Nov 10, 2012

ගිනිගෙඩි, ගිනිබෝල සහ අකුණු


වැස්සයි ගෙරවිල්ලයි
මතක්කලා මට කතාවක්
මං පොඩිකාලේ
අපෙ ලොකු ආච්චි කිව්

ආච්චි තරුණ කාලේ
හිටියෙ මීපේ මහගෙදරලු
දවසක් දා
හැන්දෑවක
අකුණකුත් එක්ක
ගෙට ආවාලු මහා
ගිනිගෙඩියක්.....

ඇරල තිබුණ
දොරෙන් ඇවිත්
ආච්චි වාඩිවෙලා
හිටපු
පුටුව යටින්
විදුලි වේගෙන්
ගිහින්.....

කැබිනට් එකෙ
වීදුරු බිඳගෙන
නැවතුනාලු
වෑර්ලස් එක පුපුරවාගෙන!

මම නං ජීවිතේටම
ගිනිබෝලයක්
දැකල තියෙන්නෙ
එකපාරයි
ඒ අතින් අපෙ
ආච්චිලගේ තරුණකාලේ
කොච්චර වාසනාවන්තද?

ගිනිබෝල ගේ ඇතුලටම
ඇවිත්නේ.....


3 comments:

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!