Nov 8, 2011

රෝස්ට් or ටෝස්ට්?

ඔන්න ඉතින් අද shadyගෙ අම්මා පාන් ගෙනල්ල. නිකං පාන් නෙමේ, පෙති පාන්. දන්නවනේ අර පෙති පෙති ගහල තියෙන්නේ නිකං plywood වගේ, අන්න එව්වා. shadyත් හිටියේ බඩගින්නේ. ඉතින් මිනිහ මොකෝ කලේ, පාන් පෙති ටිකක් අරගත්ත roast කරන්න කියල. හැබයි මෙතැනදී පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ මොකක්ද දන්නවද? හරි ඊට‍ කලින් කියන්නන්කෝ මිනිහ වැඩේ කරන්න ගත්තේ කොහොමද කියල. shady වැඩේට අරගත්තේ අර රොටි තැටිය කියල කියන්නේ, අන්න ඒක. මොකද shadyලයි ගෙදර නෑනේ අර කර උනාම එලියට විසිවෙන ජාතියෙ equipment එකක්. කොහොමහරි අවුල එන්නේ ඇත්තටම මූ කරන්නේ toastද? එහෙමත් නැත්තන් roastද?

රෝස්ට්පාන්

අපි හැමෝම "රෝස්ට් පාන්" කාල තියෙනවනේ. අර තල්ල හම යන්නේ, අන්න එව්වා. ඒවා හදන්නේ ඉතින් පාන් පෝරණු වල නේ. හැඩ විතරයි වෙනස්, නැත්තන් පාන් ම තමයි. තව දන්නවද මේ මෑතකදි ආවා "පාන් රෝස්" කියල ජාතියකුත්? රෝස් පාන් තරම් හයිය නෑ හැබැයි පාන් වලට වඩා වෙනස් එකක්. ඒ වගේම අර shady හදන්න යන විදියටත් පාන් නොකාපු අය නෑනේ. කාපු අය දන්නවනේ එකේ රහ, අම්මේ බටර් නාවල ගත්තම ලොරියක් හරි කතහැකි. හරි anyways ඔයාල තව ජාතියක් කලා තියෙනවද අර toaster එක කියල පොතක් වගේ machine එකක් මැදට දාල press කරලා toast කරල කන්නේ? හරි දැන් shadyගේ ප්‍රශ්නේ හැබැටම මොකක්ද නියම "toast පාන්" කියන්නේ, මොකක්ද එතකොට "roast පාන්" කියන්නේ කියල. අපේ එකාගේ හැටි දන්නවනේ ඉතින්, ඌ මොකද කලේ ප්‍රශ්නේ යකාට ගියාවේ කියල මිනිහගේ වැඩ කිඩ දාල හැදුවා පාන් පෙති ටිකක් අර රොටි තැටියෙන් පුච්චලා (පුච්චලා කිව්වේ තමා හරියටම roastද toastද කියල sure නැති හින්ද.) ඊට පස්සේ ඒ ටිකට දීල ඇරිය ආයේ bed crumb එකක්වත් ඉතිරි නොවෙන්න. අපායට ගියත් කාල පල කියන්නේ කට කහනවට නෙවෙයි ඕන්.



කාල බීල මිනිහ අයෙත් මේ ගැන හිතුව. ම්හ්ම් මොන? no solution තමා. ඊට පස්සේ බැරිම තැන මිනිහ ගියා google එකට. ගිහින් ගැහුවා toast bread කියල. මෙන්න බොලේ!!!!!! ලස්සනට pictures ටිකක් ආවේ නෑතෑ මේ ටිකකට කලින් මිනිහ කාපුව වගේ. shadyට මාර satis. ඇයි ඉතින් ගහපු ගමන් ආවනේ answer එක. බැලුවම අර හැදිච්ච ගමන් jump වෙන මැෂිමෙන් හදන්නෙත් toast පාන් ම තමයි.

Bread Toaster
Toast Bread
 හම්මේ. එකත් හරි but තාම shady පොඩ්ඩක් curious. එතකොට රෝස්ට්පාන් කියල දෙයක් පාන් වලින් හදන්න බැරිද? ඒක ලංකාවට එකදේශීය, පාන් පෝරණු වලින් විතරක් හදන එකක්ද? මිනිහ අයෙත් ගහල බැලුව "roast bread" කියල. හ්ම් බැලුවම toast bread ම තමා roast bread කියන්නෙත්. රෝස්ට්පාන් කියන්නේ ලංකාවට එකදේශීය ආහාරයක්. හ්ම් බලමුකෝ ඒකෙත් හැටි ඈ. තව එක පොඩි ප්‍රශ්නයි තියෙන්නේ. අර පාන් press කරන machine එක එතකොට? ඒකෙන් හදන්නේ මොනාද?

sandwich toast

sandwich toaster
ආහ් මේ තියෙන්නේ දිලිහි දිලිහි. ඒ machine එකට කියන්නේ sandwich toaster කියල. ඒකෙන් හදන්නේ toast පාන් නෙමෙයි, sandwich toast!

හප්පේ, roast පාන්...නෑ නෑ මං කිව්වේ TOAST පාන් කන එකත් ලේසි වැඩක් නෙමෙයි නේ බැලුවම! ඒකෙත් art එකක් තියෙනවා. ඒක ගැන වෙන දවසක බලමු




Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!