ඒ කොහොම වුනත් ඇමෙරිකාවේ වෙන දේවල් ගැන ඇහැගහන් ඉන්න ඕනේ කෙනෙක් දන්නවා ඔය වගේ සිද්දි එහේ විරල නෑ කියල. උන්ගේ 'ගිනි අවි භාවිතය පිලිබඳ නීති' එච්චර තද නැති නිසා ඕවා උනේ නැත්තන් තමයි පුදුමේ. ඉතින් මේක ගැනත් මොනාහරිම ලියන්න ඕනේ කියල හිතපු ශේඩිය පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරලා බැලුවා. එහෙම හොයාගෙන යද්දී තමයි මිනිහට විකිපීඩියාවේ ලිපියක් හමු වුණේ, 'ලෝකයේ එදා මෙදා තුර පාසැල් පාදක ප්රචණ්ඩ අපරාධ සිදුකළ අපරාධකරුවෝ' කියල. ඒකෙ සඳහන් වෙන විදියට,
- 1913 ජුනි 20වෙනිදා ඉඳල පහුගිය දෙසැම්බර් 14 දක්වා එවැනි අපරාධ 64ක් ලොව හතර වටින්ම වාර්තා වෙලා තියෙනවා.
- මින් සිද්දි 13ක් ජීවිත හානි වලින් තොරව නිම වෙලා.
- සිද්දි 37ක් මනුෂ්‍ය ඝාතන 10කට අඩුවෙන් සිද්ද වුණු අවස්ථා.
- සිද්දි 17ක් අමෙරිකාවෙන් වාර්තා වෙද්දී,
- සිද්දි 21ක් වාර්තා වෙනවා අපේ හිතමිත්‍ර චීනයෙන්.
මේ 64ගැනම ලියන්න නං ශේඩියගේ අදහසක් නෑ. නමුත් මේවායින් සැලකිය යුත් කිහිපයක් පිළිබඳව පමණක් පහත දැක්වෙනවා.