Apr 4, 2013

බිත්තර හරි ගණන්

There was a time, when i was soooo into our nation's history, that i could actually recite the names of most of the kings in the order of their reigns. Then i lost it!



සංගමයක් ඇත නමින් බොදු බල සේනා
තැන තැන සෙනග සමගින් දෙති දේශනා
එව්වා අසා පිරිසක් අපෙ ඔද වඩා
පැපිලියානේ ෆැෂන් බග් එක ගොස් කඩා

තමන්ටම ගහගත් මේජරය හින්දා
නිකං අපරාදේ මාලක පුතු
අත්අඩංගුවට ගත්ත පොලීසියට
කුණුබිත්තර හැර වෙන මොන සැලකිලි?

ඉන්දියාවේ ඇති තරඟාවලියට
ගියොතින් ගහනව කිව් ගම් බිත්තර
බැරිවුන හින්දා සපයාගන්නට
එනකන් රැකගෙන අපි කටුනායක

කහවත්තේ ගැහැණු
මරපු එකේ සැකකරු
දුන් අණින් නිතිපති
දැන් යෙහෙන් වැජඹෙති

මතකද මන්දා අර නයි නළගන
නයෙක් එක්ක ඉඳ පාරේ දමාගිය
ලෝකප් කරන්නට හොයනව පොලිසිය
ඒත් රටේ නෑ ගොස් ඇත පිටරට

ජයලලිතා ඒ අස්සේ
නටයි පරණ චිත්‍රපටේ
බයිස්කෝප් වීර හැත්ත
කොටියට යයි කඩේ

කියොතින් අනෙක විස්තර
ලියවෙයි නොයෙක් පත්තර
පලයන් නිකං මත්තල
දැන් හරි ගණන් බිත්තර

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!