සඟවාගෙන කඳුළ රහසේ
වෙන්නම් පතිනිය ඔහුගේ
දෙමාපියනට රිසි සේ
සිහින පාවේලා සුළඟේ
කොහි ගියාදැයි ඇසුවේ
පතිනිය වෙන නිසා ඔහුගේ
හැර ගියා නුඹ රහසේ
නෙතග කඳුලැළි ඉනුවේ
ඇස් පියන් මත රැදුනේ
අවසර නැත හඬන්නට
ලොවට පෙනෙන්නට සිනාසේ
හදවතට දැනෙනා හැඟුමේ
අසරණයි මුව තුළ ගුලිවේ
ඔහුගේ වුනිද මා මෙලෙසේ
රකිමි ආදරයක් පණසේ
පියඹා යන කාලයේ
හමු වේවිද නොසිතු සේ
දුටුවොතින් ඔබ, මා ඉදිරියේ
මඟ හරින්නෙමි නොදුටු සේ
පතනෙමි අවසන මෙලෙසේ
මල් පිපියන් නුබේ විජිතයේ
හමුවෙමු දවසක නිදහසේ
මරණින් මතු ලෝකයේ
"පැන්ඩිට හිතුන දෙයක්නෙහ්"
මල් පිපියන් නුබේ විජිතයේ
හමුවෙමු දවසක නිදහසේ
මරණින් මතු ලෝකයේ
ලියන්න
පටන් ගත්ත blogs ගොඩාක් අතරමඟ නැවැතිලා තියෙද්දි වචන ඇමිණෙන්නේ කවි පද වලට විතරමයි.නිකමට හිතුණා, ආදරය කරන යුවතියක් තම ආදරයෙන් ඈත්වෙලා මවුපියන්ගේ බසට අවනත වෙනවිට ඇයට දැනෙන හැඟීම අකුරු කරන්න.අත්දැකීමක් නැතත් මම දන්නවා මෙවැනි
අවස්ථාවන් බොහෝමයක් සමාජය තුළ අහන්නට දකින්නට තියෙනවා කියලා.අවස්ථාව කොහොම කොයි විදියට සිදු වුනත් හැම බැඳිමක වේදනාවක් තියෙනවාමයි.