Showing posts with label බේබද්දෝ. Show all posts
Showing posts with label බේබද්දෝ. Show all posts

Nov 11, 2012

එකෝමත් එක කාලෙක.... - තාරුණ්‍යයේ හදගැස්ම අඳුනන අපේ කාලයේ කවි කතාව

ෂුවර් හැමෝම බලනවා ඇති මොකෝ මම මේ දවස්වල දිගට හරහට කවි, නිසදැස් ලියන්නේ කියලා. හ්ම්ම්, මට හිතෙන විදියට නම් ඒක වඩා ලේසියි පතරංග ජේද ලියනවට වඩා. කොහොමහරි ඔන්න මමත් කවි කතාවක් ලිව්වා. ඇත්තටම ඊයේ රෑ නිදාගන්න ගියාම තමා මේ අයිඩියා එක ආවේ. අපි හැමෝම පුංචි කාලේ අහල, කියවල, විඳලා, විඳවලා තියෙන "සිරිමත් මගේ සකි" කියන කවි පන්තිය තමයි මම මේකට මූලබීජය ලෙස අරගත්තේ. කියවලා බලන්නකෝ. ඔයාගේ අදහසුත් දක්වන්න ^_^

එකෝමත් එක කාලෙක
ඈත ගම්දනව්වක
කටුමැටි ගැසූ මැදුරක
උන්න දරුවෙක් නමින් තාරක

පියා ගොවියෙකි හීං බණ්ඩා
ගෙවිලියකි මව කිව්වෙ මැණිකා
මෙතුන හැර තව ගෙදර උන්නා
සිය වසකි තාරකගෙ සීයා

Dec 7, 2011

ගොරවන්නේ ඇයි????????

නදී ගංගා තරණයේ, සැරි සරා සැඩ මාරුතේ
පට්ට වෙහෙසයිනේ.
ගොරවන්නේ ඇයි සොඳුරියේ, වැඩිය නෑ බිව්වේ
හැමදාම බොන්නෑනේ.
සුදු දුම් රැල්ලේ දැවටිලා, මන්ද මාරුතයේ
ඔබ සොයා එමී.

ගලා යන බෝතල් අඩී
දමා යලි පුරවන තුරා ඕඕඕඕඕ
මීවිතෙන් සුපර් ගානට මත් වෙලා
නිරතුරුව අපි වැනෙන්නේ

මංමුලා නොවේ කිසිදා
පාර මා සතුවේ
නොවැටි එන්නෙමි
මගේ බේබදු මිතුරනී
බලා සිටි මා එනතුරා
නිරතුරුව ඔවුන් බීමතින්

නදී ගංගා තරණයේ, සැරි සරා බාර් සොයමිනේ
මාර tiringනේ.
ගොරවනු හොඳ නෑ සොඳුරියේ, අමාරුවෙනුයි ගෙදර ආවේ
හැමදාම බොන්නෑනේ.
නදී ගංගා.......ඕග්..ඕග්ග්...ඔඕඕග්ග්ග්...........................................ආයේ බොන්නෑනේ    ඕග්...


Nov 7, 2011

ශේඩි පාර්ටි

ඔන්න ඉතින් අවුරුදු, මාස ගානකට පස්සේ Shady අයෙමත් බ්ලොග් බිස්නස් එකට බැහැල. Cinnamon Chargers කියන ආතල්, පට්ට සයිට් එක ගහල දන අවුරුදු කටත් වැඩියි. එත් කවුරුත් දන්නවා ඒක නං පට්ටෙට නැගල ගියා කියල. anyway පරණ වළන් අමතක කරලා අලුතෙන් පටන් ගන්නවා කියල හිතල තමා Shady මේක reboot කලේ. කොහොමින් කොහොමින් හරි ඉතින් ඔන්න උගේ විසිවෙන (20th) b'day එක තිබුනේ පහුගිය මාසේ. ඉතින් ඕකට මිනිහ ඉස්කෝලේ කට්ටිය එක්කහු කරන පොඩි පාර්ටියක් ලේස්ති කලා. ඒක තිබුනේ ගියා සිකුරාදා. ඕකට ඉතින් මිනිහගේ බොක්කවල් සේරම වගේ ආවා. දන්නැද්ද ඉතින් බේබද්දෝමනේ බොක්කවල් වෙන්නේ :පී අමුර්තය ගන්න ගියේ bamba වල Ariyapala Traders එකට. හප්පා බලන්න එපය් කඩේ ලස්සන. ලයිට් දාල, වීදුරු බෝතල් දිස්නේ ගහනවා. විනාඩි 5ක් විතර ගියා කැරකිල්ල නැති කරගන්න. කොහොම හරි ඉතින් අතගාල, ඉඹල බලල ඔන්න කට්ටිය බෝතල් 3ක් අරගත්ත. රුපියල්ම හෙන ගානක්. හැමදාම කරනවා වගේ මහා රජාගේ දෙමව්පියෝ සිහිකරකර (අමුර්තේ ගණන් හින්ද) කට්ටිය එලියට බැස්ස. ඊට පස්සේ ඒ ළඟ තිබ්බ තව joint එකකට ගිහින් pool පාරකුත් ගහලම කට්ටිය වැඩේට enter වෙන්න dehiwalaට ආවා.

dehiwala spot එකනං කොච්චර කලත් මල් 7. ඒ ඉන්න dial එක ටිකක් අප්සෙට් උනාට party දන්නා කියපු තැන. අපේ කට්ටියත් ඉතින් table එකක් සෙට් කරගෙන වැඩි උනා ඉතින් සුබ මොහොතින් පළමු බෝතලේ අරින්න. ඔය උඩ පැනගෙන ගියාට මොකෝ Shadyට සැර ජාති බොන්න බැහැ. ඔක්කාරෙට එනවලු. ඒ හින්ද මිනිහ කලින්ම පොඩි can එකක් වෙන් කරගෙන හිටිය. පාර්ටියත් නැගල ගියා. බෝතල් එක දෙක හිස් උනේ බලන් ඉද්දීම නේ. වට පිට බැලුවම Shadyට පේනවා දෙන්න තුන්දෙනා ටික ටික වැනෙනවා. අනේ මුන්ගේ වයසටද බොන්නේ? Shadyට හිතුන. ඒ දුකටම මිනිහ can ඒකෙන තව උගුරක්‌ ගහල දැම්ම.
Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!