Nov 4, 2012

ස්ටැනා සහ මනෝජ් - මචං 1 කොටස


පෝස්ටර් මිටිය ඇත මගේ කිහිල්ලේ
බාල්දියේ හොඳහැටි උකු පාප්පේ
පාරේ මොකෙක්වත් නැති මේ නිනව්වේ
අලවාපන් කොලයක් ඔය ඉලව්වේ

ඈතින් වැනෙනා එළියකි පේන්නේ
පටි ඩබලක් එන ලෙසකුයි හැඟෙන්නේ
ඔය ගැට්ටට මුවා වෙලා ඉඳින්නේ
පර බල්ලෙක් මෙතන ඇවිත් හු*න්නේ

සුළුදිය යයි ගලා
මෙතන උඹට හිනා
දීපිය ඔය පෝස්ටරේ
පිසද ගන්න මෙමා


සුබ ලකුණකි ඔය තියෙන්නේ
පිහිදාන්නේ නැතුව ඉන්නේ
හෙට එම්බසි ගියාම බොට
වීස එකට පොට හැදෙන්නේ

උදේ ඉඳං විකුණ දොඩම්
හම්බ කරපු කාසි පනම්
ෂර්ට් එකයි වීසා ගෙවන්
කුණු ලොරියේ ගෙදර යමන්

සරණාගත වෙන්න උඹට ලැජ්ජයි මට තේරෙනවා
ඒක නිසා අදත් හිස් අතින්ම ගෙදර ගාටනවා
පොඩි මල්ලිය මැරයෙක් වී සල්ලි පනම් උපයනවා
මස්සින පස්සෙන් එනකොට ආච්චිඅම්ම බේරනවා

අක්ක ඩුබායි යන්න හදයි ණය තුරුසෙන් ගැලවෙන්නට
උන්ට කෙළවුණේ හොර ඒජන්සියකට පින්වෙන්නට
ගින්නක් දීපන් සිගරට් එකක් පත්තු කරගන්නට
ඉතුරුවෙලා තියෙන්නේ දැන් වකුගඩුවක් දන් දෙන්නට

මොකද්ද බං මේ කොලේ උඹේ සාක්කුවෙන් එලිපැන්නා
අම්මටසිරි ජර්මන් ක්‍රීඩාවක් ගැන මෙහි එන්නා
බැවේරියාවෙයි තියෙන්නෙ සැප්තැම්බර් මේ වසරා
උඹ අඳුරන එකෙක් නැද්ද හෑන්ඩ්බෝල් ගැන දන්නා..........


තාවකාලික විරාමය.

4 comments:

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!