව්වොත්, මං හිතන්නේ අපේ සංස්කෘතියත් එක්ක ඉහත දැක්වූ ආකාරයේ ස්ටොරියක් කරන එක ටිකක් "අවුල් සහගතයි". ඒත් i still got the fantasy!.....................................................

හ්ම්ම් හැමදාම වගේ අදත් අවසානය ටිකක් අප්සෙට්. මම දන්නෑ ඇයි කියල, නමුත් i do suck at the conclusion. කොහොමහරි, අදට හීන ගැන කතා කරන එක ඔන්‍න‍ මං නැවැත්තුව. ආයෙම දවසක එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගනිමි...........!

Jan 1, 2012

Viral Videos - වෙනස් විදිහක වයිරසයක්

හේය් හේය් කෂ්ටිය කොහොමෙයි? අලුත් අවුරුද්දකුත් ලැබුවා නේ? ඔන්න මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනව. එහෙනං ඉතින් වැඩට බහිමු. මේ ලියන්නේ 2011 අවුරුද්දේ පළමු බ්ලොග් පෝස්ට් එකනේ. ඒ නිසා ටිකක් නැගල යන topic එකක් මම අද තෝරගත්ත. සමහරු නං මේ ගැන දන්නවා ඇති. තවත් සමහරු මෙලෝ මලදානයක් දන්නේ නැතුවත් ඇති. කමක් නෑ, අහගෙන ඉන්නකෝ. මම අද කතා කරන්න යන්නේ.....................Viral Videos ගැන!
මොකක්ද අප්පේ ඒ? මට sure ඔහොම කියල ඔලුවේ අතගහගන්න දෙතුන් දෙනෙක් ඉන්නව අනිවා! හරි මම කියල දෙන්නන්කෝ. මොනාද මේ Viral Videos කියන්නේ? Virus වගේ මොකක් හරි එකක්ද? ඇත්තටම ඔව්. ඒක වයිරසයක් වගේ දෙයක් තමයි. නමුත් machine වලට හානිකර දෙයක් නෙමෙයි.

Dec 23, 2011

කපුටා

අද කාලේ සිංහල සින්දු වල කිසිම අර්ථයක් නැහැ කියල 'ප්‍රබුද්ධ යැයි සම්මත පිරිසක්' කට කැඩෙනකන් කියනවනේ. එක අතකට ඇත්ත තමයි. ඒත් ඉතින් 'වැල යන පැත්තට මැස්ස ගහන තියරිය' දාල මමත් ලිව්වා "අර්ථයක් නැති සින්දුවක්". හ්ම්ම් තාලෙකුත් නෑ අන්තිමට බැලුවම. whaeva!

ඉස්සර කාලේ වගේ, එළිවැට සමය දාල
සින්දු ලියන සිරිතක් අද කාලේ නෑ
හිතෙන හිතෙන වචන දාල, අහුවෙන melodyකින්
ගහන සින්දු වලට තමයි, demand එක අද පවතින්නේ

ඒක නිසා වෙහෙස අඩුයි, ඕනෙ එකෙක් සින්දු හදයි
ඕනෙ නිසදසකින් උනත් සින්දු හදන්නේ
සල්ලි තියෙන කපුටෝ ගහයි, අනිත් ඇවුන් අතේ මරයි
පට්ට model කෙනෙක් හොයන්, video එක tv එකේ out කරන්නේ

උදේට කාපුවා උනත්, සින්දුවේ තේමාව කරන්
සින්දු ලියන dial ඕනෙ තරං ඉන්නේ මේ
ඒ වගේම චැනල් වලින්, දවස් දෙකෙන් තුනෙන් උනත්
සල්ලි ඇති තරං ඇත්තන්, ඕනෙ ජරාවක් නියමෙට ප්‍රසිද්ධ කරතේ

මේ ලියාපු වචන වැලත්, මොකෙක් හරි එකෙක් දැකලා
ආතල් සින්දුවක් කරයි, කියන්න බෑ නේ
අනේ ඉතින් එහෙම කලොත්, නම බැරි නං රූපේ වත්
music video එකේ, දාන්න මට call කරන්නේ :P

Dec 13, 2011

අපගේ කරුමය

අවිදු අඳුර දුරලූ
නිමල පහන වූ
සෝම සමිඳු ඔබ
මේ පින්බිම නැත
වජිරාරාමය වජිරඤාණය
පාලුවට ගොසින්
ඔබ එහි නැති සඳ
කොතෙකුත් හිමිවරු
ඔබේ තැන ගන්නට
උත්සාහ කරතත්
ඔබ නැති රික්තය
පුරවනු කෙලෙසද

නොසිතූ මොහොතක
අප හැර යන්නට
ඔබගේ නොව එය
අපගේ කරුමය
වෙන්වී අපගෙන්
අට වසරක් වන
මේ මොහොතේ ඔබ
සිහිකරමි බැතින්
සිටියානම් අද
කෙතරම් අගනේද
බොදු පුනරුදයේ
නියමුවා ඔබ නේද

සෝම සමිඳුනි ඔබට නිවන් සුව!

Dec 9, 2011

................සිහින................

අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ නිදාගන්න ගියාම පේන හීන නෙමෙයි. ඒවා නං උදේ වෙද්දී අමතකයි නේ හුගාක් අයට. මං කතා කරන්නේ අනාගතය ගැන තියෙන හීන. තමන් අනාගතයේදී වෙන්නේ කව්ද කියල තමන්ට තියෙන හීන. ඒ හීන ඇත්තටම බැලුවොත් බොහොම පොඩි කාලේ, ඒ කියන්නේ "හය හතර තේරෙන" කාලේ ඉඳල තියෙන ඒවා. මටත් තිබුන ඒ වගේ ගොඩාක් හීන. පොඩ්ඩක් අහගෙන ඉන්න මං කියන්නං.

Dec 4, 2011

මට මතකයි මට මතකයි

අද හැමෝම කතා කරන්නේ highway එක ගැනලූ
අය-වැය සහනය වගේ එකක්ලු වැඩක් ඇත්තේ නෑලූ
දැක්කා පත්තරේ එකෙක් පෙරරිලා හොඳි ඕනෙම නෑලූ
මටත් පොඩි කතාවක් මතක් උනා, කියන්නදෝ යාලූ

මට මතකයි මට මතකයි ඕක පටන් ගත්ත කාලේ
මාර විදියෙ විරෝදයක් තිබුන අපේ ගෙවල් පැත්තේ
highway එක වත්ත පහළ වෙල උඩිනුයි යන්න තිබ්බේ
ඒකට හරි යන්න අපට වන්දියකුත් දෙනවා කිව්වේ

පාරේ ඉඳල 100 මීටර් යනකන් නෝ building
අපේ ගෙවල් අකුලාගෙන යන්න උනේ ලෑන්ඩ් hunting
ඕක හින්ද කිසිම කෙනෙක් හයිවෙ එකට නෝ liking
පෙත්සමකුත් ගැහුව වගේ මතකයි මට sure ඉතින්

ඕවා ගැන එච්චර තේරුමක් තිබුනේ නෑ මට නං
පාර හැදෙනකන් හිටියේ මගේ ඇඟිලි මමම ගැනං
කොච්චර fun එකක් වෙයිද පාර වෙල උඩින් යද්දින්
ලස්සන පින්තූර තිබ්බ අපිට බෙදපු කොළ වල නං

අනේ ඉතින් අන්තිමේදී මාර වැඩේ අපිට උනේ
කාගේද පත බේගලෙකට අහුවෙලානේ සේරම උන්
highway එක යන්නෙ කිලෝ මීටර් ගානක් ඈතින්
මදැයි මාත් බලන් හිටිය අපේ වෙලට කෙල වෙනකන්

අවුරුද ගානක් කියවල අන්තිමේදී පාර ඇරිය
ලස්සනයිලු යන්න ඕනෙ දවසක ඔය පාරෙ ඇරල
වත්ත පහළ වෙල නං කිසි වෙනසක් නෑ කැලේ වැවිල
පාර එතන උඩින් ගියානං කොහොමද හිතේ මැවිල



Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!