Showing posts with label ලොව පරසිදු අපරාධ. Show all posts
Showing posts with label ලොව පරසිදු අපරාධ. Show all posts

Dec 16, 2012

ලොව පරසිදු අපරාධ - 1 කොටස

හ්ම්ම්, ඊයේ (15) දවසේ අන්තර්ජාතිකව කතා වෙච්ච ප්‍රධානම මාතෘකාව උනේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිව් ටවුන් නගරයේ පාසලක සිද්ද වුණු ඝාතන පෙල. 20හැවිරිදි ඇඩම් පීටර් ලන්සා තමන්ගේ මව සේවය කරපු ඉස්කෝලෙට පැනලා හතර අතට වෙඩි තියල 27දෙනෙක්ව ඝාතනය කළා. ශේඩියට තියෙනවා ඔය හුඟක් අය කියන්නැහේ "fake" ප්‍රෝෆයිල් වගයක් මුණුපොතේ. ඒ හැම එකකම වගේ වැඩිපුර ඉන්නේ ඇමෙරිකන් කෑලි හින්දා මිනිහගේ 'නිව්ස්ෆීඩ්' දොරේ ගැලුවා ඉහත සිද්දිය පිළිබඳව කණගාටුව දක්වපු 'පෝස්ට්ස්, ස්ටේටසස්' සහ 'පින්තූර' වලින්. කොහොමත් ඔය වගේ ෂෙයාරින් සීන් වලට අකමැති ශේඩිය එකක් දෙකක් කියල කටවහගත්තා.

ඒ කොහොම වුනත් ඇමෙරිකාවේ වෙන දේවල් ගැන ඇහැගහන් ඉන්න ඕනේ කෙනෙක් දන්නවා ඔය වගේ සිද්දි එහේ විරල නෑ කියල. උන්ගේ 'ගිනි අවි භාවිතය පිලිබඳ නීති' එච්චර තද නැති නිසා ඕවා උනේ නැත්තන් තමයි පුදුමේ. ඉතින් මේක ගැනත් මොනාහරිම ලියන්න ඕනේ කියල හිතපු ශේඩිය පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා. එහෙම හොයාගෙන යද්දී තමයි මිනිහට විකිපීඩියාවේ ලිපියක් හමු වුණේ, 'ලෝකයේ එදා මෙදා තුර පාසැල් පාදක ප්‍රචණ්ඩ අපරාධ සිදුකළ අපරාධකරුවෝ' කියල. ඒකෙ සඳහන් වෙන විදියට,

  •  1913 ජුනි 20වෙනිදා ඉඳල පහුගිය දෙසැම්බර් 14 දක්වා එවැනි අපරාධ 64ක් ලොව හතර වටින්ම වාර්තා වෙලා තියෙනවා.
  •  මින් සිද්දි 13ක් ජීවිත හානි වලින් තොරව නිම වෙලා.
  •  සිද්දි 37ක් මනුෂ්‍ය ඝාතන 10කට අඩුවෙන් සිද්ද වුණු අවස්ථා.
  •  සිද්දි 17ක් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී,
  •  සිද්දි 21ක් වාර්තා වෙනවා අපේ හිතමිත්‍ර චීනයෙන්. 

මේ 64ගැනම ලියන්න නං ශේඩියගේ අදහසක් නෑ. නමුත් මේවායින් සැලකිය යුත් කිහිපයක් පිළිබඳව පමණක් පහත දැක්වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!