Dec 16, 2012

ලොව පරසිදු අපරාධ - 1 කොටස

හ්ම්ම්, ඊයේ (15) දවසේ අන්තර්ජාතිකව කතා වෙච්ච ප්‍රධානම මාතෘකාව උනේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ නිව් ටවුන් නගරයේ පාසලක සිද්ද වුණු ඝාතන පෙල. 20හැවිරිදි ඇඩම් පීටර් ලන්සා තමන්ගේ මව සේවය කරපු ඉස්කෝලෙට පැනලා හතර අතට වෙඩි තියල 27දෙනෙක්ව ඝාතනය කළා. ශේඩියට තියෙනවා ඔය හුඟක් අය කියන්නැහේ "fake" ප්‍රෝෆයිල් වගයක් මුණුපොතේ. ඒ හැම එකකම වගේ වැඩිපුර ඉන්නේ ඇමෙරිකන් කෑලි හින්දා මිනිහගේ 'නිව්ස්ෆීඩ්' දොරේ ගැලුවා ඉහත සිද්දිය පිළිබඳව කණගාටුව දක්වපු 'පෝස්ට්ස්, ස්ටේටසස්' සහ 'පින්තූර' වලින්. කොහොමත් ඔය වගේ ෂෙයාරින් සීන් වලට අකමැති ශේඩිය එකක් දෙකක් කියල කටවහගත්තා.

ඒ කොහොම වුනත් ඇමෙරිකාවේ වෙන දේවල් ගැන ඇහැගහන් ඉන්න ඕනේ කෙනෙක් දන්නවා ඔය වගේ සිද්දි එහේ විරල නෑ කියල. උන්ගේ 'ගිනි අවි භාවිතය පිලිබඳ නීති' එච්චර තද නැති නිසා ඕවා උනේ නැත්තන් තමයි පුදුමේ. ඉතින් මේක ගැනත් මොනාහරිම ලියන්න ඕනේ කියල හිතපු ශේඩිය පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා. එහෙම හොයාගෙන යද්දී තමයි මිනිහට විකිපීඩියාවේ ලිපියක් හමු වුණේ, 'ලෝකයේ එදා මෙදා තුර පාසැල් පාදක ප්‍රචණ්ඩ අපරාධ සිදුකළ අපරාධකරුවෝ' කියල. ඒකෙ සඳහන් වෙන විදියට,

  •  1913 ජුනි 20වෙනිදා ඉඳල පහුගිය දෙසැම්බර් 14 දක්වා එවැනි අපරාධ 64ක් ලොව හතර වටින්ම වාර්තා වෙලා තියෙනවා.
  •  මින් සිද්දි 13ක් ජීවිත හානි වලින් තොරව නිම වෙලා.
  •  සිද්දි 37ක් මනුෂ්‍ය ඝාතන 10කට අඩුවෙන් සිද්ද වුණු අවස්ථා.
  •  සිද්දි 17ක් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී,
  •  සිද්දි 21ක් වාර්තා වෙනවා අපේ හිතමිත්‍ර චීනයෙන්. 

මේ 64ගැනම ලියන්න නං ශේඩියගේ අදහසක් නෑ. නමුත් මේවායින් සැලකිය යුත් කිහිපයක් පිළිබඳව පමණක් පහත දැක්වෙනවා.



දිනය :- 1913 ජුනි 20
ස්ථානය :- සාන්ත මේරි කතෝලික පාසල, බ්‍රෙමෙන්, ජර්මානු අධිරාජ්‍යය
ජීවිත හානි :- 05
තුවාලකරුවන් :- 21
ආයුධ :- 6-10 පිස්තෝල, රිවෝල්වර
අපරාධකරු :- Heinz Schmidt (29)

සාන්ත මේරි කතෝලික පාසල

'බ්‍රෙමෙන් පාසැල් වෙඩිතැබීම', මෙතෙක් වාර්තා වෙලා තියෙන මුල්ම සිද්දිය. 1913 ජුනි 20වෙනිදා හරියටම උදේ 11.00ට පාසලට ඇතුල්වුණු Heinz Schmidt නමැති 29හැවිරිදි රැකියාවිරහිත ගුරුවරයෙක් තමයි මෙය සිදුකරලා තියෙන්නේ. කොරිඩොවේදී 8b පන්තිකාමරයෙන් එළියට එමින් සිටි ගුරුවරියක් පළමුව වෙඩි ප්‍රහාරයට ලක්වුණා. නමුත් ඇය බේරී පලාගියා. ඉන් පසුව 8b පන්තියට ඇතුල්වුණු අපරාධකරු එහි සිටි 65ක් වූ (බොහොමයක් වයස අවුරුදු 6ත් 7ත් අතර) ගැහැණු ළමුන් දෙසට වෙඩි තැබුවා. එහිදී ළමුන් දෙදෙනෙක් මියගොස් තවත් 15ක් තුවාල ලැබුවා. කලබලය අතරම ළමුන් පන්තියෙන් පලායද්දී එක් ගැහැණු ළමයෙක් පඩිපෙලෙන් වැටී මියගියා. අනතුරුව එළියට පැමිණි Heinz තවත් පන්තිකාමරයකට ඇතුල්වෙන්නට උත්සහ දැරුවත් පන්තිබාර ගුරුවරිය දොර වැසීමෙන් උත්සාහය වැළකී ගියා. මෙයින් නොනැවතී උඩුමහලට ගමන් කළ අපරාධකරු පාසලේ සේවකයෙකුට හා තවත් ගුරුවරයෙකුටත් වෙඩි තබා, ඉහල මාලයේ ජනේලයෙන් ක්‍රීඩාපිටියේ සිටි සිසුන්ටත් වෙඩි තැබුවා. එහිදී පිරිමි ළමුන් 5දෙනෙක් හා තවත් අයෙක් තුවාල ලැබුවා.

කෙසේවුවත් කෝලහාලය ඇසී සහයට පිරිස පාසලට අතුල්වෙද්දීත් අපරාධකරුවාව යටත් කරගැනීමට ඉහත තුවාල ලැබූ පාසැල් සේවකයාත් තවත් ගුරුවරයෙකුත් සමත් වෙලා. ගැහැණු ළමුන් තිදෙනෙක් සිද්දිය වූ තැනම මියගිය අතර තවත් දෙදෙනෙක් පසුව මියගියා. ළමුන් 18ක් සහ තවත් තිදෙනෙක් තුවාල ලැබුවා.
පසුව සිදුකළ පරීක්ෂණ වලදී අපරාධය සඳහා Heinz රිවෝල්වර හා පිස්තෝල (6ත් 10ත් අතර විවිධ වාර්තා වලට අනුව) සඳහා 1000ක් පමණ රැගෙන පැමිණි බව හෙළිවුණා.

වරදකරු වුණු Heinz Jakob Friedrich Ernst Schmidt ඉපදුණේ 1883 සැප්තැම්බර් 24 ජර්මනියේ Bad Sülze හිදී. 1912 මැයි 12වෙනිදා දක්වා ඔහු ගුරුවරයෙක් ලෙස රාජකාරි කලත්, මානසික කඩාවැටීම් හේතුවෙන් රැකියාවෙන් සමුගන්නට සිදුවුණා. සිද්දියෙන් අනතුරුව St. Jürgen-asylum හිදී කළ පරීක්ෂණ වලින් තහවුරු වුණා Heinz මානසික විකෘති භාවයට පත්ව ඇති බව. එම නිසා 1926දී මියයන තෙක් ඔහු සිටියේ එම මානසික රෝහලේ. මොහුව දැනහඳුනාගෙන සිටියවුන් ඔහුව හැඳින්වුයේ නිශ්ශබ්ද, ලැජ්ජාශීලී චරිතයක් ලෙසටයි.

සිදුවීමෙන් මියගිය පිරිස

Anna Cubizka, 7
Sophie Gornisiewicz (පඩිපෙලින් වැටී)
Else Hermann, 7
Maria Roblik, 8
Unknown girl
******************************************

දිනය :- 1927 මැයි 18
ස්ථානය :- බාත් ඒකාබද්ධ පාසල, බාත් නගරය, මිචිගන්, ඇමෙරිකා එක්සත් ජනපදය
ජීවිත හානි :- 45 (ළමුන් 38, ගුරුවරුන් 2, වෙනත් වැඩිහිටියන් 4, අපරාධකරු)
තුවාලකරුවන් :- 58
ආයුධ :- ඩයිනමයිට්, ගිනිබෝම්බ, පයිරටෝල්
අපරාධකරු :- Andrew Kehoe (55)

ඒකාබද්ධ පාසල

මුල් සිදුවීමෙන් වසර 14කට පසුව සිදුවුණු 'බාත් ව්‍යසනය' මෙතෙක් ලොව සිදුවුණු භයානකම පාසැල් කේන්ද්‍රකරගත් අපරාධය ලෙස හඳුන්වන්න පුළුවන්. 1927 මැයි 18වෙනිදා උදෑසන ආරම්භ වුණු මේ සිදුවීම ඇත්තටම වෙඩිතැබීමකින් එහා ගිය දෙයක්. මෙහිදී සිදුවුනේ අවස්ථා තුනකදී බෝම්බ පුපුරා යාමක්. වරදකරු ලෙස හඳුනාගත්තේ ඒකාබද්ධ පාසලේ පාසැල් කමිටුවෙ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරපු Andrew Kehoe නැමැත්තා.

Andrew Kehoe, 1920

මෙහි මොළකරු වුණු Andrew Philip Kehoe උපන්නේ 1872 පෙබරවාරි 1වෙනිදා. ඔහුගේ මව ඔහු කුඩාකාලයේම මියයනවා. ඊට පසුව පියා විවාහකරගන්නවා තරුණ කාන්තාවක්ව. වාර්තා අනුව Andrew සහ ඔහුගේ කුඩම්මා අතරේ හැලහැප්පීම් රැසක් සිදුවෙලා තිබෙනවා. Andrewට වයස 14දී කුස්සියේ සිදුවුණු අනතුරකින් කුඩම්මාට ගිනිඇවිලෙනවා. නිවන්න හිතාගෙන Andrew ඇයට ජලය වත් කලත් ඉන් ගින්න තවත් පැතීරී ඒ තුවාල වලින් ඇය මියයනවා.

1912දී Andrew විවාහකරගන්නවා Ellen Priceව. Andrewගේ අසල්වැසියන්ට අනුව Andrew බොහොම ඥානවන්ත, නමුත් තම මතයට එරෙහි වන්නන්ට එතරම් සුහද නොවූවෙක්. ඒ වගේම ඔහු තමන්ගේ ගොවිපලේ සතුන්ට කෘරලෙස සැලකු බවත් සඳහන්. සිදුවීම වෙන අවදියේදී ඔහුගේ බිරිඳ අසාද්‍ය රෝගී වෙනවා, පවුලම දුගී බවට ඇද දමමින්. බොහෝවිට මෙයම වෙන්නට පුළුවන් හේතුව ඔහුගේ ක්‍රියාවලට. කොහොම කවදා ඉඳං Andrew මෙම ප්‍රහාරය සැලසුම් කලාද කියල හරියටම කියන්න බැරිවුනත්, ඔහු පාසල ආශ්‍රිතව සිදුකල ක්‍රියා සහ පුපුරනද්‍රව්‍ය මිලදී ගත් දිනවකවානු බැලුවම, අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සැලසුම් කරපු බව හෙළිවුණා.

පාසැල් කමිටුවේ සාමාජිකයෙක් වගේම භාණ්ඩාගාරික වීම නිසා Andrewට නිදහසේ පාසැලේ ඕනෙම තැනකට යාමේ හැකියාව තිබුනා. ඒ වගේම විදුලි කාර්මික වැඩ පිළිබඳව හොඳ දැනුමක් ඔහු සතු වුණා. මේ නිසාම 1926 වසරේ මුල් කාර්තුවේදී පාසැල් කමිටුව ඔහුට පවරනවා නඩත්තු කටයුතු කරගෙන යාමට. ඒ කාලේදී තමයි ඔහු පුපුරනද්‍රව්‍ය ගබඩාකිරීම පටන්ගන්නේ. පයිරටෝල් නම් පුපුරනද්‍රව්‍ය ටොන් එකකටත් අධිකව මෙන්ම, ප්‍රාන්තයේ විවිධ පෙදෙස්වලින් ඔහු ඩයිනමයිට්ද මිලදී ගන්නවා. එකල බොහෝ ගොවිපොළවල් වල පුපුරනද්‍රව්‍ය භාවිත කල නිසා කිසිවෙක් මේ ගැන සැකහිතන්නේ නෑ. මෙයට අමතරව වින්චෙස්ටර් වර්ගයේ රයිෆලයක්ද ඔහු මිලදී ගන්නවා. සිද්දියට දින කිහිපයකට පෙර සිට Andrew තම ට්‍රක් රථයේ පසුපස ආසනය අබලි යකඩ වලින් පුරවා, ඉදිරි අසුන පිටුපසින් සෑහෙන තරම් ඩයිනමයිට් ගබඩා කරනවා.

නාගරික රෝහලේ වාර්තා වලට අනුව රෝහල් ගතව සිටි Ellen Price මැයි 16වෙනිදා රෝහලින් පිටවෙනවා. ඇය රෝහලින් පිටත් වීමත් ඉන් දවස් 2කට පසුව බෝම්බ පිපිරවීමත් අතර කාලය තුල Andrew ඇයව මරාදමනවා. ඔවුන්ගේ ගොවිපලේ පිටුපස කුකුල් කූඩු අතර විල්බරෝවක තිබිලා තමයි ඇගේ සිරුර හමුවන්නේ. විල්බරෝව අවටින් රිදී භාජන, රන්බඩු සමඟ පිළිස්සුනු නෝට්ටු දැමු ලෝහ පෙට්ටියක් හම්බවෙනවා. ඒ අතරම Andrew ගොවිපලේ සත්ව කූඩු අගුළු දමා ඒවා අතරත් පුපුරනද්‍රව්‍ය තැන්පත් කරනවා.


18වෙනිදා උදෑසන 8.45ට පමණ  ඔහු තමන්ගේ ගොවිපලේ අටවා තැබූ බෝම්බ පුපුරවහරිනවා. ගිනිනිවන භටයන් ඔහුගේ ගොවිපලට එද්දී ගින්න නිවන්න, Andrew තම රථයේ නැගී පිටව යන්නේ භටයන්ටත් වහාම පාසල වෙත යන්න කියමින්. ඒ අතරම ඔහු තමන් පාසලේ ඇටවූ බෝම්බ පුපුරවාහරිනවා, පාසලේ උතුරු අංගනය සහමුලින්ම විනාශකරමින් වගේම සිසුන් රැසක් මරණයට පත් කරමින්. ජීවිත බේරාගත් අය කියන විදියට පිපිරුමේ බලය කොතරම්ද කිව්වොත් මුළු ගොඩනැගිල්ලම අඩි 4ක් පමණ ඉහළට එසවී ඉන්පසුව ඇද වැටෙන්නේ බිත්ති සියල්ල බිම හෙලමින්.

පිපිරුමෙන් පස්සේ වටපිටාවේ පිරිස වගේම Andrewගේ ගොවිපලේ ගිනි නිවන්න යමින් තිබුණු රථත් වහාම ළඟා වෙනවා පාසලට. පිරිස වටවෙද්දී ඔහු කරන්නේ පුපුරනද්‍රව්‍ය පැටවූ තමන්ගේ කාරය ඔවුන් අතරට පදවාගෙනයෑම. පාසලේ අධ්‍යක්ෂකව දකින Andrew, ඔහුව තමා අසලට කැදවනවා. Huyck නම් ඔහු ලංවූ සැනින් Andrew තම ගිනිඅවියෙන් රථයේ වූ පුපුරනද්‍රව්‍ය වලට වෙඩිතබාගෙන සියදිවි නසාගන්නවා. මේ සියල්ලෙන් පසුව බේරාගැනීමේ කණ්ඩායම් පාසලේ බිම්මහලේ තිබී සොයාගන්නවා තවත් පුපුරා නොගිය කිලෝග්‍රෑම් 230ක පුපුරනද්‍රව්‍ය, බොහෝවිට මුළු පාසලම පුපුරවා හරින අදහසින් Kohoe සඟවා තැබූවා විය හැකි.

සිදුවීමෙන් මියගිය පිරිස

බෝම්බ ප්‍රහාරවලට පෙර - Nellie Kehoe, age 52, wife of Andrew Kehoe.

පාසැල් බෝම්බයෙන් -
Arnold V. Bauerle, age 8, 3rd grade.
Henry Bergan, age 14, 6th grade.
Herman Bergan age 11, 4th grade.
Emilie M. Bromundt, age 11, 5th grade.
Robert F. Bromundt, age 12, 5th grade.
Floyd E. Burnett, age 12, 6th grade.
Russell J. Chapman, age 8, 4th grade.
F. Robert Cochran, age 8, 3rd grade.
Ralph A. Cushman, age 7, 3rd grade.
Earl E. Ewing, age 11, 6th grade.
Katherine O. Foote, age 10, 6th grade.
Marjorie Fritz, age 9, 4th grade.
Carlyle W. Geisenhaver, age 9, 4th grade.
George P. Hall Jr., age 8, 3rd grade.
Willa M. Hall, age 11, 5th grade.
Iola I. Hart, age 12, 6th grade.
Percy E. Hart, age 11, 3rd grade.
Vivian O. Hart, age 8, 3rd grade.
Blanche E. Harte, age 30, teacher.
Gailand L. Harte, age 12, 6th grade.
LaVere R. Harte, age 9, 4th grade.
Stanley H. Harte, age 12, 6th grade.
Francis O. Hoeppner, age 13, 6th grade.
Cecial L. Hunter, age 13, 6th grade.
Doris E. Johns, age 8, 3rd grade.
Thelma I. MacDonald, age 8, 3rd grade.
Clarence W. McFarren, age 13, 6th grade.
J. Emerson Medcoff, age 8, 4th grade.
Emma A. Nickols, age 13, 6th grade.
Richard D. Richardson, age 12, 6th grade.
Elsie M. Robb, age 12, 6th grade.
Pauline M. Shirts, age 10, 5th grade.
Hazel I. Weatherby, age 21, teacher.
Elizabeth J. Witchell, age 10, 5th grade.
Lucile J. Witchell, age 9, 5th grade.
Harold L. Woodman, age 8, 3rd grade.
George O. Zimmerman, age 10, 3rd grade.
Lloyd Zimmerman, age 12, 5th grade.

ට්‍රක් රථය පිපිරීමෙන් -
Andrew P. Kehoe, age 55, perpetrator.
Emory E. Huyck, age 33, superintendent.
G. Cleo Claton, age 8, 2nd grade.
Nelson McFarren, age 74, retired farmer.
Glenn O. Smith, age 33, postmaster.

පසුව
Beatrice P. Gibbs, age 10, 4th grade.



ඛේදවාචකයෙන් පස්සේ පාසල නැවත විවෘත කලා 1927 සැප්තැම්බර් 5වෙනිදා. 1928දී හානි වුණු උතුරු අංගනය අලුතින්ම ඉදිකළා. ඉන්පස්සේ 1975දී එයත් ඉවත්කරලා එතැන ඉදිකළා කුඩා උද්‍යානයක්, මියගිය පිරිස සිහිකරලා. Andrew Kehoeගේ දේහය ඔහුගේ නැගණිය විසින් බාර ගෙන නම් නොකළ සොහොනක වළලනු ලැබුවා. ඔහුගේ බිරිඳ ඇගේ පවුලේ අය විසින් ඇගේ මුල් නම යටතේ පවුලේ සුසාන භූමියක වළලනු ලැබුවා.

**********************************************

...........කිහිපයක් ලියාගෙන යනවා කියල හිතුවට දැන් ශේඩියට කම්මැලියි. පස්සේ ලියනවා කියල තිබ්බොත් ලියවෙන්නෙම නෑ. ඒ හින්ද අනිත් සිද්දි ඊළඟ ලිපියෙන් දෙන්නම්කො......

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!