Showing posts with label එදා සහ අද. Show all posts
Showing posts with label එදා සහ අද. Show all posts

Nov 10, 2012

ගිනිගෙඩි, ගිනිබෝල සහ අකුණු


වැස්සයි ගෙරවිල්ලයි
මතක්කලා මට කතාවක්
මං පොඩිකාලේ
අපෙ ලොකු ආච්චි කිව්

ආච්චි තරුණ කාලේ
හිටියෙ මීපේ මහගෙදරලු
දවසක් දා
හැන්දෑවක
අකුණකුත් එක්ක
ගෙට ආවාලු මහා
ගිනිගෙඩියක්.....

ඇරල තිබුණ
දොරෙන් ඇවිත්
ආච්චි වාඩිවෙලා
හිටපු
පුටුව යටින්
විදුලි වේගෙන්
ගිහින්.....

කැබිනට් එකෙ
වීදුරු බිඳගෙන
නැවතුනාලු
වෑර්ලස් එක පුපුරවාගෙන!

මම නං ජීවිතේටම
ගිනිබෝලයක්
දැකල තියෙන්නෙ
එකපාරයි
ඒ අතින් අපෙ
ආච්චිලගේ තරුණකාලේ
කොච්චර වාසනාවන්තද?

ගිනිබෝල ගේ ඇතුලටම
ඇවිත්නේ.....


Nov 3, 2012

බ්ලොග් අතීතාවර්ජනා

බ්ලොග්.... හ්ම්ම්... දැනට අවුරුදු 3,4ක ඉඳං මං සම්බන්ධ වෙලා ඉන්න දෙයක් තමයි, බ්ලොග්!!


මගේ මුල්ම බ්ලොග් එක මං පටන්ගත්තේ මගේ මුල්ම [සහ එකම] මොබයිල් ෆෝන් එකෙන්. ෆෝන් එක සෝනි එරික්සන් K530i එකක්.

Nov 2, 2012

ෂර්ලොක් හෝම්ස් සහ චන්දන මෙන්ඩිස්

ෂර්ලොක් හෝම්ස් - විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්). 

නමුත්, නමුත් හෝම්ස් කතා තියෙන්නේ එච්චරයිද???? මෙන්න මේ ප්‍රශ්නය පසුගිය වසර 10ක පමණ ඉඳලා ලාංකීය සිංහල පාඨකයන් අතර නිතර නිතර ඇතිවුණා. විශේෂයෙන්ම "කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" පැවැත්වෙන දවස්වලට වෙනදාටත් වඩා. ඇයි එහෙම වුණේ?? අපි කතා කරමු. 

Feb 14, 2012

ඇමෙරිකාවේ රෙස්ලින් ඉතිහාසය, කෙටියෙන් හා සිංහලෙන්.

ප්‍රෝෆෙෂනල් රෙස්ලින්ග් (Pro Wrestling) කියන්නෙ ලෝකප්‍රසිද්ධ විනෝදාත්මක-ක්‍රීඩාවක් (Sports Entertainment). මොකද මේකට  Sports Entertainment කියන්නෙ? හේතුව තමයි මෙහි ප්‍රධාන අරමුණ ජය-පැරදුමට වඩා නරඹන්නන්ට විනෝදය සැපයීම. ඔලිම්පික් වල තියෙන රෙස්ලින් වලත් (සාමාන්‍ය ව්‍යවහාරයේ මල්ලවපොර) මේ රෙස්ලින් වලත් වෙනස අන්න එකයි. මේ විනෝදාත්මක, චිත්‍රපට-බඳු ගති ලක්ෂණ නිසා අද වෙද්දී ප්‍රෝ රෙස්ලින් ලෝකයේ වැඩියෙන්ම කතාවෙන, ඒ වගේම වැඩිම ආදායමක් උපයන ක්‍රීඩාවක් බවට‍ පත්වෙලා තියෙනවා.

The Undertaker & Triple H

Dec 30, 2011

Friends With Benefits - "වාසිසහගත යහළුකම"

ඉතින් කට්ටිය කොහොමෙයි? 2011ත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නේ, 2012 කට ගාව, පිස්සු හැදෙනවනේ ඒ ගැන හිතුවම. anyway අද ඔන්න මම මගේ කවිකාර සිත පැත්තක තියල පොඩි රචනාවක් ලියන්න ඕනේ කියල හිතුව. එක අතකින් බැලුවම මිනිස්සු අද කාලේ කවි වලට වඩා රචනාවලට කැමතියි. මොකද කියවන්න තියෙන දේ වැඩිනේ. හොඳයි දැන් බලමු අද මම මොනාගැනද ලියන්නේ කියල.....



Dec 29, 2011

The Bitter Truth, The Whole Truth, And Nothing But, The Truth!

So a day or 2 ago. I saw a girl has updated her status on fb saying, "Oh **a famous rappers' name** is so hot!". But da most amazing thing was dat she had 15 or so likes for a status simple as dat. I didn't check da list of people who had liked it Coz it'll just make me scowl on those loosers. Anyway after dat i was thinking, what if i did update my status like dat? Would i get as much as likes she got? Well da answer wasn't dat hard to find after all. It's a huge NO! But before dat lets see at the outcome if i did updated like dat. If i did mention a male artist, Oh Hell as sure i'd be called gay!! If i did mention a female artist, well not much likes anyways. So Wuz da reason? Well simply, I'M NOT A GIRL! Dat's da answer right there. Girls get likes even if they type "........". Oh i've seen it, trust me. So what does it say in da end of da day? Dat No matter how hard u scream bout females being dominated by males, it's not true. At least in fb it's totally da opposite. Heck after all everyone loves buns and pussy!!!!!!!!!!!!!!!!

Dec 27, 2011

බඩුවකට love කලෙමි.......

ආදරය කෙතරම් සොඳුරුදැයි
සිතුණි මට ඇය සමඟ යනවිට
වාසනාවන්තයෙක් විය මා
ඇගේ අත ගෙන පියනගන්නට
නමුදු එය සිහිනයක්ව ඇත දැන්
මගේ නොව එය ඇගේ වරදින්
කුමක් කරමුද නොදන්නෙමි මා
අපේ ස්ටෝරිය මෙහි කියනු මිස

අද වාගේ මට මතකයි අප දෙදෙනා මුණගැසුණා
random add එකක්ය but ඔයා මාව accept කලා
ලස්සන පින්තූර ගොඩක් album වල පිරී ගලා
චැට් එකකට සෙට් වෙනකන් ඇඟිලි ගැනන් මා සිටියා

මගේ ඉහේ මලක් පිපුනි ඔබ දුටු ඒ මුල් දිනයේ
ඒ මල පළ බරවුයේ ඔබ online සිටි දිනයේ
එතැන් පටන් continuous අපි දෙදෙනා චැට් කෙරුවේ
අවසානය මලගෙයක්ව ඉවර නොවේ මා සිතුවේ

Dec 13, 2011

අපගේ කරුමය

අවිදු අඳුර දුරලූ
නිමල පහන වූ
සෝම සමිඳු ඔබ
මේ පින්බිම නැත
වජිරාරාමය වජිරඤාණය
පාලුවට ගොසින්
ඔබ එහි නැති සඳ
කොතෙකුත් හිමිවරු
ඔබේ තැන ගන්නට
උත්සාහ කරතත්
ඔබ නැති රික්තය
පුරවනු කෙලෙසද

නොසිතූ මොහොතක
අප හැර යන්නට
ඔබගේ නොව එය
අපගේ කරුමය
වෙන්වී අපගෙන්
අට වසරක් වන
මේ මොහොතේ ඔබ
සිහිකරමි බැතින්
සිටියානම් අද
කෙතරම් අගනේද
බොදු පුනරුදයේ
නියමුවා ඔබ නේද

සෝම සමිඳුනි ඔබට නිවන් සුව!

Dec 10, 2011

මූණුපොතේ girls vs boys

මූණුපොතේ නිතර දකින සිද්දියක් තමයි
ගැහැණු ළමයි හැම නිතරම over පිරිමි ළමයි
අනේ අපෙත් ගොන් බූරුවෝ දිගට comments දමයි
ඒවා දැකල මට අද කාපුව උගුරට එයි

"shaa, what a beauty, ඔයා මාර ලස්සනයි"
"most beauty grl in the world ඔයා" කියයි
ඒ උනාට පින්තූරේ ඉන්න model තමයි
ලංකාවේ නම ගිය ලොකු model shows කරයි

අනේ තොපේ ඇස් දෙකටම හෙණ ගහලද බොලව්
ඒ නැත්තන් ඔලුවට පොල්ලෙන් ගහලද රිලව්
පින්තූරේ fake කියල තේරෙන්නෙ නැත්තම්
අපිට වද නොදී fb එකෙන්ම පලයව්

තවත් ජාතියක හරකුන් වගයක් ඉන්නේ
නොදන්න කඩ්ඩෙන් නිතරම comment කරන්නේ
අනේ යකෝ දන්නැත්තන් නිකන් හිටින්නේ
එකී මොනා කලත් තොපිට කැමති නොවෙන්නේ

"v beuty, sha cuty, i lk u" කියයි
කිව්වත් කට හදාල "මගේ නංගි කෙනෙක් වගෙයි"
හරක හැරෙද්දිම ඕකා එන්නේ මොකටදැයි
පොල් පැලෙ කාදාන්න මිස වෙන මොකටද ඕයි

මෙහෙම ගියොත් කුණුහරුපත් කියල තමයි නවතින්නේ
ඊට හොඳයි කෝච්චියට පැනල දිවිය නහගන්නේ
ඒක නිසා අද මම මෙය තව එකකින් නවතන්නේ
වෙන දවසක ඇවිදින් තොපෙ අමුඩේ ඉඳං ගලවන්නේ

මේ විදියට බැලුවම කෙල්ලන්ගේ වැරදි නෙවෙයි
අපිට වැඩිය comments likes උන්ට ලැබුනේ ඇයි
අපෙම හරක් දීගෙන පස්සෙන් යන නිසා තමයි
මූණුපොතේ කොල්ලෝ නිකන් බල්ලෝ වගේ සිටියි

P.S ; don't take it too personal, and go around barking, showing off your true colors. but if the hat suits you, well sure, put it on!
ප.ලි. ; තොප්පිය හරි නං දාගන්න. නැත්තන් වෙන කෙනෙකුට chance එක දෙන්න.


Dec 9, 2011

................සිහින................

අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ නිදාගන්න ගියාම පේන හීන නෙමෙයි. ඒවා නං උදේ වෙද්දී අමතකයි නේ හුගාක් අයට. මං කතා කරන්නේ අනාගතය ගැන තියෙන හීන. තමන් අනාගතයේදී වෙන්නේ කව්ද කියල තමන්ට තියෙන හීන. ඒ හීන ඇත්තටම බැලුවොත් බොහොම පොඩි කාලේ, ඒ කියන්නේ "හය හතර තේරෙන" කාලේ ඉඳල තියෙන ඒවා. මටත් තිබුන ඒ වගේ ගොඩාක් හීන. පොඩ්ඩක් අහගෙන ඉන්න මං කියන්නං.

Dec 4, 2011

මට මතකයි මට මතකයි

අද හැමෝම කතා කරන්නේ highway එක ගැනලූ
අය-වැය සහනය වගේ එකක්ලු වැඩක් ඇත්තේ නෑලූ
දැක්කා පත්තරේ එකෙක් පෙරරිලා හොඳි ඕනෙම නෑලූ
මටත් පොඩි කතාවක් මතක් උනා, කියන්නදෝ යාලූ

මට මතකයි මට මතකයි ඕක පටන් ගත්ත කාලේ
මාර විදියෙ විරෝදයක් තිබුන අපේ ගෙවල් පැත්තේ
highway එක වත්ත පහළ වෙල උඩිනුයි යන්න තිබ්බේ
ඒකට හරි යන්න අපට වන්දියකුත් දෙනවා කිව්වේ

පාරේ ඉඳල 100 මීටර් යනකන් නෝ building
අපේ ගෙවල් අකුලාගෙන යන්න උනේ ලෑන්ඩ් hunting
ඕක හින්ද කිසිම කෙනෙක් හයිවෙ එකට නෝ liking
පෙත්සමකුත් ගැහුව වගේ මතකයි මට sure ඉතින්

ඕවා ගැන එච්චර තේරුමක් තිබුනේ නෑ මට නං
පාර හැදෙනකන් හිටියේ මගේ ඇඟිලි මමම ගැනං
කොච්චර fun එකක් වෙයිද පාර වෙල උඩින් යද්දින්
ලස්සන පින්තූර තිබ්බ අපිට බෙදපු කොළ වල නං

අනේ ඉතින් අන්තිමේදී මාර වැඩේ අපිට උනේ
කාගේද පත බේගලෙකට අහුවෙලානේ සේරම උන්
highway එක යන්නෙ කිලෝ මීටර් ගානක් ඈතින්
මදැයි මාත් බලන් හිටිය අපේ වෙලට කෙල වෙනකන්

අවුරුද ගානක් කියවල අන්තිමේදී පාර ඇරිය
ලස්සනයිලු යන්න ඕනෙ දවසක ඔය පාරෙ ඇරල
වත්ත පහළ වෙල නං කිසි වෙනසක් නෑ කැලේ වැවිල
පාර එතන උඩින් ගියානං කොහොමද හිතේ මැවිල



Nov 28, 2011

බම්බුවේ කොමඩි!

ඔන්න අද ඉතින් shadyයයි උගේ nibm එකේ බොක්කවල් සෙට් එකයි ගියා Liberty එකේ පෙන්නන ෆිල්ම් එකක් බලන්න. 1.30 ෂෝ එක නිසා කට්ටිය හවස lectures cut කරගෙන තමයි ගියේ. shadyය නං වැඩියමත් ගියේ හුඟ කාලෙකින් හෝල් එකක ෆිල්ම් එකක් බලන්න බැරි වෙච්ච හින්ද. කෙල්ලෙක් නැති උනාම තියෙන ලොකුම පාඩුව තමයි ඒක. කොහොමහරි ඉතින් කට්ටිය ගියා කියමුකෝ. ෆිල්ම් පෝස්ටරේ නං තිබ්බේ "හිනා කකා හිනා වෙන්නද" මොකක්ද එකක්. ගැන්සිය ඉතින් ODC ටිකට් හෙම අරගෙන වැඩි උනා ඇතුලෙන්. වෙලාවට උන් එළියෙන් රටකජුයි, මය්යෝක්කයි අරන් ආවා හපන්න කියල. ඔන්න දැන් ෆිල්ම් එකත යනවා. බන්දුයි ටෙනියි තමා ප්‍රදාන චරිත රගපාන්නේ. පැය බාගයක් විතර ගියාම තමා කට්ටියට ආපු මෝඩකම කියල හිතුනේ. මොනාද ඉතින් ලංකාවේ සම්ප්‍රදායික කොමඩි වට්ටෝරුවමනේ. reverse එකට cycle පදින එකයි, කට උල් කර කර එක එක මගුල් කියවන එකයි, පොලිසිය ගොනාට අන්දන එකයි තමා සම්පුර්ණ වශයෙන්ම තිබ්බේ. ආ තව අර ලඟදි ප්‍රසිද්ද වෙච්ච කට හැකර පොඩි කොල්ලෙකුත් එහෙං මෙහෙන් "විහිලු කෑලි" දදා හිටිය. ඇත්තටම ලංකාවේ කොමඩි මේ ඒකාකාරී, විකාර, වැදගැම්මකට නැති ක්‍රමයෙන් බැහැර වෙන්නේ කවද්ද? හ්ම්ම් ඇත්ත, සමහරු ඒක වෙනස් කරන්න ට්‍රයි කරනවා. හොඳම උදාහරණෙ තමයි "මචං" ෆිල්ම් එක


shadyයට අනුව (ඒ කියන්නේ මිනිහ බලපු ෆිල්ම් වලින්) "මචං" තමයි ලංකාවේ බිහිවෙච්ච හොඳම සිංහල චිත්‍රපටිය. කොහොමද එහෙම වෙන්නේ? මොකද එකේ ඉල ඇදෙන විහිලු නැහැ, "ඩිෂුම් ඩිෂුම්" fight ඇත්තෙත් නැහැ. එකේ තියෙන්නේ රට යන්න ආසාව තියෙන සෙට් එකක් කොහොමහරි තමන්ගේ සිහිනේ සැබෑ කරගන්න හැටිනේ. එකට ගහන plan එක උනත් අස්වාභාවික නැහැනේ? ඇත්තටම වෙච්ච දෙයක් නේ අනික. අන්න එහෙමයි "මචං" ලංකාවේ හොඳම (shadyයට අනුව) සිංහල චිත්‍රපටිය වෙන්නේ. ඇයි අනිත් අයටත් බැරි වෙනසක් ඇති කරන්න? හැමදාම කරන මල් ගස් වටේ දුවන සින්දු ටිකයි, හරියට රඟපාන්නවත් බැරි සහය නළු නිලියෝ ටිකයි, ගොන්ම ගොන් fight ටිකයි, හරක් වගේ පොලිස් කාරයෝ ටිකයි පයින් ගහල එලවල දාල, වෙනසක් කරපල්ලකෝ. අපේ කෙසේවෙතත් රඟන උන්ගේ ඉල ඇදෙන කොමඩි ටික විසිකරලා, හොඳ නැගල යන වැඩක් කරල මේ විකාර රැල්ල නවත්තනවනන් කොච්චර හොඳද ඈ?

Nov 14, 2011

posh! ma azz!

හරි ඔන්‍න‍ ඉතින් මම ආයෙත් ආවා තව අලුත් අදහසුත් අරගෙන. කට්ටිය බලනවත් ඇති අද shadyගෙ කතා නැද්ද කියල. නෑ, අද මං හිතුව 3rd-person talk නැතුව කියන දේ කෙලින්ම කියනවා කියල. හරි හරි වෙනදත් කිව්වේ කෙලින් තමා but 3rd personනේ. අද වෙනස්නේ, හරිනේ? ok ok අද ඉතින් මොනාද ලියන්නේ කියල තමා මං මේ කල්පනා කොරන්නේ. ආ මං කොන්ඩේ කැපුවනේ. ඔව් 0න් ම ගාල දැම්ම, දැන් නිකං SSC ground එක වගේ, කොළ පාට විතරයි අඩු. දැන් අම්මටත් ඒක පුරුදු හින්ද අවුලක් නැහැ. නැත්තන් ඉතින් දකින දකින වෙලේට හුල්ලනවනේ, හනේ හපොයි කියල. තව මේ දවස් ටිකේම photos ගත්ත එක එක තැන් වල. නිදහස් චතුරස්රේ නං අම්බානක photo ගත්ත. ඇත්තම කිව්වොත් නං, නිදහස් චතුරස්රේ මාර නිදහස් ඈ. ඒක වටේ තියෙන garden එකේ ගිනි ගොඩක් ගහල bbq partyක් දැම්මත් මුකුත් කියන එකක් නෑ මං හිතන්නේ. but sure නැහැ. ගත්ත photos සේරම වගේ ඉතින් fb එකේ තමා. ඒවයින් ටිකක් අරගෙන පොඩි edit පාරක් හෙම දාල මගේ album එකකටත් දාගත්ත. දැන් ඉතින් බලනවා ඇති මේ කෙහෙම්මල් මොන මගුලකටද කියල. ඉතින් දෙයියනේ මේ මගේ ජොයින්ට් එකනේ. මේකේ මට ඕනෙ දේවල් මට ඕනෙ විදියටනේ මම ලියන්නේ. sorry.com තමා මේවා දිරවන්නැත්තන්.

posh කෑලි set වන්නේ posh කොල්ලන්ටමද?
හරි වල් පල් අමතක කරමු. picture එක දැක්කනේ? මගේ ප්‍රශ්නේ තමයි, "ඇයි මෙහෙම වෙන්නේ?" bollywood බම්බුවක් නෙමෙයි මං අහන්නේ. posh කෙල්ලෝ සෙට් වෙන්නේ posh කොල්ලෝ එක්ක විතරද? that's ma question, yo! ඉස්සර කතාව ගියේ කොහොමද? එක්කෝ වලව්වේ පොඩි හාමු සෙට් උනා ගමේ දුප්පත් කෙල්ලත් එක්ක. එහෙම නැත්තන් කුමාරි හාමි වත්තේ වැඩ කරපු එකාට love කලා. ඒත් බලපන්කො අද! ගමේ වැල ගමේ කපුටන්ට කතාවක් තමයි වෙලා තියෙන්නේ. හොඳ posh බාන්ඩයක් අල්ලන්න නං තාත්තට ඉල්ලක්කම් 6 පඩියක් වත් තියෙන්න එපයි බන්. මොන මගුලක්ද? සල්ලි තියෙන ඇවුන් හොයන්නේ තව ඒ වගේම දත තියෙන partnersල නේ. පිස්සු හැදෙනවා. මේක මාර අසාදාරනයිනේ. අපිත් ආසයි දත තියෙන කෙල්ලෙකුට සෙට් වෙලා පොඩ්ඩක් enjoy කරන්න. ඒත් කොහෙද පිනක්. tele drama එකක් ගත්තත් අද කාලේ යන්න පොහොසත් පවුල්වල මල මගුලනේ. සිරාවට සල්ලි ලොකු වෙලාද? හැමෝම බලන්නේ සල්ලිමද?

මේ topic ගැන මෙහෙම කතා කරලා හරියන්නැහැ. ඇයි පොහොසත් කෙල්ලෝ, පොහොසත් කොල්ලන්වම හොයන්නේ? also vise versa. seriously dude, keep some for us, will ya?

Nov 7, 2011

ශේඩි පාර්ටි

ඔන්න ඉතින් අවුරුදු, මාස ගානකට පස්සේ Shady අයෙමත් බ්ලොග් බිස්නස් එකට බැහැල. Cinnamon Chargers කියන ආතල්, පට්ට සයිට් එක ගහල දන අවුරුදු කටත් වැඩියි. එත් කවුරුත් දන්නවා ඒක නං පට්ටෙට නැගල ගියා කියල. anyway පරණ වළන් අමතක කරලා අලුතෙන් පටන් ගන්නවා කියල හිතල තමා Shady මේක reboot කලේ. කොහොමින් කොහොමින් හරි ඉතින් ඔන්න උගේ විසිවෙන (20th) b'day එක තිබුනේ පහුගිය මාසේ. ඉතින් ඕකට මිනිහ ඉස්කෝලේ කට්ටිය එක්කහු කරන පොඩි පාර්ටියක් ලේස්ති කලා. ඒක තිබුනේ ගියා සිකුරාදා. ඕකට ඉතින් මිනිහගේ බොක්කවල් සේරම වගේ ආවා. දන්නැද්ද ඉතින් බේබද්දෝමනේ බොක්කවල් වෙන්නේ :පී අමුර්තය ගන්න ගියේ bamba වල Ariyapala Traders එකට. හප්පා බලන්න එපය් කඩේ ලස්සන. ලයිට් දාල, වීදුරු බෝතල් දිස්නේ ගහනවා. විනාඩි 5ක් විතර ගියා කැරකිල්ල නැති කරගන්න. කොහොම හරි ඉතින් අතගාල, ඉඹල බලල ඔන්න කට්ටිය බෝතල් 3ක් අරගත්ත. රුපියල්ම හෙන ගානක්. හැමදාම කරනවා වගේ මහා රජාගේ දෙමව්පියෝ සිහිකරකර (අමුර්තේ ගණන් හින්ද) කට්ටිය එලියට බැස්ස. ඊට පස්සේ ඒ ළඟ තිබ්බ තව joint එකකට ගිහින් pool පාරකුත් ගහලම කට්ටිය වැඩේට enter වෙන්න dehiwalaට ආවා.

dehiwala spot එකනං කොච්චර කලත් මල් 7. ඒ ඉන්න dial එක ටිකක් අප්සෙට් උනාට party දන්නා කියපු තැන. අපේ කට්ටියත් ඉතින් table එකක් සෙට් කරගෙන වැඩි උනා ඉතින් සුබ මොහොතින් පළමු බෝතලේ අරින්න. ඔය උඩ පැනගෙන ගියාට මොකෝ Shadyට සැර ජාති බොන්න බැහැ. ඔක්කාරෙට එනවලු. ඒ හින්ද මිනිහ කලින්ම පොඩි can එකක් වෙන් කරගෙන හිටිය. පාර්ටියත් නැගල ගියා. බෝතල් එක දෙක හිස් උනේ බලන් ඉද්දීම නේ. වට පිට බැලුවම Shadyට පේනවා දෙන්න තුන්දෙනා ටික ටික වැනෙනවා. අනේ මුන්ගේ වයසටද බොන්නේ? Shadyට හිතුන. ඒ දුකටම මිනිහ can ඒකෙන තව උගුරක්‌ ගහල දැම්ම.
Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!