Showing posts with label සල්ලි. Show all posts
Showing posts with label සල්ලි. Show all posts

Nov 4, 2012

බුරියානි කන පූස්පැටියා

"අපි කොහෙහරි යන්.." එයා කිව්වා. 

"කොහෙයන්නද අනේ දැන්? සල්ලිත් නෑ මං ගාව. ගෙදර යන්" මට නං ගෙදර යනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න මූඩ් එකක් නෑ.

"ඇයි ශානුක ඔයා ඊයේ අරම කිව්වේ? මට දරාගන්න බැරිවුණා ඔයා කියපු ඒ කතාව." මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා තනියම ඇවිදිනවා.

"මං කිව්වනේ සොරි කියල, පැටියෝ. මගේ අතින් වැරදිලා වගේ ටයිප් උනේ. හිතල මතල කිව්වා නෙමෙයි" 

"ඒ උනාට මගේ හිත රිදුන. මගේ කොල්ලනේද මෙහෙම කියන්නෙ කියල හිතල." 

දන්නෙම නැතුව බෝගහ ගාවටම ඇවිත්. උදේ ඉඳල මාත් එක්ක හිනාවත් උනේ නෑ. මූණ එල්ලගත්ත ගමන්. අද නං මෙයාව හලනවා බොරු. "මොනාහරි කනවද?"


"හ්ම්ම්. යන්කො" එයාම මට අඳුන්වල දීපු බෝගහ ළඟ බත් කඩේ. හැමදාම යන එන තැනක් නෙමෙයි උනත් කවදාවත් එයා නැතුව මං ඇවිල්ලම නෑ. 

Jan 27, 2012

............හීන : අංක 2.....................

මම පොඩිකාලේ ඉඳල දැකපු, බලපු හීන ගැන මීට කලින් කතාකරල තියෙනවනේ. හැබැයි අද කතා කරන්න යන්නෙත් හීන ගැන තමයි හැබැයි ටිකක් වෙනස්. කලින් ඒවා dreams කියල නම්කලොත්, අද කතාකරන ඒවා Fantasies කියල හඳුන්වන්න පුළුවන්. තරහ නැතුව බලමුද ඒ මොනාද කියල..........


        නළුවෙක් වෙන්න???????? පිස්සුද. ඒක නෙවෙයි, full suit එකක් අඳින්න! ඔව්, ඔව්, මම දන්නව ඒක මහා බරපතල ෆැන්ටසියක් වශයෙන් ගන්න බෑ කියල නමුත් Gentlemen suit එකක්, full suit  එකක් හෙවත් යුරෝපීය සම්පුර්ණ ඇඳුමක් අඳින එක දැන් ටික කාලෙක ඉඳල මගේ හිතේ තියන හීනයක්. ඇයි කියල නං මමම දන්නේ නෑ but i'm DAMN sure it'd look GR8 on me, for a fact!

මේකේ අවුල තියෙන්නේ මේ හීනේ ටිකක් ගණන්. දන්නවනේ අද කාලේ මේ ජාතියේ සම්පුර්ණ කිට් එකක් ගහන්න නං මොණරු ගොඩක් වියදම් වෙනවා කියල. කුලියට දෙන ඒවා නං තියනවා but who da fuck wanna wear those junk??????????? whaeva! ඊළඟට එන මගුල් ගෙදරදී බලමුකෝ..................


මගුලක් කිව්වම මතක් උනේ. ලංකාව බොහොම ප්‍රසිද්ධයිනෙ ලස්සන ලස්සන මුහුදු වෙරළ වලට. ඉතින් මගේ "මගුල් ෆැන්ටසිය" තමයි මුහුදු වෙරළක මගේ මගුල ගන්න. හැබැයි තාම ඒ ගැන හරි තීරණයක් නෑ, මොකද තනිකඩ ජීවිතයක් ගතකරන්න මගේ පොඩිවයින් අදහසකුත් තියෙනවා. හැබැයි තනිකඩ හීනෙට කෙල උනොත් නං මේ හීනෙ සලකා බලන්න පුළුවන්. සමීපතම කීපදෙනෙක් එක්ක, ලස්සන මුහුදු වෙරළක, පෝරුවේ චාරිත්‍ර කරලා විවාහ දිවියට ඇතුල්වෙන එක කොච්චර ලස්සන හීනයක්ද ඈ? පොඩ්ඩක් ඉතින් දන්නැද්ද, අර ඇමෙරිකන් ෆිල්ම් වල තියෙන වගේ වෙඩින් එකක්........................  


ඇමෙරිකන් ෆිල්ම් කිව්වම මතක් උනේ.....(දැන් කට්ටිය කල්පනා කරනවා ඇති "ඇයි යකෝ මූ හිතෙන හිතෙන මතක්වෙන මතක්වෙන එක ඔහේ බ්ලොග් එකේ ලියනවද?" කියල. එහෙම නෙමෙයි. අර ජේදයෙන් ජේදයට ගලායාමක් ඇතිකරන්න තමයි එහෙම කියන්නෙ, හොඳේ..)....ඔව්. චිත්‍රපටිය "friends with benefits"! පින්තුරේ ඉන්නේ JT සමග Mila Kunis! ඔව් i'm in love with Mila, just that she still doesn't know bout it! ඔව්, මම සම්පුර්ණ පොස්ට් එකක්ම කලා මේ ෆිල්ම් එක ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව! එහෙනං අහවල් රෙද්දටද මේ??????????? හේතු දෙකක් හින්ද. ඇත්තටම හීන දෙකක් කියල කියන්න පුළුවන්. 

1. මට මේ වගේ පට්ට, ලස්සන, ෆන්, ආතල් කෑල්ලක් කරන්න ඕනේ!
2. මේ ෆිල්ම් එකේ වගේ පැණි බේරෙන, හිත දවා අළුලන, ආදරෙන් මුසපත් වෙන, සුපිරිම සුපිරි love affair එකක් කරන්න ඕනේ!

හරි හරි දැන් හැමදාම ගහන බණේ පටන් ගන්න එපා ඉතින්, "ඕව තියෙන්නේ ෆිල්ම් වල විතරයි!" කියල. මේ ඉන්නේ ඇත්තම මිනිස්සු නං, ඇයි ඒ වගේ සීන් එකක් සැබෑ ජීවිතේදීත් වෙන්න බැරි? you just gotta believe. keep the faith! 

හරි වැදි බණ පැත්තකට දාල ආයෙත් මාතෘකාවට බහිමු. පට්ට කෙල්ලෙක් දාගන්න එක නං බොහෝ කාලෙක ඉඳං තියෙන හීනයක්‌, ඒ වගේම කියන්න සතුටුයි, මම සපල කරගත්ත හීන කීපය අතරින් එකක්. හරි හරි ඒ සේරම affairs දැන් ඉවරයි තමයි, but i had a taste *wink wink*. දැන් ඉතින් හීනෙ තියෙන්නෙ පට්ට එකක් දාගෙන සදාකාලිකවම ඒකත් එක්ක ඉන්න තමයි. 

ලව් ස්ටොරිය ගැන කිව්වොත්, මං හිතන්නේ අපේ සංස්කෘතියත් එක්ක ඉහත දැක්වූ ආකාරයේ ස්ටොරියක් කරන එක ටිකක් "අවුල් සහගතයි". ඒත් i still got the fantasy!.....................................................

හ්ම්ම් හැමදාම වගේ අදත් අවසානය ටිකක් අප්සෙට්. මම දන්නෑ ඇයි කියල, නමුත් i do suck at the conclusion. කොහොමහරි, අදට හීන ගැන කතා කරන එක ඔන්‍න‍ මං නැවැත්තුව. ආයෙම දවසක එන පොරොන්දුවෙන් ඔබෙන් සමුගනිමි...........!

Dec 27, 2011

බඩුවකට love කලෙමි.......

ආදරය කෙතරම් සොඳුරුදැයි
සිතුණි මට ඇය සමඟ යනවිට
වාසනාවන්තයෙක් විය මා
ඇගේ අත ගෙන පියනගන්නට
නමුදු එය සිහිනයක්ව ඇත දැන්
මගේ නොව එය ඇගේ වරදින්
කුමක් කරමුද නොදන්නෙමි මා
අපේ ස්ටෝරිය මෙහි කියනු මිස

අද වාගේ මට මතකයි අප දෙදෙනා මුණගැසුණා
random add එකක්ය but ඔයා මාව accept කලා
ලස්සන පින්තූර ගොඩක් album වල පිරී ගලා
චැට් එකකට සෙට් වෙනකන් ඇඟිලි ගැනන් මා සිටියා

මගේ ඉහේ මලක් පිපුනි ඔබ දුටු ඒ මුල් දිනයේ
ඒ මල පළ බරවුයේ ඔබ online සිටි දිනයේ
එතැන් පටන් continuous අපි දෙදෙනා චැට් කෙරුවේ
අවසානය මලගෙයක්ව ඉවර නොවේ මා සිතුවේ

Dec 9, 2011

................සිහින................

අපි හැමෝටම හීන තියෙනවා. ඔයාට, මට, එයාට, මෙයාට, අරයට, අල්ලපු ගෙදර එක්කෙනාට, මේ හැමෝටම හීන තියෙනවා. හෝව් හෝව්, මං කතා කරන්නේ නිදාගන්න ගියාම පේන හීන නෙමෙයි. ඒවා නං උදේ වෙද්දී අමතකයි නේ හුගාක් අයට. මං කතා කරන්නේ අනාගතය ගැන තියෙන හීන. තමන් අනාගතයේදී වෙන්නේ කව්ද කියල තමන්ට තියෙන හීන. ඒ හීන ඇත්තටම බැලුවොත් බොහොම පොඩි කාලේ, ඒ කියන්නේ "හය හතර තේරෙන" කාලේ ඉඳල තියෙන ඒවා. මටත් තිබුන ඒ වගේ ගොඩාක් හීන. පොඩ්ඩක් අහගෙන ඉන්න මං කියන්නං.

Nov 14, 2011

posh! ma azz!

හරි ඔන්‍න‍ ඉතින් මම ආයෙත් ආවා තව අලුත් අදහසුත් අරගෙන. කට්ටිය බලනවත් ඇති අද shadyගෙ කතා නැද්ද කියල. නෑ, අද මං හිතුව 3rd-person talk නැතුව කියන දේ කෙලින්ම කියනවා කියල. හරි හරි වෙනදත් කිව්වේ කෙලින් තමා but 3rd personනේ. අද වෙනස්නේ, හරිනේ? ok ok අද ඉතින් මොනාද ලියන්නේ කියල තමා මං මේ කල්පනා කොරන්නේ. ආ මං කොන්ඩේ කැපුවනේ. ඔව් 0න් ම ගාල දැම්ම, දැන් නිකං SSC ground එක වගේ, කොළ පාට විතරයි අඩු. දැන් අම්මටත් ඒක පුරුදු හින්ද අවුලක් නැහැ. නැත්තන් ඉතින් දකින දකින වෙලේට හුල්ලනවනේ, හනේ හපොයි කියල. තව මේ දවස් ටිකේම photos ගත්ත එක එක තැන් වල. නිදහස් චතුරස්රේ නං අම්බානක photo ගත්ත. ඇත්තම කිව්වොත් නං, නිදහස් චතුරස්රේ මාර නිදහස් ඈ. ඒක වටේ තියෙන garden එකේ ගිනි ගොඩක් ගහල bbq partyක් දැම්මත් මුකුත් කියන එකක් නෑ මං හිතන්නේ. but sure නැහැ. ගත්ත photos සේරම වගේ ඉතින් fb එකේ තමා. ඒවයින් ටිකක් අරගෙන පොඩි edit පාරක් හෙම දාල මගේ album එකකටත් දාගත්ත. දැන් ඉතින් බලනවා ඇති මේ කෙහෙම්මල් මොන මගුලකටද කියල. ඉතින් දෙයියනේ මේ මගේ ජොයින්ට් එකනේ. මේකේ මට ඕනෙ දේවල් මට ඕනෙ විදියටනේ මම ලියන්නේ. sorry.com තමා මේවා දිරවන්නැත්තන්.

posh කෑලි set වන්නේ posh කොල්ලන්ටමද?
හරි වල් පල් අමතක කරමු. picture එක දැක්කනේ? මගේ ප්‍රශ්නේ තමයි, "ඇයි මෙහෙම වෙන්නේ?" bollywood බම්බුවක් නෙමෙයි මං අහන්නේ. posh කෙල්ලෝ සෙට් වෙන්නේ posh කොල්ලෝ එක්ක විතරද? that's ma question, yo! ඉස්සර කතාව ගියේ කොහොමද? එක්කෝ වලව්වේ පොඩි හාමු සෙට් උනා ගමේ දුප්පත් කෙල්ලත් එක්ක. එහෙම නැත්තන් කුමාරි හාමි වත්තේ වැඩ කරපු එකාට love කලා. ඒත් බලපන්කො අද! ගමේ වැල ගමේ කපුටන්ට කතාවක් තමයි වෙලා තියෙන්නේ. හොඳ posh බාන්ඩයක් අල්ලන්න නං තාත්තට ඉල්ලක්කම් 6 පඩියක් වත් තියෙන්න එපයි බන්. මොන මගුලක්ද? සල්ලි තියෙන ඇවුන් හොයන්නේ තව ඒ වගේම දත තියෙන partnersල නේ. පිස්සු හැදෙනවා. මේක මාර අසාදාරනයිනේ. අපිත් ආසයි දත තියෙන කෙල්ලෙකුට සෙට් වෙලා පොඩ්ඩක් enjoy කරන්න. ඒත් කොහෙද පිනක්. tele drama එකක් ගත්තත් අද කාලේ යන්න පොහොසත් පවුල්වල මල මගුලනේ. සිරාවට සල්ලි ලොකු වෙලාද? හැමෝම බලන්නේ සල්ලිමද?

මේ topic ගැන මෙහෙම කතා කරලා හරියන්නැහැ. ඇයි පොහොසත් කෙල්ලෝ, පොහොසත් කොල්ලන්වම හොයන්නේ? also vise versa. seriously dude, keep some for us, will ya?

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!